සාගින්න හා ආහාර නාස්තිය | Page 4 | සිළුමිණ

සාගින්න හා ආහාර නාස්තිය

ඉවසිය නොහැකි ගින්න කුසගින්නයි. සියලු සත්ත්වයන්ට ජීවත් වීම සඳහා ආහාර අවශ්‍යය. සංවර්ධනයේ හිණිපෙත්තට ළඟා වූ ලෝකයේ රටවල් කුස ගින්නෙන් පෙළෙන්නන් ප්‍රමාණය සීමිත කොට ඇත. එනමුදු අදද ඇතැම් ප්‍රදේශවල ජනයා කුස ගින්නෙන් පෙළෙති. සමාජයේ ඇතැම් පිරිස් සුඛෝපභෝගි ජීවිත ගත කරති. එමෙන්ම ඇතැමෙක් කුස ගින්න නිවාගැනීමට තරම්වත් ආහාර නැතිව මිය යති.

තත්ත්වය එසේ තිබියදී ආපනශාලාවල, උත්සව අවස්ථාවල අනවශ්‍ය ලෙස ආහාර ඉවත දැමෙයි. එමෙන්ම ආහාර අධික ලෙස නිෂ්පාදනය කර කල් ඉකුත් වීමෙන් ඒවා ඉවත දැමීමද සිදු කෙරෙයි. ආහාර ඉවත දැමීම අවම කර, කුස ගින්නෙන් පෙළෙන පිරිසට ආහාර බෙදා දීමට හැකි නම් එය මහඟු සමාජ මෙහෙවරකි. එවැනි යහපත් චේතනාවන් ලෝවැසියන් අතර ඇති වේවා!

සීමානි ශශිප්‍රභා ජයලත් 
9 ශ්‍රේණිය, 
ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය, කෑගල්ල

Comments