

සුළු වශයෙන් හෝ මිල මුදල් ලාභ ලැබේ. ගෙදරදොර කටයුතුවලින් වාසනාව ද සැනසුම ද ලැබේ. සියලු කටයුතුවල දී ගන්නා උත්සාහයන්ගේ ප්‍රතිඵල හොඳාකාරව ලැබේ. දරු ශිෂ්‍ය ලාභයන්ට ඉඩ පවතී. සාමාන්‍ය දියුණුවට යහපත් වේ. ඉගෙනීමට ආශාව වැඩි වේ. අලුත් අමුතු දේ ඉගෙනීමට හෝ ඉගෙන ගත් දේ වැඩි අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව ලැබේ.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා

රැකීරක්ෂා තනතුරුවල දී ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොවේ. බලාපොරොත්තු රහිත වියදම්වලට ඉඩ පවතී. ගමන්බිමන් අධිකයි. කෙසේ වුවත් සමිති සමාගම් ආශ්‍රය ද, හිතවතුන්ගේ ආශ්‍රය ද නිසා තරමක සහනයක් ලැබේ. ඇඳුම් පැලඳුම් ආදිය ලබාගනී. තරුණ තරුණියන් අතර රහසිගත ප්‍රේම සම්බන්ධතා ඇති වේ.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා

අනවශ්‍ය දේවලට වියදම් යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී බුද්ධිමත් විය යුතුය. තමා සොයාගෙන ඥාතීහු පැමිණෙති. ගුප්ත ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි වෙනදාට වඩා උනන්දුවක් දක්වයි. කෙසේ වුවත් දරුවන්ගේ කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් පෙන්වයි. ඔවුන්ගේ ඉගෙනීම් කටයුතුවල සාර්ථක බවක් පෙන්වයි. ආගමික සාකච්ඡාවලට ළැදියාවක් පෙන්වයි.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

බාධා අවහිරතා ඉස්මතු වුවත් කරගෙන යන කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගනී. ඥානය වැඩි දියුණු වන කටයුතු සාර්ථක වේ. අලුතෙන් ආරම්භ කරන කටයුතුවල දියුණුවක් ලබයි. සුළු මුදල් ලාභවලට ඉඩ පවතී. ගමන්බිමන් වැඩි වේ. අධ්‍යාපන අංශවල සාර්ථක ප්‍රතිඵල ලබයි. සෙම් පීඩා, උදරාශ්‍රිත රෝග බලපායි.
ජය වර්ණය- ක්‍රීම්, අංකය- 02, දිනය- සඳුදා

ඇඳුම් පැලඳුම් වස්ත්‍ර ලබයි. ගුරුවරුන්ගේ ආශ්‍රය වැඩි වේ. තමන් කරන උත්සාහයන්ගේ ප්‍රතිඵල ලබයි. දැනුම බුද්ධිය වර්ධනය කර ගනී. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය අතර යහපත් හිතවත්කම් ඇති කරගනී. සමාජීය කටයුතුවල දී දියුණුවක් ලබයි. දරු ශිෂ්‍යයන්ගේ කටයුතු යහපත් වේ. ආගමික අංශයට නැඹුරුවක් ඇත. ව්‍යාපාරවල යෙදෙන අයට කිසියම් සාර්ථක තත්ත්වයක් ද උදා කරයි. ආගමික කටයුතුවල දී දේව භක්තියක් ද පෙන්වයි.
ජය වර්ණය- රෝස, අංකය- 01, දිනය- ඉරිදා

අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී තමාට හිතවත් වුවත් තමාට නොගැළපෙන අය සමඟ කටයුතු කිරීමට යෑමෙන් වැළකිය යුතුය. මිල මුදල් වියදම් අධිකයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේසම් විය යුතුයි. ලද පමණින් සතුටු විය යුතුයි. අධ්‍යාපන කටයුතුවල දී බාධා ප්‍රමාදතා ඇති වන නිසා උත්සාහය සහ කැපවීම අවශ්‍යයි. අලුත් කටයුත්තක් පටන් ගැනීමට ඉඩ ලැබේ.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

යම් යම් අවස්ථාවල දී මනුෂ්‍ය ගුණ ධර්ම හීන වේ. කෙලෙහිගුණ නොසලකා හරී. තාමට නොගැළපෙන කටයුතුවලින් ඈත් වන්න. කේලාම්, ඕපාදූප නිසා සිත් තැවුල් ඇති වේ. මුදල් නාස්ති වීමට ඉඩ පවතින නිසා තිබෙන වස්තුව ආරක්ෂා කරගත යුතුයි. මෙතෙක් කරගෙන ආ කටයුතුවලට වෙනස් දේවලට හිත ඇදී යයි. උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා

ව්‍යාපාරික අංශවල යෙදී සිටින අයට වාසි සහගත තත්ත්වයක් පෙන්වයි. ආදායම් මාර්ග වර්ධනය වේ. රසවත් කෑම බීම සංග්‍රහ ලැබීමට පුළුවන. උත්සවවලට සහභාගි වීමට අවස්ථාව සැලසේ. රැකීරක්ෂා කටයුතුවල දී වෙනදාට වඩා වැඩි උනන්දුවකින් ක්‍රියා කරයි. පවුලේ පිරිස වැඩි වේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. අනතුරු පීඩා, තුවාල යනාදියෙන් පරිස්සම් විය යුතුයි.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා

සහෝදර සහෝදරියෝ තමා සොයාගෙන පැමිණෙති. මිත්‍රයන්ගේ ආශ්‍රය උපකාරය ලැබේ. එසේම ඔවුන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබේ. තමාගේ බලය එක්තරා මට්ටමකට පවත්වා ගත හැකිය. වෘත්තීය සහ රැකියා අංශවල දී බාධා ප්‍රමාදතා මතු කළත් කිසියම් දියුණුවක් ද ලබයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුය.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා

මිල මුදල් වස්ත්‍ර ලාභ ලබයි. මවගෙන් හෝ මවුපස ඥාතීන්ගෙන් ආධාර උපකාර ලැබේ. ගෙදරදොර සැප පහසුව ඇති වන ආකාරයට කටයුතු සාර්ථක කරගනී. යහපත් මිත්‍රයන්ගේ ආශ්‍රය හිමි වේ. කෘෂිකාර්මික කටයුතුවල නියුක්ත අයට යහපත් ප්‍රතිඵල උදා කරයි. කරගෙන ආ කටයුතුවල දියුණුවක් ලැබේ. කරදර අඩු වේ. ශරීර සනීපයට ශුභයි.
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා

මිල මුදල් ලැබීම අතින් එතරම්ම ශුභදායක නොවේ. මිල මුදල් වියදම් අධිකයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේසම් වන්න. දරු ශිෂ්යාදීන්ගේ කටයුතු ගැන පරිස්සම් වන්න. ලෙඩදුක්, සෙම් රෝගාදියට ඉඩ පවතින බැවිනි. වෘත්තීය සහ රැකියා අංශවල දී තරමක් කල්පනාකාරී විය යුතුයි. විටෙක රැවටීම්, වංචාවලට ඉඩ මතු කළ හැකි බැවිනි. හදිසි ගමන්වලට ඉඩ පවතී.
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සිකුරාදා

වෘත්තීය සහ රැකියා අංශවල දී කරදරකාරී වාතාවරණයක් ඇති කළ හැකිය. මිල මුදල් ලැබුණ ද වියදම් අධිකයි. ගෙදරදොර කටයුතුවල දී ඉවසිලිමත් වන්න. විටෙක සමඟිය සාමයට බාධා එල්ල විය හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. සෙම් කෝප පීඩා, උෂ්ණාධික රෝගාදියෙන් පරිස්සම් විය යුතුයි.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා











