
2020 වසර පිළිබඳ සැලකීමේ දී සුවිශේෂ ග්‍රහ මාරුවීම් කිහිපයක්ම පවතින වසරක් වේ. ග්‍රහ මඬුල්ලේ ප්‍රධානම ග්‍රහයන් හෙවත් වැඩි කාල සීමාවක් එක රාශියක සිටින ග්‍රහයන් 4 දෙනෙකුම මෙම වසරේ දී රාශි මාරු කරනු ඇත. සෙනසුරු 2020 ජනවාරි 24 දා ධනු රාශියේ සිට මකරයට ගමන් කරන අතර රාහු, කේතු සැප්තැම්බර් 23 දා වෘෂභ, වෘශ්චික රාශිවලට ගමන් කරයි. බ්‍රහස්පති මාර්තු 30 දා මකරයට සම්ප්‍රාප්ත වී ජුනි 30 දා යළිත් ධනුවට පැමිණෙයි. ඒ අතර නොවැම්බර් 20 දා මකර රාශියට දෙවැනි වරට ද පැමිණෙනු ඇත. එලෙසින් ගුරුගේ ගමන තෙවරක් රාශි මාරු කරන ස්වභාවයක් පවතී. ප්‍රධානම ග්‍රහයන් රාශි මාරු කිරීමේ දී එය රටට ලෝකයට බලපාන ආකාරය වෙනදාට වඩා වැඩිය. ලංකා කේන්ද්‍රය අනුව අප රට සෙනසුරුට අයත් රටකි.
සෙනසුරු කාල වර්ණය නියෝජනය කරන ග්‍රහයාය. අප ද කාල වර්ණය නියෝජනය කරන ජාතියකින් යුක්තය. මෙරටේ ලග්නය මනුෂ්‍ය රාශියක් වන කුම්භය ලෙස සැලකේ. ලෝකය පිළිබඳ සැලකීමේදී ගුණවත් බව සහ මිනිස්කම නියෝජනය කරන ජන කොටසක් වශයෙන් අප හඳුන්වන්නේ එම මිනිස් රාශියට අයත් රාශියක් ලග්නය වීම නිසාය. කෙසේ නමුත් පිළිගත්තත්, නොපිළිගත්තත් පන්සිල් පද රැකීම ප්‍රධාන ආගමික ඉලක්කයක් කොට සලකන මිනිස් වර්ගයා ජීවත් වන රටක් වන අපව හඳුන්වනනේ සැප සම්පත්වලටම සුඛෝපභෝගිත්වයටම නැඹුරු නොවූ සෙනසුරු ලග්නාධිපති වන රාශියක් අප රටට අයත් නිසාය.
එවැනි සෙනසුරුගේ බලය කාවැදුණ රාශියක්, අප රටට හිමි වන නිසා සෙනසුරු බලවත් ගමනක යෙදෙන ග්‍රහ චාරයක් ජනවාරි 24 දා යෙදෙන නිසා 2020 අප රටේ එක්තරා විදියක පරිවර්තනයක් සිදු වීමට අවකාශ ඇත. රටේ දේශපාලන පරිපාලනය සහ යම් යම් ඇවතුම් පැවතුම් මෙන්ම ක්‍රියා කලාප ද අමුතු රටාවක් ඇති කිරීමට සෙනසුරු ගමන බල පවත්වයි. මෙය රටට අහිතකර නොවේ. රටේ කිසියම් ප්රබෝධයක් නවෝදයක් ඇති විය හැකිය.
වයෝවෘද්ධත්වය නියෝජනය කරන සෙනසුරුගේ එම ග්‍රහ ගමනේ වේගය වයෝවෘද්ධ දේශපාලනඥයන්ගේ වුව ද රට කරවන්නන්ගේ වුව ද යම් යම් ඈත්මෑත් වීමක් සිදු වන බවට පෙර නිමිත්තකි. සෙනසරු බලවත් වීම ඉදිරි කාල සීමාව තුළ දී මෙරට අමුතු ආකාරයේ ප්රවර්ධනයක් ඇති වීමත්, තරුණ පෙළට වැඩි වටිනාකමක් ඇති වීමක් රටෙහි සංවර්ධනය ස්ථාපිත වීමක් මිනිසුන් වෙනදාට වඩා බුද්ධිමත් වීමක්, හොඳ තීරණ ගැනීමක් යන නිගමනයන්ට පත් වේ. හරියටම සැලකුවහොත් විශ්ව කේන්ද්‍රයේ කර්මස්ථානාධිපතියා එම රාශියේම ද විශ්ව කේන්දරයේ ධර්මස්ථානාධිපතියා එම රාශියේම ස්වක්ෂේත්‍ර බලයෙන් යුක්ත වසරක් නිසා ලෝකයේ වන වෙනස අප රටට ද බලපානු ඇත.
ලෝක දේශපාලනය අමුතුම මඟකට ගමන් කරයි. ශනි ගුරු බලවත් වීම හෙවත් තිරිහන් වීම මෙම වසරේ දී හරියටම සිදු වේ. එය සෙනසුරුගේ රටක් වන අපට ද බලපෑමක් වෙයි. ධර්ම කාරක වන බ්‍රහස්පති අප රටට අදාළ ආගම ධර්මය අවිහිංසනවාදය නියෝජනය කරන ගුරුටම අයත් ගති ලක්ෂණයන්ගෙන් යුක්ත නිසා එම ගුරු බලවත් වීමෙන් සෑම ක්ෂේත්රයකම ඇති ආගම ධර්මයට විකෘති බවට පත්ව ඇති ක්‍රමවේද ප්‍රකෘතිමත් බවට පත් වීමට මේ වසර හේතු සාධක වේ. ධර්ම කාරක ගුරු බලවත් ගමනක නියුක්ත වන හෙයිනි.
