මැඩගැස්කර් ඇමති ජීවිතය බේර ගන්න පැය 12ක් පීනයි | සිළුමිණ

මැඩගැස්කර් ඇමති ජීවිතය බේර ගන්න පැය 12ක් පීනයි

 

පසුගිය අඟහරුවාදා මැඩගැස්කර් හි පොලිසිය බාර ඇමතිවරයා ගමන් ගත් හෙලිකොප්ටර් යානය අනතුරට පත් විය. ඇමැති සර්ගෙ වෙල්ලෙ සහ තවත් දෙදෙනෙකුට පණ බේරා ගැනීමට වාසනාව හිමි විය. ඔවුහු එම වාසනාව ලද්දේ හෙලිකොප්ටර් යානය මුහුදට කඩා වැටීම හේතුවෙනි. එහෙත් පණ බේරාගත් තිදෙනා දිශා තුනකට පා වී යද්දී ඇමතිවරයා දිගින් දිගටම තම පණ බේරා ගැනීමට ගොඩබිම සොයමින් පිහිනා තිබේ. පසුව ඔහු ගොඩබිමක් වෙත ළඟා වන විට ඔහු පැය 12ක් පිහිනා තිබූ බව දැනගන්නට ලැබී තිබේ. මේ වන විට 57 හැවිරිදි වියේ පසුවන ඇමතිවරයාට සුළු තුවාල පමණක් පවතින බවත්, ඔහු දරුණු ශක්තිය පිරිහීමට ලක්ව සිටින බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ. කෙසේ වුවද ඇමතිවරයා පවසා ඇත්තේ තමා ඉතා වාසනාවන්ත බවයි.

 

Comments