


ඔබේ දියුණුවට කටයුතු සැලසෙන අතර මිල මුදල් ලාභ, අලංකාර වස්තු ලාභ, රෙදිපිළි, ඇඳුම් පැලඳුම් ලාභ ලැබේ. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය පාලනය කරගැනීම අසීරු වේ. වෘත්තීය සහ රැකියා අංශයේ දී ද, සමාජීය කටයුතුවලදී ද යම් යම් ගැටලු බාධා ප්‍රමාදතාවන්ට ඉඩ පවතී. ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොවේ. ගෙදරදොර කටයුතුවල දී ඥාතීන් සමඟ ආරවුල්, සිත් තැවුල් ඇති වීම පෙන්වයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටින්න.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා

අනපේක්ෂිත ලැබීම් වේ. එසේම රාජකාරි කටයුතු උදෙසා ගමන් බිමන් අධිකයි. කතාවේ දක්ෂතා ඇති වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී අන්‍යයන්ගේ සහයෝගය ලැබීම තුළ තමාගේ කටයුතු සාර්ථක කර ගන්නා බව පෙනී යයි. ගෙදරදොර කටයුතුවල දී යම් යම් බාධා ප්‍රමාදතා ඉස්මතු වේ. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. ඒ තුළ කිසියම් සහනයක් ලබයි. උෂ්ණාධික රෝග, බඩවැල් ආශ්රිත පීඩා යනාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

දුෂ්කරතා, සිත් තැවුල් ඇති කළ හැකි අතර අධික රුධිර පීඩනය, ලේ දූෂ්‍යතා, උණ ලවණ ගතිවලින් ප්‍රවේසම් වන්න. විටෙක වෙහෙස ඇති දුර ගමන්වලට ඉඩ පවති. බොහෝ විට ඒවා නිෂ්ඵල ගමන් වේ. වෘත්තීය සහ රැකියා අංශවල දී තමාගේ කටයුතුවලට බාධා අවහිරතා මතු කළ හැකිය. කල්පනාකාරී වන්න. මිල මුදල් ලැබීම අතින් යහපත් බවක් පෙන්නුව ද ඔබට වියදම් පක්ෂය පාලනය කිරීම අපහසු වේ. කල්පනාකාරී නොවුණහොත් ණය තුරුස්වීමේ ඉඩ පවතී. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවල අලුත් විෂය කෙරෙහි අවධානය යොමු වේ.
ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය-සඳුදා

කලින් තිබුණ තත්ත්වයට වඩා කිසියම් දියුණුවක් ලබයි. ලාභ ප්‍රයෝජන ලබයි. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. වෘත්තීය සහ රැකියා ක්ෂේත්රවල දී සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ලබයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. පවුලේ කටයුතුවල කිසියම් වර්ධනයක් දක්වයි. උෂ්ණාධික රෝග, උදරාශ්‍රිත රෝග, ලේ දූෂ්‍යාබාධ යනාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා

ප්‍රශ්න බාධාවලින් කරදරවලින් නිදහස් වීමට සතුරන් පරදා ජය ලැබීමට ඉඩ ලැබේ. එසේම සිතේ සමාදානය, සතුට ඇති වේ. වෘත්තීය සහ රැකියා කටයුතුවල දී සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතුවල කිසියම් දියුණුවක් උදා කරයි. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ගෙන දේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ශුභයි.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

සතුරු කරදර බාධා ප්‍රමාදතා ඉස්මතු වීමෙන් සිතේ කැලඹිලි තත්ත්වයක් ඇති වේ. තමාට තිබූ සමාජීය තත්ත්ව ක්‍රමයෙන් අඩු වී යයි. ඥාති මිත්‍රාදීන් වෙන් වී යයි. වෘත්තීය සහ රැකියා අංශවල දී ප්‍රධානීන් සමඟ කටයුතු කිරීමේ දී ඉවසීත්මන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ඉස්මතු විය හැකිය. ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. ලාභ ප්‍රයෝජන ලැබේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී සමඟිය සාමයට එතරම් බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සාර්ථක වේ.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා

මිල මුදල් කටයුතු සම්බන්ධයෙන් ශුභයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගත වූ තත්ත්වයක් ඇති කරයි. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ගෙන දෙයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල සාර්ථක බවක් ලබයි. උසස් අයගේ ආධාරය උපකාරය ලැබීමෙන් තමාගේ කටයුතු ලෙහෙසි වේ. ගෙදරදොර කටයුතු යහපත් වුව ද යම් යම් අවස්ථාවල බාධා ඉස්මතු කළ හැකි බැවින් කල්පනාකාරී වන්න. දරුවන්ගේ කටයුතු යහපත්ය. දියුණුවක් ලබයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ශුභයි. උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබේ.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා

භාණ්ඩ සහ වස්ත්‍ර ලාභ වේ. හිතමිතුරන් තමා සොයාගෙන පැමිණේ. වෙනදාට වඩා ධෛර්යෙන් කටයුතු කිරීමට ඉඩ ලැබේ. අලුත් බලාපොරොත්තු ඇතිව කටයුතුවල යෙදෙනු ඇත. අන්‍යයන්ගේ ආධාරය, උපකාරය ලැබෙනු ඇත. බාධා සහ අවහිරතා ඇතත් වෘත්තීය සහ රැකීරක්ෂාවල දියුණුවක් ලබයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී තරමක් බුද්ධිමත්ව ක්‍රියා කරන්න. අධ්‍යාපනයේ යෙදී සිටින අයට තාක්ෂණික අංශවලට නම් ශුභයි. ශරීර සනීපය යහපත් වේ.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා

මිල මුදල් ලැබීම අතින් යහපත් වුව ද ඔබට වියදම් පාලනය කර ගැනීම තරමක් අසීරු වේ. හදිසියේ පැන නඟින අසීරු සිද්ධීන් තුළ වියදම් පක්ෂය අධිකයි. වෘත්තීය සහ රැකියා අංශවලට ශුභයි. උසස් නිලධාරීන්ගේ ආධාරය උපකාරය ලැබීම තුළ තමාගේ කටයුතු ලෙහෙසියෙන් ද පහසුවෙන් ද ඉටු කරනු ඇත. ගෙදරදොර කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ද අභිවෘද්ධියක් ද ලබයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සෞන්දර්යය කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. රුධිර පීඩනය,
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා

මේ සතිය මිශ්රපලදායකයි. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යනු ඇත. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න. වෘත්තීය සහ රැකියා අංශවල දී අන්‍යයන් සමග කටයුතු කිරීමේ දී වඩාත් කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්යාකූලාතා ඉස්මතු කරනු ඇත. ගෙදරදොර කටයුතුවල දී වෙහෙස මහන්සි වී ක්‍රියා කිරීමට සිදු වේ. විශේෂයෙන්ම දරුවන්ගේ කටයුතු උදෙසා වඩාත් මහන්සි වීමට සිදු වේ.
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා

තමාගේ කටයුතුවලට බාධා අවහිරතා මතු කළ හැකිය. එම නිසා හැම කටයුත්තකදීම ඉතාම කල්පනාකාරීව බුද්ධිමත්ව ක්‍රියා කිරීමට සිදු වේ. අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී වඩාත් කල්පනාකාරී වන්න. අන්‍යයන්ගේ සහයෝගය ඔබ බලාපොරොත්තු වන තරමට නොලැබේ. මිල මුදල් ලැබුණ ද වියදම් අධික වේ. ගෙදරදොර කටයුතුවල දී ද ඉවසීමෙන් බුද්ධිමත්ව ක්‍රියා නොකළහොත් ආකූලතා මතු කළ හැකිය. දරුවන්ගේ කටයුතුවල දී ධනයත්, ශ්‍රමයත්, කාලයත් වැය වේ. උදරගත පීඩා, උෂ්ණාධික රෝග බලපායි.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා











