සතුන් රැක­ග­නිමු | Page 3 | සිළුමිණ

සතුන් රැක­ග­නිමු

ඕස‍්ට්‍රේ­ලි­යාවේ ඇති වූ ළැව් ගිනි නිසා සතුන් මිලි­යන 480කට වැඩි ප්‍රමා­ණ­යක් මර­ණ­යට පත් වී ඇත. අප වගේම අහිං­සක සත්තුද ජීවත් වීමට ආසා කරති. මිහි­ත­ලය මත ජීවත් වීමට ඇති අයි­තිය මිනි­සුන්ට හා සතුන්ට එක සමා­නව ඇත.


සම­හර මිනි­සුන් කුරු­ල්ලන්, හාවුන් වැනි අහිං­සක සතුන් කූඩු­වල සිර කර සුර­ත­ල­යට ඇති කරයි. එයින් සතුන්ගේ නිද­හස අහිමි වේ. සත්තුද මිනි­සුන් මෙන් ඔවුන්ගේ වර්ගයා සමඟ නිද­හසේ ජීව­ත්වී­මට කැමැ­තියි. මේ නිසා සුර­ත­ල­යට සතුන් ඇති කිරී­මේදී ඔවුන්ට හිංසා­වක් නොවන ආකා­ර­යට කට­යුතු කළ යුතුය.

සම­හර නපුරු මිනිස්සු මස් සඳ­හාද, දත්, නිය, සම විකි­ණීම සඳහා කැලෑවේ ජීවත් වන කොටින්, මුවන්, ගෝණුන්, ඇතුන් මරා දමති. ඒ නිසා මිනි­සුන්ගේ ආර­ක්ෂාව හා සමා­න­වම සතුන්ගේ ආර­ක්ෂා­වද සැල­සීම අප සැමගේ යුතු­ක­මකි.

ඒ.බී‍. චතුමි සෙහෙන්සා
4 ශ්‍රේණිය ‘බී’,
යශෝ­ධරා දේවි බාලිකා
මහා විද්‍යා­ලය, ගම්පහ

----------

නිය­ඟය අව­සා­නයි

සාර මසක් ගෙවිලා දැන් අප ගමට
වහින බවක් නම් මට නැහැ පෙනෙ­න්නට
පොළොව ඉරි­තළා ගොස් දැන් උණු­සු­මට
තේරෙන්නේ නැද්ද මේ දුක දෙවි­යන්ට

ඉරු දෙය්යෝ අපිත් එක්ක උරණ වෙලා
තදට පායලා ගහ­කොළ දුඹුරු වෙලා
වැව් පොකු­ණුත් දැන් දැන් වේළී යනවා
වැස්ස වලා­හක දෙවියෝ තරහ වෙලා

එක දව­සක් මහා හඬින් හයි­යෙන් වැස්සා
වැව් පොකුණු වැසි දියෙන් පිරී­තිරි ගියා
ගස්වැල් හැම එකක් ම නව දළු දා වැඩුණා
නිය­ඟය අව­සන්ව පරි­ස­ර­යම හැඩ ව‍ූවා

එච්.එම්.ඩී.එස්. හේරත්
7 ශ්‍රේණිය,
කිංස්වුඩ් විදු­හල, මහ­නු­වර

Comments