

මිල මුදල් ලාභ අත් වේ. ඛනිජ සම්බත්වලින් ලාභලබා ගත හැකිය. ධනය එක්රැස් කර ගැනීමට උනන්දු වේ. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආර්ථික ලාභ ලබයි. රැකියා සහ වෘත්තීය කටයුතුවල දියුණුවක් ලබයි. විදේශගත වීම්වලට ඉඩ සැලසේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට උසස් ඉගෙනීම්වලට බැඳී කටයුතු කළ හැකිය. තරුණ තරුණියන් අතර රහස් ප්‍රේම සම්බන්ධතා ඇති වේ. ගෙදරදොර වැඩ යහපත්ය. සමඟිය සාමයට බාධා එල්ල නොවේ. ආගමික පූජකවරයන් සමඟ ආශ්‍රය ඇති වේ. කෙසේ වුවත් අනතුරු පීඩාවලින් පරිස්සම් වන්න.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා

ලග්නාධිපති සිකුරු අයස්ථානයේ උච්චයි. 13 දින සිට රවි කර්මස්ථානගත වී දිග්බලය ලබයි. යම් යම් බාධා අවහිරතා ඉස්මතු කළත් තමාගේ දියුණුවට වැඩකටයුතු සැලසේ. රෙදිපිළි, ඇඳුම් පැලඳුම් ලැබෙන කාලයක් වේ. වෙළෙඳාමට අවශ්‍ය බඩුමුට්ටු ලබයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතු රැකියා කටයුතුවලට ශුභයි. ආගමික අංශයට වැඩි නැඹුරුවක් වේ. අනතුරු පීඩා තුවාල යනාදියට ඉඩ පවතී. කුජ, ගුරු, කේතු අටේ ගමන්ගනී. කලවා ආශ්රිත තුවාල ඇති කළ හැක. ලේ දූශ්යාබාධ, මූත්‍ර දෝෂ, වයිරස් රෝගාදියෙන් පරිස්සම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා

මේ කාලයේ දී නිෂ්ඵල ලෙස මිල මුදල් හානියක් හෝ වියදම් අධික බවක් පෙන්නුවත් මුතු මැණික් අභරණ ලාභ ලැබීමේ ඉඩක් පවතී. විවිධ ක්ෂේත්රයන්ගෙන් ආදායම් ලැබුණ ද ඔබට වියදම් පක්ෂය පාලනය කර ගැනීම අසීරු වේ. වෘත්තීය සහ රැකියා අංශවල දී කලාත්මක ක්ෂේත්‍ර, සිනමා ක්ෂේත්‍ර මෙන්ම සෞන්දර්ය ක්ෂේත්රයන්ට යොමු වී කටයුතු කරන අයට ලාභ ප්‍රයෝජන මෙන්ම රැකියා දියුණුව ලබයි. උෂ්ණාධික රෝග, උදරාශ්‍රිත පීඩා, මුත්‍ර දෝෂ බලපායි. දරුවන්ගේ කටයුතුවල ක්රමික දියුණුවක් ලැබේ. අධ්‍යාපන ක්ෂේත්රයේ නියුක්ත අයට සෞන්දර්ය අංශවල නියුක්ත අයට ශුභදායකයි.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරීමේ දී වඩාත් සැලකිලිමත් වන්න. නොඑසේ නම් දෝෂාරෝපණයන්ට සහ චෝදනාවන්ට ලක් විය හැකි බැවිනි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ද ප්‍රවේසම් වන්න. නාස්තිකාර වියදම්වලට ඉඩ මතු කළ හැකි බැවිනි. ලේ දෝෂ, අධික රුධිර පීඩනය, අර්ශස් වැනි රෝග, බඩවැල් ආශ්රිත රෝගාදියෙන් ප්‍රවේසම් වන්න. දරුවන්ගේ කටයුතු යහපත්ය. දියුණුවක් ලබයි. අධ්‍යාපන කටයුතුවල නියුක්ත අයට ශුභයි. කෙටි ගමන්බිමන් බහුල වේ. ඉගෙනීමේ කටයුතුවල දී අලුත් විෂයයන් කෙරෙහි අවධානය යොමු වේ.
ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුවල දී ද සමඟියට සාමයට බාධා අවහිරතා ඇති කළ හැකි බැවින් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා මතු කළ හැකිය. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී නොවුණහොත් අලාභ පාඩුවලට ඉඩ පවතී. නිෂ්පල ගමන් මෙන්ම වියදම් ඇති වේ. තරුණ තරුණියන්ගේ ප්‍රේම සම්බන්ධතාවලට බාධා ඇති කරයි. ඉගෙනීම්වල යෙදී සිටින අයට ඉගෙනීමට පරිබාහිර දේවලට හිත ඇදී යයි. ස්ත්‍රී පක්ෂය සමඟ කටයුතු කිරීමේ දී වඩාත් සැලකිලිමත් වන්න. අක්මා දෝෂ, බඩවැල් ආශ්රිත පීඩ, මලබද්ධය යනාදියෙන් පරිස්සම් වන්න.
ජය වර්ණය- රෝස, අංකය- 01, දිනය- ඉරිදා

