මෙහෙ­මයි අ‍ෙප් පළාත නම් ලද්දේ | Page 4 | සිළුමිණ

මෙහෙ­මයි අ‍ෙප් පළාත නම් ලද්දේ

අප අයත් වන්නේ බස්නාහිර පළාතටයි. බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික් තුනකි. ඒ කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කය. ඒ දිස්ත්‍රික්කවල නම් සෑදී ඇත්තේ මෙලෙසිනි.

කොළඹ ප්‍රදේශය

අඹ යනු ලංකාවේ දැනට වසර 2500 කට එපිට ලක් ඉතිහාසයේ පවා සඳහන් පලතුරකි. අඹ විශේෂ ගණනාවක් තිබේ. ඒවායේ ස්වභාවය අනුව ඒවා විවිධ ලෙස වර්ග කෙරේ. ඉතා විශේෂ ප්‍රමාණයේ ගෙඩි හට නොගත් ‘කොළ අඹ’ නමින් හඳුන්වන අඹ ගසක් පිහිටීම නිසා අතීතයේ ‘කොළ අඹ ගස ප්‍රදේශය’ වී පසුව ‘කොළ අඹ’ නමින් ද වෙනස් වී කොළඹ ලෙස හඳුන්වන්ට වී ඇති බව පැරණි ඉතිහාස පොත්වල සඳහන් වෙයි.

ගම්පහ ප්‍රදේශය

අතීතයේ ගම්පහ ප්‍රදේශය හැඳින්වූයේ හෙනරත්ගොඩ නමිනි. එවකට හෙනරත්ගොඩ විශාල ප්‍රදේශයකි. පසුව එම ප්‍රදේශය පරිපාලනය පහසුව පිණිස ‘ඉහළගම, පහළගම, අලුත්ගම, පට්ටියගම හා මැදගම’ ලෙස ගම් 05 ක් වෙන් කරන ලදී. පැරණි ගම ගම් පහ වෙන්ව ගිය පසු මැදගම ලෙස නම් ලද ප්‍රදේශය ගම්පහ නගරය බවට පත් විය. පැරණි හෙනරත්ගොඩ දුම්රියපොළ හි ගොඩනැගිල්ල වර්තමානයේ ගම්පහ දුම්රිය ස්ථානයේ පසෙක සංරක්ෂණය කර තිබේ.

කළුතර ප්‍රදේශය

කළු ගඟ මුහුදට වැටෙන ස්ථානය හෙවත් කළු ගං මෝය පිහිටා ඇත්තේ කළුතරය. ‘කළු නදීතෙර’ යන්න පසු කාලයේ ‘කළුතර’ බවට පත්ව‍ූයේ යැයි එක් අදහසකි. කළුතර බෝධීන් වහන්සේ පිහිටි ගඟ අසල වූ පන්සලහි කාල වර්ණතර හිමිනමක් ව‍ූ අතර ඒ ඇසුරු කර ගනිමින් ‘කළුතර’ යන්න සෑදුණු බව තවත් ජනප්‍රවාදයකි. කෙසේ වෙතත් කළුතර රමණීය වුවත් ඓතිහාසික වූත් වැදගත් ප්‍රදේශයකි.

කේ. තාරුකි අංජු දිල්රුවනි

8 ශ්‍රේණිය ‘බී’,

බණ්ඩාරගම ජාතික පාසල,

බණ්ඩාරගම

Comments