සමස්තයක් වශයෙන් ජනවාරි 24න් පසු ජනීජනයා අතර යහපත් වෙනසකට මඟ සලසන අතර එය වඩාත් හිතකර බවක් ඉන් ඉදිරියට ඇති කරයි. රටේ යම් යම් අර්බුද ප්‍රශ්න ගැටලු නැතිවා නොවේ.
ඒ ඒ ලග්නවලට ග්‍රහ ගමන පරිදි සිදු වන පලාපල මින් ඉදිරියට දැක්වේ.
සාමාන්‍යයෙන් ලග්න පලාපලවල දී අප භාවිත කරන ක්‍රමය සමස්තයක් වශයෙන් වැරදිය.
කෙනකුගේ ලග්න පලාපල විවරණයේ දී එකම පුද්ගලයාට ලග්න දෙකක් ඇතැයි යන උපකල්පනය යටතේ ලග්න පලාපල විමසිය යුතුව ඇත. එක් ලග්නයක් නම් උපන් වේලාව පරිදි උදා වන ලග්නයයි.
ඒ හා සමානවම වැඩි වටිනාකමක් ඇති තවත් ලග්නයක් ඇත. එනම් විඥානයට, මනසට කාරක වන චන්ද්‍රයා සිටින රාශිය ද ලග්නයක් ලෙස සැලකීමයි.
ජ්‍යොතිෂයේ ප්‍රධානම ඍෂිවරයකු සෙ සලකන පරාශර මහා ඍෂිවරයාටත් පෙර බිහි වූ භෝගාර් නමැති ඍෂිවරයා මෙම චන්ද්‍ර ලග්නය පරිදි ග්‍රහ ගමනේ පල විපාක ලග්නයටත් වඩා ප්‍රමුඛ ලෙස සැලකිය යුතු යැයි අවධාරණය කොට ඇති නිසා ඔබේ ලග්න පලාපලවල දී උපන් ලග්නය මෙන්ම චන්ද්‍ර ලග්නය පරිදි පලාපල විමසා එය මිශ්‍ර කොට පලාපල නිගමනය කළ යුතු වේ.
මේෂ
විදේශගත වී අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව
ලග්නාධිපති කුජ 8, බුධ 9, සිකුරු 10, ගුරු 9, ශනි 9, රාහු 3, කේතු 9 ගෝචරය වේ. එම පිහිටීම එතරම්ම ශුභදායක නොවේ.
ධනය: ධනය ලැබීම අතින් අයහපත් නොවේ. මිල මුදල් ලැබීම අතින් ශුභදායක වේ. මිල මුදල් සම්බන්ධ ලැබීම් උදෙසා සැලසුම් සකස් කර ගත හැකිය. එසේ වුවත් විටෙක වියදම් පක්ෂය ගැන සැලකිලිමත් විය යුතුයි. මිල මුදල් ලැබීමේ දී වියදම් කිරීමේ දී ද ප්‍රවේසම් වන්න. 2020.09.23න් පසු තැන්පත් ධනයට බාධා ඇති කළ හැකිය.
රැකියාව: කර්මස්ථානාධිපති සෙනසරු භාග්‍යස්ථානයේය. කේතු ද සමඟයි. භාග්‍ය ස්ථානාධිපති ගුරු නවයේය. ක්ෂේත්‍ර සිංහාසන යෝගයයි. එම පිහිටීම තුළ වෘත්තීය වශයෙන් අයහපත් නොවේ. අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබීමෙන් තමාගේ කටයුතු සාර්ථක වේ.
ගෘහ ජීවිතය: ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. සමඟය සාමයට එතරම් බාධා එල්ල නොවේ. එසේ වුවත් අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී තරමක් සැලකිලිමත් විය යුතුයි. විටෙක තමාගේ වැඩකටයුතුවල වෙනස්කම් ඇති වේ. 2020.09.23න් පසු රාහු කේතු මාරු වීමෙන් යුගදිවිය සම්බන්ධ යම් යම් ගැටලූ සහගත තත්ත්වයක් උදා විය හැකි නිසා ඉතා බුද්ධිමත්ව විමසිලිමත්ව ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් සමඟියට සාමයට බාධා ඇති කළ හැකිය. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ගමන් බිමන් ඇති වේ. ඒවා කෙටි ගමන්ය. ගමන්බිමන්වල දී තරමක් ප්‍රවේසම් විය යුතුයි. බොහෝ විට නිෂ්ඵල ගමන් වේ. ඒ සම්බන්ධ වියදම් ඇති වේ. සමාජීය කටයුතුවලදී කල්පනාකාරීව ක්‍රියා කරන්න.
අධ්‍යාපනය: විද්‍යා කාරක බුධ දහවැන්නේ සිකරු, ගුරු සමඟ සිටිමින් වර්ෂය ආරම්භ වේ. ශනි, කේතු උසස් අධ්‍යාපන ස්ථානයේය. ඉගෙනීමේ කටයුතුවල දී අලුත් විෂය කෙරෙහි අවධානය යොමු වේ. සිය උත්සාහය සහ කැපවීමෙන්ළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. එසේම වඩාත් උත්සාහ ගන්නේ නම් විදේශ ගත වී කටයුතු කිරීමේ අවස්ථා ද ලබා ගත හැකිය. ආගමික අංශයට නැඹුරු වී ක්‍රියා කළ හැකිය.
සෞඛ්‍යය: රෝගස්ථානාධිපති බුධ ගරු සිකුරු සමඟ කර්මස්ථානයේ සිටී. ශනි, කේතු නවයේය. ස්නායු, නහරගත පීඩා, ලේ දූෂ්යාබාධයන්, වැටීම්, තැළීම්, තුවාල යනාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- රතු, කහ, දිනය- බ්‍රහස්පතින්දා, අංක- 09, 03
වෘෂභ
වෘත්තීය සහ රැකියා අංශවල දී දැනට වඩා වාසිදායක වෙයි
ලග්නාධිපති සිකුරු භාග්යස්ථානෙය් ද, බුධ, ගුරු, ශනි, රවි, කේතු 8, රාහු 2,
කුජ 7 ගමන් කරමින් සිටිය දී වර්ෂය ආරම්භ වේ.
ධනය: ධනස්ථානාධිපති බුධ 9 ය. අය භාවාධිපති ගුරු සමඟයි. යෝගකාරක ශනි 8 ද, 2020.01.24 සිට ශනි නවවැන්නේ ද ගෝචරය වේ. එම පිහිටීම් තුළ ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. විවිධ ක්ෂේත්රයන්ට යොමු වීමෙන් ආදායම් මාර්ග පාදාගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. වාසිදායක තත්ත්වයක් උදා කරගත හැකිය. කෙසේ වුවත් රාහු දෙවැන්නේ 2020.09.23 දක්වා ගමන් කිරීම තුළ විටෙක ධන නාස්ති වීම්, මුදල් වියදම් අධික වීම්වලට ඉඩ පවතින නිසා මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේසම් වන්න.
රැකියාව: කර්මස්ථානාධිපති සෙනසුරු 8, රවි, කේතු සමඟයි. 2020.01.24 සිට ශනි 9 වැන්නේය. එම පිහිටීම තුළ වෘත්තීය සහ රැකියා අංශවල දී දැනට වඩා වාසිදායක වේ. ක්‍රම ක්‍රමයෙන් වෘත්තීය දියුණුවක් ද අභිවෘද්ධියක් ද ලබිය. 2020.06.30 සිට මේ සම්බන්ධයෙන් වඩාත් ශුභදායක වේ. අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබීමෙන් තමාගේ කටයුතු සාර්ථක කරගනී. කෙසේ වුවත් 2020.11.20 සිට ගුරුගේ මාරුවීම සමඟ තරමක් කල්පනාකාරීව තම කටයුතුවල නියුක්ත වන්න.
ගෘහ ජීවිතය: රාහු කුටුම්භස්ථානයේ 2020.09.20 තෙක් ගමන් කරයි. කේතු 8ය. එම පිහිටීම් තුළ යුගදිවිය සම්බන්ධයෙන් තරමක් කල්පනාකාරී විය යුතුයි. වචන පාවිච්චියේ දී සැලකිලිමත් වන්න. දරුවන්ගේ කටයුතු නම් කිසියම් දියුණුවක් ඇති වේ. කෙසේ වුවත් 2020.11.20 සිට ඉදිරියට තරමක් ප්‍රවේසම් සහිත විය යුතුයි. කරගෙන යන කටයුතුවල වෙනස්කම් ඇති කරයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. පර්යේෂණ කටයුතු උදෙසා යහපත්ය. උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. විදේශගත වී කටයුතු කිරීමේ අවස්ථා උදා කරගත හැකිය. ආගමික අංශයන්ට නතු වී ක්‍රියා කරයි. එයින් සහනයක් ද සැනසීමක් ද ලබයි.
සෞඛ්‍යය: මුත්‍ර දෝෂ, ඇස්වල දුර්වලතා, මූත්‍රාශය ආශ්‍රිත පීඩා, ලේ දූෂ්‍යාබාධ, ස්නායු දුර්වලතාවලට ඉඩ පවතී.
ජය වර්ණය- නිල්, අංකය-- 06, දිනය- සිකුරාදා
මිථුන
ආර්ථික තත්ත්වය, ධන තත්ත්වය ශක්තිමත්
ලග්නාධිපති බුධ, ගුරු 7 ද රාහු ලග්නයේ ද, ශනි, රවි, කේතු 7 ද කුජ 6 ද චන්ද්‍රයා 9 ද ගෝචරය වේ. සිකුරු 8 ගමන් කරයි.
ධනය: ධනස්ථානාධිපති සඳු භාග්යස්ථානෙය් ද, අය භාවාධිපති අඟහරු 6 වැන්නේ ස්වක්ෂේත්රව ද යෝගකාරක සිකරු 8 විමල යෝගයෙන් ද ශනි 7 දිග්බලයෙන් ද සිටී. එම පිහිටීම් තුළ ආර්ථික තත්ත්වය, ධන ත්ත්වය ශක්තිමත් එකක් වනු ඇත. කෙසේ වුවත් 2020.11.20න් පසුව දැනට වඩා ශුභදායක ආර්ථික තත්ත්වයක් උදා වනු ඇත.
රැකියාව: කර්මස්ථානධිපති ගුරු 8 බුධ සිකුරු සමඟයි. චන්ද්‍රයාට දහයේ කුජ ස්වක්ෂේත්‍රයි. එම පිහිටීම් තුළ වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් යම් යම් බාධා අවහිරතා ඉස්මතු විය හැකි නිසා කල්පනාකාරීව ක්‍රියා කරන්න. 2020.11.20 න් පසුව දැනට වඩා ශුභදායක තත්ත්වයක් උදා වේ. විදේශගතවීම්වලට ඉඩ සලසා ගත හැකිය.
ගෘහ ජීවිතය: යම් යම් බාධා අවහිරතා ඇතත් කාලයක් තිස්සේ පැවැති වැඩකටයුතු කිහිපයක් නැවත ආරම්භ කරයි. යුග දිවිය සම්බන්ධයෙන් අයහපත් නොවේ. සමඟිය සාමය සුරක්ෂිත කරගනු ඇත. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වනු ඇත. විටෙක ඒ සම්බන්ධයෙන් බාධා අවහිරතා නැත්තේ ද නොවේ.
ඉඩකඩම් දේපළ සම්බන්ධ කටයුතුවල දී තරමක් කල්පනාකාරී වන්න. විටෙක බාධා අවහිරතාවට ඉඩ පවතින බැවිනි. විවාහය සම්බන්ධ කටයුතුවල දී 2020.11.20න් පසු යහපත් වනු ඇත. ආගමික ධර්මයට වැඩි නැඹුරුවක් පෙන්වයි. ඒ සම්බන්ධ කෙටි ගමන් බිමන් ඇති කරයි. එසේම ගුප්ත ශාස්ත්‍රිය කටයුතුවලට ශුභයි.
අධ්‍යාපනය: විද්‍යා ස්ථානාධිපති සිකුරු විද්‍යාකාරක බුධ අට වැන්නේය. ගරු සමඟයි. එම පිහිටීම සිකුරුගේ බුධ අන්තරය ගත කරන අයට ද, බුධගේ සිකුරු අන්තරය ගත කරන අයට ද ශුභදායකයි. වාණිජ ක්ෂේත්‍ර, නීතිමය අංශයන්ට අදාළ විෂය වඩාත් සාර්ථක කර ගත හැකිය.
සෞඛ්‍යය: රෝගස්ථානාධිපති කුජ ස්වක්ෂේත්‍රයි. බඩගින්න වැඩි වේ.
ආහාර රුචිය ඇති වේ. කෙසේ වුවත් සැඟවූ රෝග ඉස්මතු කළ හැකිය.
උෂ්ණාධික රෝග, බඩවැල් ආශ්‍රිත රෝගාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
කටක
ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළට
ලග්නාධිපති සඳු 8 ද, යෝගකාරක කුජ 5 ද, ශනි, කේතු, රවි. බුධ, ගුරු 6 ද, සිකුරු 7 ද, රාහු 12 ද ගෝචරය වේ.
ධනය: ධනස්ථානාධිපති රවි 6 ද, අය භාවාධිපති සිකුරු, ගරු 7 ද, කුජ 5, ශනි 6 සරල යෝගයෙන් ද සිටි. එම පිහිටීම ගැන සැලකීමේ දී ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. විවිධ ක්ෂේත්රයන්ට යොමු වීමෙන් ආදායම් මාර්ග උපයා ගත හැකිය. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න.
රැකියාව: කර්මස්ථානාධිපති කුජ පූර්ව පුණ්‍යස්ථානයේය. චන්ද’යාගේ දහයේ කුජ දිග්බලයි. එම පිහිටීම තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු සම්බන්ධයෙන් කිසියම් අන්දමක ශුභදායක තත්ත්වයක් පෙන්වයි. වෘත්තීය සම්බන්ධයෙන් විදේශගත වීමට ඉඩ සලසා ගත හැකිය. 2020.11.20 සිට ඉදිරියට වෘත්තීය සම්බන්ධයෙන් වඩාත් ශුභදායක වේ.
ගෘහ ජීවිතය: මංගල භාවාධිපති ශනි 2020.01.24 සිට දිග්බලව මංගල භාවයට පැමිණෙයි. යුග දිවිය ගත කිරීමේ දී යම් බාධා සහ අවහිරතා ඉස්මතු කළ ද සිය උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් උදා කර ගත හැකිය.
දරුවන්ගේ කටයුතු උදෙසා විටෙක කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු යහපත්ය. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. ඉඩම් දේපළ විභාග කටයුතු සම්බන්ධයෙන් කිසියම් සාර්ථක ප්‍රවණතාවක් උදා කරයි.
අධ්‍යාපනය: විද්‍යා ස්ථානාධිපති කුජ එහිම ස්වක්ෂේත්‍රයි. උසස් අධ්‍යාපන භාවාධිපති ගුරු 7 සිටි. විද්‍යා කාරක බුධ සමඟයි. නීතිමය ක්ෂේත්‍ර, වාණිජ සහ ආර්ථික විද්‍යා අංශ අලෙවිකරණය වැනි විෂයයන්ට අදාළව සාර්ථක දියුණුවක් ලබයි.
සෞඛ්‍යය: රෝගස්ථානාධිපති ගුරු 7, ශනි, කේතු, රවි 6 සිටීමෙන් තමාගේ ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් ඉතා කල්පනාකාරී විය යුතුයි. විටෙක සංකීර්ණ රෝගාදියට ඉඩ පවතී.
ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා
සිංහ
උත්සාහයෙන් ප්‍රතිඵල ලැබෙන වසරක්
ලග්නාධිපති රවි, ශනි, කේතු 5 වැන්නේ ද බුධ, ගුරු 5, සිකුරු 6, චන්ද්‍රයා 7 , රාහු 11 සිටිය දී වර්ෂය ආරම්භ වේ.
ධනය: ධනස්ථානාධිපති අයස්ථානාධිපති බුධ 5 ද, කුජ 4 ගමන්ගනී. මිල මුදල් අධික ලෙස වියදම් වනු ඇත. ලාභ අඩු වේ. තමාගේ දූ දරුවන් වෙනුවෙන් වැඩිපුර වියදම් කිරීමට සිදු වේ. කෙසේ වුවත් 2020.03.29 සිට ඉදිරියට ව්‍යාපාරික කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරයි. ලාභ ප්‍රයෝජන වැඩි කරයි.
රැකියාව: කර්මස්ථානාධිපති සිකුරු හය වැන්නේ සිටි. චන්ද්‍රයාට දහයේ අඟහරු දිග්බලයි. ස්ථාන පිළිබඳ හෝ රැකියා කටයුතුවල වෙනස්කම් ඇති කළ හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න. කෙසේ වුවත් උත්සාහයේ ප්‍රතිඵල ලැබිය හැකි වසරකි. කෘෂි රසායන අංශවල කටයුතු කරන අයට යහපත්ය.
ගෘහ ජීවිතය: ගෘහ ජීවිතයේ සැප පහසුව ලැබෙන කාලයකි. මිත්‍රයන් සමඟ කරන කටයුතු යහපත්ය. කෙසේ වුවත් ආවේගශීලී ගති, කේන්ති යෑම්වලට ඉඩ පවතී. එසේ වුවත් තම ස්වාමි පුරුෂයාට භාර්වායට රෝගී තත්ත්වයන් උදා කළ හැකිය. විටෙක යුග දිවියේ දී අනපේක්ෂිත ලෙස අවුල් සහගත තත්ත්වයක් උදා කළ හැකිය. දරුවන්ගේ කටයුතු කෙරෙහි තරමක් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ඇති කරයි. වැඩිහිටි විරෝධතා එල්ල විය හැකිය. ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. කෙසේ වුවත් සැප පහසුවට ඉඩ ලැබේ. නිදි සුවය ලැබේ. ප්‍රීතිමත් කෙටි ගමන් බිමන්වලට ඉඩ පවතී.
අධ්‍යාපනය: පර්යේෂණ කටයුතු මෙන්ම ගුප්ත ශාස්ත්‍රීය කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය. සිය උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ඉගෙනීමක්, අධ්‍යාපනයක් ලබයි. කෘෂිකාර්මික අංශ, රසායන විද්‍යා අංශවල නියුක්ත අයට වඩාත් ශුභයි.
සෞඛ්‍යය: රෝගස්ථානාධිපති ශනි 5 වැන්නේය. එහෙත් 2020.01.24 සිට හය වැන්නට පැමිණේ. අනතුරු පීඩා, තුවාල, වැටීම්, තැළීම් යනාදියෙන් ප්‍රවේසම් විය යුතුයි. උෂ්ණාධික රෝග, උදරාශ්‍රිත පීඩා ලේ දූෂ්‍යාබාධ යනාදියෙන් ද ප්‍රවේසම් වන්න
ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා
කන්‍යා
ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ
ලග්නාධිපති බුධ, ශනි, කේතු, රවි, ගරු 4 ය. කුජ 3, සිකුරු 5, සඳු 6, රාහු 10 සිටිය දී වර්ෂය ආරම්භ වේ.
ධනය: ධනස්ථානාධිපති සිකුරු 5 අය භාවාධිපති සඳු 6 සිටිය දී වර්ෂය ආරම්භ වේ. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විටෙක අනපේක්ෂිත ලාභ ප්රයෝජනවලට ඉඩ පවතී. ලොතරැයි වැනි දේවලින් ප්‍රතිඵලදායක තත්ත්වයක් ලබයි.
රැකියාව: කර්මස්ථානාධිපති බුධ 4, ගුරු සමඟයි. වෘත්තීය සහ රැකියා අංශවල තම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වන කාලයක් වේ. රැකියා දියුණුව ලබයි. අන්‍යයන්ගේ සහයෝගය ආධාරය උපකාරය ලැබීම තුළ තමාගේ කටයුතු එක්තරා මට්ටමකට සාර්ථක වේ. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතුවලට යහපත්ය. වැදගත් කටයුතුවලට අවතීර්ණ වීමට යහපත්ය.
ගෘහ ජීවිතය: ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල කිසියම් සාර්ථක බවක් පෙන්නුම් කුළ ද විටින් විට තරමක අවුල් ස්වභාවයක් ඇති කළ හැකි නිසා ඉතාම ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. ඒ තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැකිය. දූ දරුවන්ගේ කටයුතුවල කිසියම් සාර්ථක බවක් පෙන්නුව ද විටෙක යම් යම් පසුබෑම්වලට ඉඩ පවතී. කෙසේ වුවත් අලංකාර වස්තු ලැබේ. අන්‍යයන්ගේ ප්‍රශංසා, හොඳ නාම ලබයි. ශරීර සැප පහසුව ද ඇති වේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. සමාජයේ තමාගේ තත්ත්වය ඉහළ යයි. වෘත්තීය සහ රැකියා අංශවල මෙන්ම වෙනත් කටයුතු උදෙසා ද කෙටි ගමන් බිමන් අධිකයි. ආගමික අංශයට වැඩි නැඹුරුවක් උදා කරයි.
අධ්‍යාපනය: අලුත් විෂය කෙරෙහි අවධානය යොමු වේ. සිය උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. වඩාත් උනන්දු වන්නේ නම් විදේශගත වී කටයුතු කිරීමේ අවස්ථා උදා කර ගත හැකිය. ශිෂ්‍යත්ව වැනි දේවලට ශුභයි.
සෞඛ්‍යය: කෙසේ වුවත් තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තරමක් ප්‍රවේසම් වන්න. රුධිර පීඩනය, හෘදගත පීඩා, ස්නායු, නහර සම්බන්ධ දුර්වලතා උදරාශ්‍රිත පීඩාදියෙන් ප්‍රවේසම් වන්න. විශේෂයෙන්ම ලේ දූෂ්යාබාධවලින් ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
තුලා
මිල මුදල් කටයුතු කල්පනාවෙන්
ලග්නාධිපති සිකුරු 4 වැන්නේ දිග්බලයෙන් ද කුජ, දෙවැන්නේ ද, ශනි, කේතු, ගුරු, බුධ, රවි 3 ද, සඳු 5, රාහු 9 ගමන් කරමින් සිටිය දී වර්ෂය ආරම්භ වේ.
ධනය: ධනස්ථානාධිපති කුජ එහිම ස්වක්ෂේත්‍රයි. යෝගකාරක සිකරු ජනවාරි 26 සිට 4ට පැමිණේ. එම පිහිටීම ආර්ථික වශයෙන් අයහපත් නොවේ. විවිධ අංශයන්ට යොමු වීමෙන් වාසි සහගත තත්ත්වයක් උදා කර ගත හැකිය. එහෙත් විටෙක ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යන නිසා විටෙක මිල මුදල් කටයුතු සම්බන්ධයෙන් කල්පනාකාරී වන්න.
රැකියාව: කර්මස්ථානාධිපති චන්ද්‍රයා 5 වැන්නේය. තම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වීමට බාධා ඇති වේ. ව්‍යාපාරික ක්ෂේත්රවල යෙදී සිටින අයට බාධා අවහිරතා මධ්‍යයේ තම කටයුතු කිරීමට සිදු වේ. විටෙක උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබීම අසීරුයි. තම තත්ත්වයේ සිටි තැනින් පහත වැටීම් පෙන්වයි. ඉතාමත් බුද්ධිමත්ව ද කල්පනාවෙන් ද තම කටයුතු කළ යුතුයි. වෘත්තීය සහ රැකියා වෙනස්කම්වලට ඉඩ පවතී.
ගෘහ ජීවිතය: ගෙදරදොර කටයුතුවලදී ද යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ද තරමක් කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි අතරම සමගිය සාමයට තරමක් බාධා එල්ල වේ. එසේම විටෙක නින්දා අපහාස චෝදනාවලට ඉඩ පවතී. තමාට නොගැළපෙන කටයුතුවල නොයෙදෙන්න. එසේම තමාට නොගැළනෙ අය සමග ආශ්‍රයට යාමෙන් ද වළකින්න. දරුවන්ගේ කටයුතුවල කිසියම් සාර්ථක බවක් ලබයි. දියුණුවක් ගෙන දේ. ආගමික අංශවලට නැඹුරුව ක්‍රියා කරයි. සහෝදර සහෝදරියන්ගෙන් යම් යම් අන්දමේ කරදරකාරී තත්ත්වයන් ඇති විය හැක.
අධ්‍යාපනය: ඉගෙනීමේ නියුක්ත අයට ශුභයි. වාණිජ අංශ, ආර්ථික විද්‍යා ක්ෂේත්‍ර, සන්නිවේදන කෂේත්‍රවල නියුක්ත අයට වඩාත් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.
සෞඛ්‍යය: තමාගේ ශරීර සෞඛ්‍යය ගැන කල්පනාකාරීව ිය යුතුයි. උගුර, බෙල්ල ආශ්‍රිත පීඩා, ඇස්වල දුර්වලතා, ලේ දූෂ්‍යාබාධ, උෂ්ණාධික රෝග, මුත්‍රා දෝෂ ආදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
වෘශ්චික
රැකියා ව්‍යාපාරවල ප්‍රගතියක්
ලග්නාධිපති කුජ ලග්නයේ ස්වක්ෂේත්රව ද ශනි, කේතු, රවි, ගුරු, බුධ 2 ද, සිකුරු 3, සඳු දිග්බලව 4 ද, රාහු 8 ගෝචරය වෙමින් සිටිය දී වර්ෂය ආරම්භ වේ.
ධනය: ගුරු ධනස්ථානයේය. අය භාවාධිපති බුධ සමඟයි. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. එහෙත් මාර්තු 30 සිට ගුරුගේ වෙනස්වීම තුළ මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී තරමක් බුද්ධිමත් විය යුතුයි. නොඑසේ නම් ණය වීමට ද ඉඩ පවතී.
රැකියාව: කර්මස්ථානාධිපති රවි දෙවැන්නේය. එම පිහිටීම තුළ වෘත්තීය සහ රැකියා අංශවල දී සුළු බාධා අවහිරතා ඉස්මතු වුවත් සිය උත්සාහය සහ කැපවීමෙන් කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැකිය.
වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ද බාධා ඇතත් උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. විදේශ සම්බන්ධතා මත කරන කටයුතුවලට යහපත්ය.
ගෘහ ජීවිතය: උත්සවවලට සහභාගි වේ. රසවත් කෑම බීම සංග්‍රහ ලැබීමට ශුභයි. උත්සව පැවැත්වීමට පුළුවන. ගෙදරදොර කටයුතුවල දී සුළු බාධා අවහිරතා ඇතත් කිසියම් සාර්ථක බවක් ඇති වේ.
රජයේ නිලධාරීන්ගේ සහයෝගය ලබාගනී. යහළු මිත්‍රයන් තමාව සොයාගෙන පැමිණේ. තම තත්ත්වයෙහි කිසියම් සාර්ථක බවක් උදා කරයි. චන්ද්‍රයා 8 උත්පත්තියේ සිටි අයට නම් තරමක් අයහපත් තත්ත්වයක් උදා කළ හැකි නිසා සෑම විටම ඉවසීමෙන් ක්‍රියා කරන්න. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් ගෙන දේ.
රැකියා ව්‍යාපාරවල දී කිසියම් ප්‍රගතියක් උදා කරගත හැකිය. පවුලේ පිරිස වැඩිවනු ඇත. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ඇති වේ.
අධ්‍යාපනය: අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂය කෙරෙහි අවධානයෙන් කටයුතුවල යෙදීමට ඉඩ සැලසේ. රසායනික අංශ, නීතිමය අංශ, මූල්‍යමය අංශවලට අදාළ විෂයයන්ගෙන් සාර්ථක පල ලැබිය හැකිය.
සෞඛ්‍යය: ශරීර සෞඛ්‍යය ගැන තරමක් ප්‍රවේසම් විය යුතුයි. උෂ්ණාධික රෝග, ස්නායු නහර දුර්වලතා, ලේ දූෂ්‍යාබාධ වැටීම් තැළීම් යනාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා
ධනු
මිල මුදල් ලැබෙයි
ලග්නාධිපති ගුරු සස යෝගයෙන් ද ශනි, කේතු, රවි, බුධ සමඟ ලග්නයේය. සිකුරු 2, කුජ 12, සඳු 3, රාහු 7 ගමන් කරමින් සිටිය දී වර්ෂය ආරම්භ වේ.
ධනය: මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. විවිධ අංශවලට යොමුවීමෙන් ආර්ථික වාසි ලබාගනී. මිල මුදල් ලැබීම යහපත් වුවත් මුදල් නාස්තිවීම, වියදම් අධිකවීම යනාදියට ඉඩ පවතින නිසා මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී තරමක් කල්පනාකාරී විය යුතුයි.
රැකියාව: කර්මස්ථානාධිපති බුධ ගුරු ලග්නයේය. වෘත්තීය සහ රැකියා අංශවල දී සිය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. තමාගේ කටයුතුවලට අන්‍යයන්ගේ සහයෝගය ද ලැබෙනු ඇත. වෙළෙඳාමේ යෙදී සිටින අයට විවිධ අංශයන්ට යොමු වීමෙන් කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත.
ගෘහ ජීවිතය: ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු 2020.-01.24 සිට තරමක් ආකූලතා ඉස්මතු කළ හැකි බැවින් යුග දිවිය සම්බන්ධ කටයුතුවලදී තරමක් කල්පනාකාරී වන්න. නොඑසේ නම් විටින් විට සමඟියට සාමයට බාධා එල්ල වනු ඇත. කෙසේ වුවත් විටින් විට සතුරු කරදර බාධාවලට ඉඩ පවතින නිසා කල්පනාකාරී විය යුතුයි. විටෙක ගෙදරදොර කටයුතු උදෙසා කිසිම වැඩකට නැති දේවලට මුදල් නාස්ති වේ. කෙරීගෙන ගිය වැඩකටයුතුවල කිසියම් හෝ වෙනස්කම් ඇති වීමේ ඉඩක් ද පවතී. විටෙක නොගැළපෙන කතා, නොගැළපෙන කටයුතු ඇති කරයි. වෙහෙස ඇති ගමන් යෑමට සිද්ධ වේ.
අධ්‍යාපනය: ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට යම් යම් බාධා අවහිරතාවලට මුහුණ පෑමට සිදු වන නිසා අධ්‍යාපන කටයුතුවල දී ඇතැම් විට පසුබෑම්වලට ලක් වීමේ ඉඩක් පවතී. එම නිසා ඉතාම උනන්දුවෙන්, කැපවීමෙන් යුක්තව තමාගේ කටයුතුවල නියුක්ත විය යුතුයි. තමාගේ උත්සාහය කැපවීමෙන් පමණක් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.
සෞඛ්‍යය: ස්නායු, නහර දුර්වලතා, බඩවැල් ආශ්‍රිත රෝග, මුත්‍ර දෝෂ, ඇස්වල දුර්වලතා ඇති කළ හැකිය.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා
මකර
ශාස්ත්‍රීය කටයුතුවල යෙදී සිටින අයට වඩාත් යහපත්
යෝගකාරක සිකුරු ලග්නයේ ද, සඳු දෙවැන්නේ ද, රාහු 6, කුජ 11, ශනි, කේතු, රවි, බුධ, ගුරු 12 ද ගෝචරය වෙමින් සිටිය දී වර්ෂය ආරම්භ වේ.
ධනය: මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. විටෙක අනපේක්ෂිත ලෙස මුදල් ලැබීමේ ඉඩක් ද පවතී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ලාභ ප්‍රයෝජන ලැබිය හැකිය. කෙසේ වුවත් ආගමික අංශයට නැඹුරුවක් පෙන්වීමෙන් වියදම් පක්ෂය ඒ සඳහා යොමු වන නිසා කල්පනාකාරී වන්න.
රැකියාව: යෝගකාරක සිකුරු ලග්නයේ ය. වෘත්තීය සහ රැකියා අංශවල කිසියම් අන්දමක දියුණුවක් ලබයි. අන්‍යයන්ගේ සහාය උපකාරය ලැබීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. මුදල් ආයෝජනයට ඉඩ සැලසේ. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත්ය. ශාස්ත්‍රීය කටයුතුවල යෙදී සිටින අයට වඩාත් සාර්ථක ප්‍රතිඵලයක් උදා වේ.
ගෘහ ජීවිතය: ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵල ලැබේ. සමඟය සාමයට බාධා එල්ල නොවේ. ගෙදරට අවශ්‍ය බොහෝ දේවල් වැඩි අපහසුතාවකින් තොරව ලැබේ. ඉඩම් නිවාස යානවාහනාදී කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කර ගනී. සිතට මෙන්ම කයට ද සහනයක් ලැබේ. මොනයම් ක්‍රමයකින් හෝ සිත් සතුටට කරුණූ යෙදේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ඇති වේ. විවාහයට සුදුසු වයසේ පසු වන අයට සුදුසු මංගල යෝජනා ඉදිරිපත් වේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ද උදා වේ. ඔවුන්ගේ දියුණුව ලබයි. ආගමික අංශයට වැඩිනැඹුරුවක් දක්වයි. ඒ තුළ සහනයක් ද සැනසීමක් ද ලබයි.
අධ්‍යාපනය: අධ්‍යාපන කටයුතුවල නියුක්ත අයට සිය උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. ගුප්ත ශාස්ත්‍රීය කටයුතුවල, පර්යේෂණ අංශවල යෙදී සිටින අයට ශුභයි.
සෞඛ්‍යය: ශරීර සෞඛ්‍යය ගැන තරමක් ප්‍රවේසම් විය යුතුයි. රුධිර පීඩනය, උෂ්ණාධික රෝග, නහර දුර්වලතාවලට ඉඩ පවතී.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙනසුරාදා
කුම්භ
ඉඩම් නිවාස යානවාහන ගනුදෙනුවලින් වාසි
ලග්නාධිපති ශනි, කේතු, රවි, ගුරු, බුධ අයස්ථානයේය. සිකුරු 12, සඳු ලග්නයේ, කුජ දිග්බලව 10, රාහු 5 ගෝචරය වෙමින් සිටිය දී වර්ෂය ආරම්භ වේ.
ධනය: ධනස්ථානාධිපති, අය භාවාධිපති, ධන කාරක ගරු 11 ද, ගමන් කරන නිසා ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආර්ථික වශයෙන් ශුභදායක වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට විවිධ අංශයන්ට යොමු වීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.
රැකියාව: කර්මස්ථානාධිපති කුජ දිග්බලයෙන් 10 වැන්නේම සිටී. සිය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. අන්‍යයන්ගේ සහයෝගය සහ උපකාරය ලැබීමෙන් තමාගේ කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථක වනු ඇත. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත් වේ.
ගෘහ ජීවිතය: ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වුවත් වැඩකටයුතු අධික වීම නිසා ගතට සිතට වෙහෙස මහන්සියක් දැනෙනු ඇත. කෙසේ වුවත් කිසියම් අන්දමක සාමය සතුට රඳවා ගත හැකි වර්ෂයක් වේ. නිවසට අවශය භාණ්ඩ කිහිපයක්ම ගත හැකි අතර අලංකාර වස්ත්‍ර ලැබීම ද පෙන්වයි. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ලබා දේ. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත් වේ. ඉඩම් නිවාස යානවාහනාදිය සම්බන්ධ කටයුතු යහපත්ය.
අධ්‍යාපනය: ඉගෙනීමේ කටයුතුවල දී සිය උත්සාහය හා කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. තාක්ෂණික අංශයන්වල යෙදී සිටින අයට යහපත්ය.
සෞඛ්‍යය: උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, උදරාශ්‍රිත රෝගාදියෙන් ද ප්‍රවේසම් වන්න. තුවාල පීඩාවලට ඉඩ පවතී.
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා
මීන
ගෙදරදොර අලුත්වැඩියාවට ඉඩ සැලසෙයි
ලග්නාධිපති ගුරු 10 ශනි, කේතු, රවි, බුධ සමග අහස් මුදුන් රාශියේය. රාහු 4, සිකරු 11, සඳු, කුජ 9 සිටීම තුළ වර්ෂය ආරම්භ වේ.
ධනය: ධනස්ථානාධිපති කුජ 9 ස්වක්ෂේත්‍රයි. එම ග්‍රහ පිහිටීම තුළ ආර්ථික වශයෙන් එතරම් ශුභදායක නොවේ. 2020.03.30 සිට 2020.06.30 දක්වා කාල සීමාව තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ආර්ථික වශයෙන් ලැබුණ ද 2020.06.30 සිට 2020.11.20 දක්වා කාලය තුළ ආර්ථික වශයෙන් ශුභදායක නොවේ. ඉන් පසුව යහපත් වේ.
රැකියාව: කර්මස්ථානාධිපති ගුරු එහිම ස්වක්ෂේත්‍ර වීමෙන් සිය උත්සාහය සහ කැපවීමෙන් වෘත්තීය සහ රැකියා අංශවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරයි. අන්‍යයන්ගේ සහයෝගය කිසියම් මට්ටමකට ඇතත් සිය කැපවීමෙන් පමණක් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත්ය.
ගෘහ ජීවිතය: ගෙදරදොර කටයුවල දී යම් යම් බාධා අවහිරතා ගැටලූකාරී තත්ත්වයන් උදා කරන නිසා යුග දිවිය ගත කිරීමේ දී ඉතාම ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කිරීම තුළ පමණක් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ.
දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් ක්‍රමයෙන් උදා කරයි.
ගෙදරදොර කටයුතුවල දී අලුත්වැඩියා ප්‍රතිසංස්කරණයන්ට ඉඩ සැලසේ. කෙටි ගමන් බිමන් අධිකයි. විටෙක ආවේගහීලී ගති පහඝ වේ. ඉවසීම අවශ්‍යයි.
අධ්‍යාපනය: උත්සාහය සහ කැපවීමෙන් ඉගෙනීම් සාර්ථක කර ගනී. තාක්ෂණික අංශ, ගණිත මිනිත අංශවල යෙදී සිටින අයට ශුභයි.
සෞඛ්‍යය: ස්නායු නහර දුර්වලතා, දණහිස් පීඩා, වාතාබාධ, සෙම් පීඩා, ඇදුම, තුවාල පීඩා, වැටීම් තැළීම් යනාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා