අන්තවාදීත්වය යටපත් කිරීමට අට වැදෑරුම් නිර්දේශ | Page 2 | සිළුමිණ

අන්තවාදීත්වය යටපත් කිරීමට අට වැදෑරුම් නිර්දේශ

 

පාස්කු ඉරු­දින ප්‍රහා­රයේ මූලික වග­කීම රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධා­නීන් බාර­ගත යුතු බව පව­ස­මින් ඒ ප්‍රහා­රය පිළි­බ­ඳව කරුණු සෙවූ පාර්ලි­මේන්තු විශේෂ කාරක සභාව මාධ්‍ය වෙත සිය අද­හස් ප්‍රකාශ කළේ පසු­ගි­යදාය. මේ පාර්ලි­මේන්තු විශේෂ කාරක සභාව 2019 මැයි මස 23 වැනි දින සිට සැප්තැ­ම්බර් මස 20 වැනි දින දක්වා කාරක සභා රැස්වීම් වාර 19ක් පවත්වා ඇති අතර මෙහි විශේ­ෂ­ත්ව­යක් වූයේ මෙවැනි කාරක සභා­වක් ප්‍රථම වරට මාධ්‍යට විවෘත වීමය. මැයි මස 29 වැනි දින මේ කාරක සභා­වට මුලින්ම සාක්ෂි දීම ආරම්භ කළේ ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් හා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධා­නියාය. අගෝස්තු මස 6 වැනිදා අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඇතුළු පිරි­ස­කුත් මෙහි අව­සන් සාක්ෂි කැඳ­වීම ලෙසින් සැප්තැ­ම්බර් 20 වැනි දින ජනා­ධි­පති මෛත්‍රීපාල සිරි­සේන මහ­තාත් සාක්ෂි දී තිබිණි. ඉන් සම­හ­රක් මාධ්‍ය­යට විවෘත වූ අතර ජාතික ආර­ක්ෂාව සම්බන්ධ කරුණු සම­හ­රක් අවස්ථා මාධ්‍යට විවර නොවීය.

පාර්ලි­මේන්තු විශේෂ තේරීම් කරක සභාව අවස්ථා ගණ­නා­ව­ක­දීම පාස්කු ප්‍රහා­ර­යට සම්බන්ධ සාක්ෂි ලබා ගැනී­මට කැද­වීම් සිදු කළ අතර, මෙහිදී ඔවුන් විසින් අනා­ව­ර­ණය කර ගත් කරුණු කිහි­ප­යක් කෙරෙහි වාර්තාවේ විශේෂ අව­ධා­න­යක් යොමු කර තිබුණි.

සහ­රාන් ඇතුළු ත්‍රස්ත­වාදී කල්ලිය පිළි­බ­ඳව කල්තියා තොර­තුරු ලැබී තිබි­ය­දීත්, අත්අ­ඩං­ගු­වට ගැනී­මට අධි­ක­රණ නියෝග නිකුත් කර තිබි­ය­දීත්, වග­කි­ව­යුතු අංශ ඔවුන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට ක්‍රියා කර නොතිබූ බවත්, මුල සිට අව­ධා­න­යෙන් හා වග­කී­මෙන් කට­යුතු කළේ නම් මේ ප්‍රහා­රය වළක්වා ගත හැකිව තිබූ බවත්, විශේෂ කාරක සභාවේ වාර්තාවේ සඳ­හන් වෙයි. මේ ප්‍රහා­රය පිළි­බ­ඳව කල්තියා තොර­තුරු දැන­ගත් අව­ස්ථා­වේදී ඒ පිළි­බ­ඳව කාදි­න­ල්තු­මන් දැනු­ම්වත් කළේ නම් ප්‍රහා­රය වළක්වා ගත හැකිව තිබූ බවත්, සහ­රාන් කල්ලිය ක්‍රියා­ත්මක වූ නැගෙ­න­හිර පළාතේ පොලිස් ප්‍රධා­නීන් කිසි­ව­කු­ටත් මේ සිද්ධිය පිළි­බ­ඳව දැනුම් නොදීම විශාල අඩු­පා­ඩු­වක් බවත් ප්‍රකාශ කරයි. එහිදි වැඩි අව­ධා­න­යක් යොමු කර තිබුණේ මේ ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් කලින් තොර­තුරු ලැබී තිබුණු හෙයින් ඒ සම්බ­න්ධ­යෙන් අදාළ බල­ධා­රීන් නිසි ක්‍රියා මාර්ග ලබා නොගත් බවට වන කරුණ කෙරෙහි ය. එසේ වී තිබුණේ බුද්ධි හා ආර­ක්ෂක අංශ­වල තිබී ඇති ප්‍රමා­දය හේතු­වෙනි.

පාර්ලි­මේන්තු විශේෂ කාරක සභාව සිය වාර්තාවේ දැඩිව අව­ධා­ර­ණය කරන්නේ මෙය බුද්ධි අංශය තුළ ප්‍රධාන ස්ථානය ගන්නා රාජ්‍ය බුද්ධි අංශ අධ්‍ය­ක්ෂ­කගේ පාර්ශ්ව­යෙන් සිදුවූ බල­ප­තළ අසා­ර්ථක වීමක් බව ය. එනිසා මෙහි ප්‍රධාන වග­කීම රාජ්‍ය බුද්ධි අංශ අධ්‍ය­ක්ෂක සතු­වුව ද, අනි­කුත් අයත් මෙහි වග­කීම් පැහැර හැර ඇති බව පෙනේ. අදාළ චෝදනා නඟන කමි­ටුව පව­සන්නේ ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය, පොලි­ස්පති, ජාතික බුද්ධි ප්‍රධානි, හා හමුදා බුද්ධි අංශ සිය වග­කිම් ඉටු කිරී­මට අපො­හො­සත් වි ඇති හෙයින් මේ අවා­ස­නා­වන්ත සිදු­වීම ලක් වැසි­යන්ට විඳි­න්නට සිදුවූ බවයි.

මෙහිදී අද­හස් දක්වා ඇති කාරක සභාව වැඩි දුර­ටත් පවසා සිටින්නේ; වෙනත් අර­මුණු තිබූ පුද්ග­ල­යන් විසින් වසර අග භාග­යේදි එළැ­ඹී­මට නිය­මිත ජනා­ධි­ප­ති­ව­ර­ණය ඉලක්ක කර ගනි­මින් රට තුළ බියක් හා අවි­නි­ශ්චි­ත­තා­වක් ඇති කිරීම අර­මුණු කර ගනි­මින් කළ ක්‍රියා පිළි­බඳ, ලැබුණු බුද්ධි තොර­තුරු මත කට­යුතු නොකළේ මන්ද යන්න සොයා බැලිය යුතු බවයි.

මේ පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් අද­හස් දක්වන කමි­ටුව පව­සන්නේ, අවස්ථා ගණ­නා­ව­කදී ජනා­ධි­ප­ති­ව­රයා සිය නාය­ක­ත්වය ලබා දීමට අපො­හො­සත් වී ඇති බවයි. ආර­ක්ෂක මණ්ඩල රැස්වීම් වලට අදාළ පුද්ග­ල­යන් සහ­භාගි කර නොගැ­නීම මඟින් රජය හා එහි පද්ධති දුර්වල කළ බව ඒ යටතේ චෝදනා නඟා ඇති අතර; ව්‍යවස්ථා අර්බු­ද­යෙන් උත්සන්න කරන ලද ආණ්ඩුව තුළ බෙදීම් ද මීට හේතු­වක් වු බව පෙන්වා දෙයි. මීට වස­ර­කට පෙර ලංකාවේ සිදුවූ ව්‍යවස්ථා අර්බු­දය ද ආර­ක්ෂක තත්ත්වය කෙරේ සෘජු බල­පැ­මක් ඇති කළ බව පව­සන කමිටු වාර්තාව; අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ව ඒ තන­තු­රින් ඉවත් කර මහින්ද රාජ­පක්ෂ මහ­තාව බල­හ­ත්කා­ර­යෙන් අග­මැති පුටුවේ හින්ද­වීම, පාර්ලි­මේ­න්තුව තුළ ඇති වූ නොස­න්සු­න්කාරී හැසි­රීම් මෙන්ම ව්‍යවස්ථා අර්බු­දයේ නිමාව හා එයින් ඇතිවූ අය­හ­පත් තත්ත්වය පිය­ව­රෙන් පිය­වර විග්‍රහ කර ඇත. මේ කොමි­සම් වාර්තාව අව­සා­නයේ පවසා සිටින්නේ ඒ තත්ත්වය හේතු­වෙන් රටේ ආර­ක්ෂක යාන්ත්‍ර­ණයේ ප්‍රබල පිරි­හී­ම­කට ලක් වූ බවයි.

පාස්කු ප්‍රහා­රය පිළි­බඳ සෙවී­මට පත්කළ පාර්ලි­මේන්තු විශේෂ තේරීම් කාරක සභාව විසින් පාස්කු ප්‍රහා­ර­යට වග­කිව යුත්තන් වශ­යෙන් චෝදනා නඟා ඇති තවත් පිරි­සක් වන්නේ අග­මැ­ති­ව­රයා, ආර­ක්ෂක රාජ්‍ය ඇමැ­ති­ව­රයා හා නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව ය. මොවුන් ඇතුළු තවත් ආය­තන හා පුද්ග­ල­යන් රැසක් සිය වග­කිම් පැහැර හැර ඇති ආකා­රය මෙහි ලැයිස්තු ගත කොට ඇත.

පාස්කු ප්‍රහා­ර­යෙන් අන­තු­රුව සිදුවු දෑ පිළි­බඳ ව අද­හස් දක්වන කාරක සභාව පව­සන්නේ පාස්කු ප්‍රහා­ර­යෙන් අන­තු­රුව ඇතැම් දේශ­පා­ල­ඥ­යන් වග­කිම් විර­හිත ප්‍රකාශ කළා පම­ණක් නොව අවු­ළු­වන සුළු ප්‍රකාශ ද කළ බවත් ඊට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක කළ යුතු බවත් ය. වග­කීම් විර­හිත වෛරී ප්‍රකාශ කිරීම් සම්බ­න්ධ­යෙන් පාර්ලි­මේන්තු විශේෂ කාරක සභා වාර්තාව නැගෙ­න­හිර පළාත් හිටපු ආණ්ඩු­කාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහ­තා­ටද චෝදනා නඟා ඇත. සහ­රා­න්ලාට ක්‍රියා­ත්ම­ක­වී­මට යම් යම් දේශ­පා­ලන ශක්තීන් ලැබුණේ දැයි වෙනම විම­ර්ශන කළ යුතු බව ද එහි දැක්වෙයි.

මේ වාර්තාවේ සඳ­හන් වන තවත් වැද­ගත් තොර­තු­රක් වන්නේ; ජාතික ආර­ක්ස­ෂාව සම්බ­න්ධ­යෙන් ජාතික ආර­ක්ෂක මණ්ඩ­ලයේ රැස්වීම් පැවැ­ත්විම හා ඊට කැඳ­වීම් සිදු කළ ආකා­රය දැඩිව විවේ­ච­නය කිරී­මයි. 2018 නොවැ­ම්බර් මස 13 වැනි දිනෙන් පසුව පොලි­ස්ප­ති­ව­ර­යාට ආරා­ධනා නොක­රන ලෙසට ජනා­ධි­ප­ති­ව­රයා විසින් ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ එව­කට සිටි ලේක­ම්ව­ර­යාට උප­දෙස් උප­දෙස් දුන් බවත්, එමෙන්ම අග­මැ­ති­ව­ර­යාට හා රාජ්‍ය ආර­ක්ෂක අමා­ත්‍ය­ව­ර­යාට ආරා­ධනා නොක­රන බව­ටත් එහිදී උප­දෙස් ලැබී ඇති බව සඳ­හන් ය. එහෙත් මේ වස­රේදි විප­ක්ෂයේ මන්ත්‍රී­ව­රුන් 4 දෙනෙකු වන දයා­සිරි ජය­සේ­කර, තිලංග සුම­ති­පාල, මහින්ද අම­ර­වීර හා ලසන්ත අල­ගි­ය­වන්න යන විප­ක්ෂයේ මන්ත්‍රී­ව­රුන්ට ජාතික ආර­ක්ෂක කවු­න්සල රැස්වී­ම්ව­ලට සහ­භාගි කරවා ඇති බව එහි සඳ­හන් ය.

ශ්‍රී ලංකා හෝටල් සංග­මයේ 54 වන සංව­ත්ස­රය නිමි­ත්තෙන් සංවි­ධා­නය කර තිබූ වාර්ෂික සමු­ළුව අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා කොළඹදී පැවැ­ත්විණි. එහිදී හෝටල් ක්ෂේත්‍රයේ දක්වන ලද දාය­ක­ත්වය වෙනු­වෙන් සිරිල් ගාඩි­නර් සහ රත්න සිව­ර­ත්නම් මහ­ත්ව­රුන් වෙත අග­මැ­ති­ව­රයා සමරු තිළිණ ප්‍රදා­නය කළේය.

දින කිහි­ප­යක් මුළුල්ලේ සාක්ෂි ලබා ගැනී­මෙන් අන­තු­රුව පාර්ලි­මේන්තු විශේෂ කාරක සභාව විසින් සොයා ගත් සොයා ගැනීම් ද මෙහි සට­හන් කර තිබුණි. ඒ යටතේ ඔවුන් හඳු­නා­ගත් ප්‍රධාන ගැට­ලු­වක් වූයේ ආර­ක්ඹක හා බුද්ධි රාමුව තුළ සිදුවූ ගැටලු ය. එනම් ආර­ක්ෂක හා බුද්ධි තොර­තුරු රැස් කිරීමේ හුව­මාරු කිරීමේ දුර්ව­ල­තා­වන් ය. මෙහිදි රාජ්‍ය බුද්ධි සේවා අධ්‍ය­ක්ෂ­ව­ර­යාගේ සාක්ෂි දිම් දිගින් දිග­මට විග්‍රහ කරන කාරක සභා වාර්තාව පව­සන්නේ, 2019 අප්‍රේල් 4 වැනිදා සිය මූලා­ශ්‍ර­ය­කින් වට්අප් ඇප් හරහා බුද්ධි තෙර­තුරු ලද බව බුද්ධි සේවා අධ්‍ය­ක්ෂ­ව­රයා කාරක සභාව වෙ පැවු­සු­වද ඒ මූලාශ්‍ර මොන­වාද යන්න හෙළි නොකළ බවයි.

ඒ හා සමාන තොර­තුරු අප්‍රේල් 5 වැනිදා ලිඛි­තව ලද බව­ටද තහ­වුරු කර තිබුණි. මෙහිදි තමන්ට ලැබුණු බුද්ධි තොර­තුරු පිළි­බ­ඳව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍ය­ක්ෂ­ව­රයා පළ­මු­වෙන් දැනු­ම්වත් කළ පුද්ග­ලයා වී ඇත්තේ ජාතික බුද්ධි ප්‍රධා­නියා ය. අප්‍රේල් මස 7 වැනිදා මේ දැනු­ම්වත් කිරීම සිදු­කර ඇති අතර උප­දෙස් ද පතා ඇති බව වාර­තාවේ සැල ය. අප්‍රේල් මස 8 වැනිදා උදෑ­ස­නම තමන්ට එම තොර­තුරු ලැබුණ බව රාජ්‍ය බුද්ධි ප්‍රධානී විසින් පාර්ලි­මේන්තු කාරක සභා­වට පවසා ඇත. 8 වැනි දින සවස ඒ බුද්ධි තොර­තුර ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් වෙත යවා ඇති බවත්, අදාළ තොර­තුරු පොලිසි වෙත යවන ලෙසත් උප­දෙස් දී ඇති අතර, කෙසේ වෙතත් 8 වැනි දින උදෑ­සන ඉන්දීය ආර­ක්ෂක ලේකම්ගේ සංචා­රය හේතු­වෙන් ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් හමු­වී­මට ජාතික බුද්ධි ප්‍රධා­නි­යට නොහැකි වි ඇති බවත් සඳ­හන් ය. කෙසේ වෙතත් මෙය බර­ප­තළ කරු­ණක් බව කමිටු වාර්තාවේ සඳ­හන් වන අතර; ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ඉහ­ළම නිල­ධා­රී­යාට මෙවැනි තත්ත්ව­යක් දන්වා යැවීමේ සන්නි­වේ­දන අඩු­පාඩු තිබීම විශාල අස­ම­ර්ථ­තා­වක් ලෙස මෙම කමි­ටුව අව­ධා­ර­ණය කර ඇත.

මේ කමිටු වාර්තාවේ පාස්කු ප්‍රහාර වැළැ­ක්වීම සඳහා සෘජු භූමි­කා­වක් ඇති පුද්ග­ල­යෙන්ද ලැයිස්තු ගත­කර ඇත.

වාර්තාවේ අවස්ථා කිහි­ප­ය­ක­දීම මෙහි වැඩි වග­කී­මක් පවරා ඇත්තේ රාජ්‍ය බුද්ධි අංශ අධ්‍ය­ක්ෂ­ව­ර­යාට ය. මෙහි මුල් ම තොර­තුර ලැබුණු පුද්ග­ලයා ඔහු වීමත්, ඔහු මෙය ‘ ලෙඩක්‘ ලෙස සඳ­හන් කිරීම තුළ මේ ප්‍රශ්න­යට ඔහු ලබා දී තිබූ වැද­ග­ත්ක­මද මෙම වාර්තා­වෙන් දැඩිව විවේ­ච­නය කර ඇත.

කