සහාය දෙන්න සජිත් හැර විකල්පයක් නෑ | Page 2 | සිළුමිණ

සහාය දෙන්න සජිත් හැර විකල්පයක් නෑ

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ ජනා­ධි­පති අපේ­ක්ෂක සජිත් ප්‍රේම­දාස මහ­තාට සහ­යෝ­ගය දැක්වීම පිණිස විවිධ දේශ­පා­ලන පක්ෂ සහ සිවිල් සංවි­ධාන රාශි­යක් අත්වැල් බැඳ­ගෙන සිටිති. ජාතික ජනතා පෙර­මුණ ද එසේ සහය පළ කරන එක් පක්ෂ­යකි. ඒ සම්බ­න්ධ­යෙන් ජාතික ජනතා පෙර­මුණේ නායක ආචාර්ය ඒ. එම්. ජය­රත්න සමඟ පැවැත්වූ සංවා­ද­යකි මේ.

අද අපේ රටේ දේශ­පා­ලන පක්ෂ ගණ­නා­වක් තිබෙ­නවා. එසේ තිබි­යදී ඔබ ඇතුළු කණ්ඩා­ය­මක් අලුත් පක්ෂ­යක් බිහි කිරීමේ අර­මුණ කුමක්ද?

අපි ජාතික ජනතා පෙර­මුණ පිහි­ටෙව්වේ 2009 දී. සිංහල, දෙමළ, මුස්ලිම් යන ජාතීන් සිය­ල්ල­ටම එක සමා­නව සැල­කීමේ සහ ඔවුන්ගේ හිමි­කම් ලබා දීමේ අර­මු­ණින් තමයි අපි ඒක­රාශි වී මෙම පක්ෂය බිහි කළේ. ඒ අනුව උතුර නැගෙ­හිර යුද්ධ­යෙන් අව­තැන් වූ අය වෙනු­වෙන් අරු­දන් වූ අය වෙනු­වෙන් වගේම රැකියා ස්ථාන­ව­ලදී දේශ­පා­ලන පළි­ගැ­නී­ම්ව­ලට ලක් වූ අය වෙනු­වෙන් හඬක් නඟ­මින් අපි ඔවුන් වෙනු­වෙන් මෙහෙ­ව­රක යෙදී සිටි­නවා.

ජාතික ජනතා පෙර­මුණ මෙම දශ­ක­යක කාලය තුළ සිදු කළ කාර්ය­භා­රය ගැන කෙටි­යෙන් පැහැ­දිලි කර­නවා නම්?

දේශ­පා­ලන පළි­ගැ­නී­ම්ව­ලට ලක් වූ අය­ගෙන් පිරි­සක් යළි සේවයේ පිහි­ටු­වී­මට කට­යුතු කර තිබෙ­නවා. තවත් සම­හ­රුන්ට වන්දි මුදල් ලබා දුන්නා. අතු­රු­දන් වූ අය වෙනු­වෙන් උතුරු නැගෙ­න­හිර ප්‍රදේ­ශ­වල කාර්යාල පිහි­ටු­වලා ඔවුන් උදෙසා සහ­ති­ක­යක් ලබා දීමට මූලික වුණේ අපේ ජාතික ජනතා පෙර­මුණ. උතුර නැගෙ­න­හිර ප්‍රදේ­ශ­වල හානි පූර්ණ කාර්යාල පිහි­ටු­වලා විප­තට පත් අය වෙනු­වෙන් ගෙවීම් කිරී­මට අපි කට­යුතු කළා. ඊට අම­ත­රව පළාත් මට්ට­මින් ක්‍රියා­ත්මක කළ හැකි ආකා­රයේ ආර්ථික සැල­සුම් පිළි­යෙල කර තිබෙ­නවා. දිළිඳු ජන­තාව වෙනු­වෙන් ආධාර ලබා දීමේ විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර තිබෙ­නවා.

ජාතික ජනතා පෙර­මුණ, නව දේශ­පා­ලන පක්ෂ­යක්. මෙවැනි කාර්ය­භා­ර­යක් ඉටු කිරී­මට ශක්ති­යක් ලැබුණේ කොහො­මද?.

2009 දී එක්සත් ජනතා නිද­හස් සන්ධාන රජය යටතේ ඔවුන් සමඟ එකතු වෙලා අපි වැඩ කළා. 2015 සිට ජන­පති මෛත්‍රි­පාල සිරි­සේන මහතා සමඟ එකතු වෙලා වැඩ කළා.

2015 දී ඔබ එකට එකතු වී කට­යුතු කළ එක්සත් ජනතා නිද­හස් සන්ධාන රජ­යෙන් ඉවත් වුණේ ඇයි?.

ඒ කාලේ උතුරු නැගෙ­න­හිර යුද්ධ­යෙන් පීඩා­වට පත් වූ අය වෙනු­වෙන්, අතු­රු­දන් වූ අය වෙනු­වෙන් සාධා­ර­ණ­යක් ඉෂ්ට කරලා දෙන්න පුළු­වන් වුණේ නැහැ. ඒ නිසා 2015 දී අපි මාදු‍ළු­වාවේ සෝභිත හාමු­දු­රු­වන් සමඟ එකතු වුණා.

2015 දී බිහි වූ නව රජය යටතේ ඔබේ අපේ­ක්ෂිත අර­මුණු ඉටු වුණාද ?.

ඔව්. අපි ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා සමඟ එකට එකතු වෙලා වැඩ කළා. ඔහු අපේ හඬට ඇහු­ම්කන් දුන්නා. අතු­රු­දන් වූ අය වෙනු­වෙන් සහ­තික දීම­ටත් හානි පූර්ණ ගෙවීම් සිදු කිරී­ම­ටත් හැකි වුණේ ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා නිසයි.

තව නොබෝ දින­කින් ජනා­ධි­පති මෛත්‍රි­පාල සිරි­සේන මහතා විශ්‍රාම ලබ­නවා. නව ජනා­ධි­ප­ති­ව­ර­යෙක් තෝරා ගැනීමේ ඡන්දය පැවැ­ත්වෙ­නවා. රටේ නාය­ක­ත්ව­යට 35 දෙනෙක් තරග වදි­නවා. ඉදි­රි­යේදී ජාතික ජනතා පෙර­මුණ ක්‍රියා කරන්නේ මොන ආකා­ර­ය­ටද?.

අපි නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ ජනා­ධි­පති අපේ­ක්ෂක සජිත් ප්‍රේම­දාස මහ­තාට සහ­යෝ­ගය පළ කර­නවා. ඒ ගැන මුලින්ම අපි අපේ විධා­යක සභාව කැඳ­වලා තීන්දු­වක් ගත්තා. එය මධ්‍යම කාරක සභාව අනු­මත කළා. ඊට පස්සේ ඔක්තෝ­බර් 19 වැනි දා ශ්‍රී ලංකා පද­නම් ආය­ත­න­යේදී නියෝ­ජිත සම්මේ­ල­න­යක් පැවැ­ත්වුණා. එහිදී හැමෝම එක­ඟ­ත්වය පළ කළා සජිත් ප්‍රෙ‍්මදාස මහ­තාට සහ­යෝ­ගය දක්වන්න.

පොදු ජන එක්සත් පෙර­මුණ ජනා­ධි­පති අපේ­ක්ෂක ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට සහ­යෝ­ගය නොදැ­ක්වී­මට විශේෂ හේතු­වක් තිබෙ­න­වාද?.

අවි දරා ගත් කෙනෙක් රටක නාය­ක­ත්ව­යට නුසු­දු­සුයි කියලා අපි විශ්වාස කර­නවා. අනික සජිත් ප්‍රේම­දාස මහ­ත්තයා දුප්පත් අයට නිවාස හදල දෙනවා. පොඩි මිනිහා ගැන බල­නවා. කාර්ය­ශු­රයි. ඔහුගේ පියා වන ආර්. ප්‍රේම­දාස මහතා වගේම සේව­යට ඇප­කැප වී සිටි­නවා. පොඩි මිනි­හා­ටත් ඔහු හමු­වෙන්න පුළු­වන්. රටේ සංව­ර්ධ­න­ය­ටත් සැල­සුම් සකස් කර තිබෙ­නවා. වාහන බල­පත්‍ර වැනි අන­වශ්‍ය විය­දම් කපා හැරලා අධ්‍යා­ප­නය, සෞඛ්‍ය වැනි අංශ වැඩි දියුණු කිරීමේ උත්සා­හ­යක් තිබෙ­නවා. අපේ අර­මුණ වී තිබෙ­න්නේත් දිළිඳු ජන­තාව නඟා සිටු­වීම. අපේ අර­මුණු සමඟ ඔහුගේ වැඩ­පි­ළි­වෙළ ගැළ­පෙන නිසා අපි හැමෝම සජිත් ප්‍රේම­දාස මහ­තාට සහය පළ කරන්න කැම­තියි.

ජාතික ජනතා පෙර­මුණ සජිත් ප්‍රේම­දාස මහතා හමු වී සාකච්ඡා කළා ද?.

ඔව්. අපි සාකච්ඡා කළා. දේශ­පා­ලන පළි­ගැ­නී­ම්ව­ලට ලක් වූ අය වෙනු­වෙන් නැව­තත් රැකියා ලබා­දීම, ඔවුන්ට වන්දි ලබා දීම උතුර නැගෙ­න­හිර හානි­යට පත් අයට වන්දි ගෙවීම වැනි අපේ අර­මුණු ගැන අපි ඔහු සමඟ සාකච්ඡා කළා. ඔහු ඊට එක­ඟ­ත්වය පළ කළා.

ඔබේ පක්ෂ­යට කොප­මණ ඡන්ද සංඛ්‍යා­වක් තිබෙ­න­වාද?.

ඡන්ද ලක්ෂ 3ක් පමණ තිබෙ­නවා.

ඔබ කොහො­මද එය නිශ්චි­ත­වම කියන්නේ?.

අපි පසු­ගිය පළාත් පාලන මැති­ව­ර­ණ­යට ස්වාධී­නව තරග කළා. එයින් පැහැ­දිලි වුණා අපිට ලංකාව පුරා ඡන්ද­දා­ය­ක­යන් ලක්ෂ 3ක් පමණ සිටින බව. අපේ නියෝ­ජි­ත­යින් 16 දෙනෙක් පළාත් පාලන මැති­ව­ර­ණ­යෙන් ජය­ග්‍ර­හ­ණය කළා. එය අපි ලැබූ විශාල ජය­ග්‍ර­හ­ණ­යක් යැයි මම විශ්වාස කර­නවා.

ජාතික ජනතා පෙර­මුණ ස්වාධීන අපේ­ක්ෂ­ක­යන් ඉදි­රි­පත් කළේ ඇයි?.

අපේ දේශ­පා­ලන පක්ෂය තව­මත් ලියා­ප­දිංචි කරලා නැහැ. අපි ඉස්සෙ­ල්ලාම ලියා­ප­දිංචි කරන්න ගියාම පක්ෂය පරණ වෙන්න ඕනෑ කියලා කිව්වා. ඊට පස්සේ අපි ටික කාල­යක් ගිහින් ලියා­ප­දිංචි වීමට අදාළ ලිය­කි­ය­විලි භාර දුන්නා. ඒත් ඒ පාර අලුත් පක්ෂ 5ක් විත­රයි ලියා­ප­දිංචි කළේ. අපේ පක්ෂය 7 වැනි තැන තිබුණේ. ඒ නිසා ඒ පාරත් ලියා­ප­දිංචි කර ගන්න බැරි වුණා.

ඔබේ පක්ෂය 2015 සිට සම්බන්ධ වී කට­යුතු කළේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ නායක වත්මන් ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා සමඟ මිස එක්සත් ජාතික පක්ෂ රජය සමඟ නොවෙයි. ඒසේ තිබි­යදී ඔබේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ ජනා­ධි­පති අපේ­ක්ෂක සජිත් ප්‍රේම­දාස මහ­තාට සහය පළ කිරීම ගැටලු සහ­ග­තයි නේද?.

අපිට ගැට­ලුව මතු වුණේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය සමඟ එකතු වීම නිසයි. අපි 2015 දී මෛත්‍රි­පාල සිරි­සේන මහ­තාට සහය පළ කරන අත­ර­වා­ර­යේදී ඔහුගේ නාය­ක­ත්ව­යෙන් යුතු ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය සමඟ කට­යුතු කළා. අපි ශ්‍රීල­නිප ලේකම් දයා­සිරි ජය­සේ­කර මහතා සමඟ සාකච්ඡා කරලා සම්බ­න්ධී­ක­රණ නිල­ධා­රීන් සෑම දිස්ත්‍රි­ක්ක­ය­ක­ටම පත් කළා. ඒත් මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යකු පත් නොකළ නිසා අපි ගැට­ලු­ව­කට මැදි වුණා. ඒ එක්කම අපි එක්ක සිටින අපේ පාක්ෂි­කයෝ අස­රණ වුණා. ඒ නිසයි අපි විධා­යක සභාව කැඳ­වලා සකච්ඡා කරලා තීන්දු­වක් ගත්තේ සජිත් ප්‍රේම­දාස මහ­ත්ත­යාට සහ­යෝ­ගය දැක්වී­මට.

යුද්ධය නිමා වී වසර 10 ක් සම්පූර්ණ වීමට පෙර ලංකා­වට තවත් ත්‍රස්ත ප්‍රහා­ර­ය­කට මුහුණ දීමට සිදු වුණා. ඒ නිසාම රටේ ආර­ක්ෂා­වට ගෝඨා­භය අත්‍ය­වශ්‍ය යැයි ඇතැ­මුන් තුළ ආක­ල්ප­යක් ඇති වී තිබෙ­නවා. ඒ ගැන ඔබේ අද­හස කුමක්ද?.

අප්‍රේල් 21 වැනි දා අයි. එස්. ත්‍රස්ත ප්‍රහා­ර­යක් ඇති වුණා තමයි. එය වළක්වා ගැනී­මට රජය පිය­වර ගෙන තිබුණේ නැති බවත් ඇත්ත. ඒත් ඉතා­මත් කෙටි කාල­යක් ඇතු­ළත අපේ ආර­ක්ෂක හමු­දාව ත්‍රස්ත­වා­දීන් අත්අ­ඩං­ගු­වට ගත්තා. රටේ ආර­ක්ෂාව තර කළා. අනික මෙම ආණ්ඩුව අද ජාත්‍ය­න්ත­රය සමඟ සම්බ­න්ධතා පව­ත්ව­නවා. අපි ජාත්‍ය­න්තර වශ­යෙන් කොන් වෙලා නැහැ. 2015 පෙර අපි ලෝකයේ අනිත් රට­වල් සමඟ තිබුණු සම්බ­න්ධතා බිඳ වැටිලා තිබුණේ. අපිට GSP සහන තිබුණේ නැහැ. සම්බා­ධක පනවා තිබුණා. ඒත් දැන් එහෙම තත්ත්ව­යක් නැහැ. ජාත්‍ය­න්තර සුහ­ඳ­ත්වය වර්ධ­නය වී තිබෙ­නවා. ඒ නිසා අපිට ජාත්‍ය­න්තර ත්‍රස්ත­වා­ද­ය­කට මුහුණ දීමට ශක්ති­යක් තිබෙ­නවා. අනික මීට පෙර අපේ රටේ තිබුණේ අභ්‍ය­න්තර ත්‍රස්ත­වා­ද­යක් මිසක් ජාත්‍ය­න්තර ත්‍රස්ත­වා­ද­යක් නොවෙයි. ජාත්‍ය­න්තර ත්‍රස්ත­වා­ද­යට මුහුණ දීමට ලෝකයේ සෙසු රට­වල් සමඟ සුහ­ද­ත්ව­යෙන් කට­යුතු කරන මේ ආණ්ඩුව ශක්ති­මත් බව අපි විශ්වාස කර­නවා. ඒ නිසා සජිත් ප්‍රේම­දාස මහ­තාගේ නාය­ක­ත්ව­යෙන් පත්වන රජ­යක් ‍යටතේ රටේ ආර­ක්ෂාව ගැන බිය විය යුතු නැහැ.

Comments