ශරීර සනීපය ඇති වේ. අසනීප ගති ක්‍රමයෙන් පහ වී යයි. කලබලකාරී කටයුතුවලින් ඈත් වී සැනසිල්ලේ ක්‍රියා කරයි. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු සාර්ථක වේ. ඥාති මිත්‍රාදීන් තමා සොයාගෙන පැමිණේ. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විවිධ ක්ෂේත්රයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලැබේ. සමාජීය කටයුතුවලට යහපත්ය. විටෙක සුළු බාධා අවහිරතාවන්ට ඉඩ නැත්තේ ද නොවේ.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

විදේශීය සබඳතා මත කරන කටයුතුවලට ශුභයි. කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගනී. කෙසේ වුවත් අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. මිල මුදල් ලැබීම අතින් යහපත් වුව ද වියදම් පක්ෂය ඉහළ යයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටීම අවශ්‍යයි. උෂ්ණාධික, පිත්තාධික රෝග, වයිරස් රෝග, බෝවන රෝගාදියෙන් ද පරිස්සම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා

අලංකාර වස්ත්‍ර ලැබේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ඇති වේ. විවාහ වීමට සුදුසු වයසේ පසු වන අයට මංගල යෝජනා උදා වේ. කෙසේ වුවත් යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා මතු කළ හැකිය. ඉගෙනීමේ යෙදී සිටින අයට ඉගෙනීමට පරිබාහිර දේවලට හිත ඇදී යන නිසා උත්සාහයෙන් ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් සාර්ථක ප්‍රතිඵල ලැබීම අසීරුයි. මේදය අධික වීමෙන් සෑදෙන රෝග, උෂ්ණාධික රෝගාදියෙන් පරිස්සම් වන්න.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා

අනතුරු පීඩා, තුවාල යනාදියෙන් ප්‍රවේසම් විය යුතුයි. වතුරෙන් අගුණයි. ආදායම් ලැබීම අතින් අයහපත් නැත. නමුත් වියදම් ඉහළ යයි. මුදල් රඳවා ගැනීම අපහසුයි. ගමන්බිමන් බහුලයි. වෘත්තීය සහ රැකියා අංශවල දී උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරීමේ දී පරිස්සම් වන්න. නොඑසේ නම් ආකූලතා මතු කළ හැකි බැවිනි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ද කටයුතුවල දී සැලකිලිමත් වන්න.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා

සතුරු කරදර බාධා ඉස්මතු වුව ද ඒවා මැඬපවත්වාගෙන තමාගේ කටයුතු සාර්ථක කර ගනී. උසස් නිලධාරීන්ගේ ආධාරය උපකාරය ලැබේ. හිත මිත්‍ර ආශ්‍රයන් වර්ධනය වේ. සමාජයේ උසස් තත්ත්වයකට යොමු වේ. ගෙදරදොර කටයුතු සාමාන්‍ය වේ. සමඟිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. දියුණුවක් ලබයි. උෂ්ණාධික රෝග, රුධිර පීඩනය, මලබද්ධය, අර්ශස් වැනි රෝගාදියෙන් පරිස්සම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා

මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විවිධ ක්ෂේත්රයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලැබේ. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය පාලනය කර ගැනීම අසීරුයි. ගෙදරදොර කටයුතුවල දී අධික ලෙස වෙහෙස මහන්සි වීමට සිදු වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි සැලකිලිමත් වන්න. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරිස්සම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙනසුරාදා

එම ග්‍රහ පිහිටීම තුළ සෞන්දර්ය, සංගීතය, නර්තනය වැනි විෂයයන් කෙරෙහි නියුක්ත අයට කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැකිය. මිල මුදල් ලැබීම අතින් යහපත් වුව ද මිශ්රපල වන්නේ වියදම් අධික නිසාය. සමාජයේ කිසියම් ස්ථානයකට පත් වේ. එහෙත් හවුල් කටයුතුවල දී කල්පනාකාරී වන්න. නොඑසේ නම් ආකූලතා මතු කළ හැකිය. සතුරු කරදර බාධා ඉස්මතු වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරිස්සම් වන්න.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා











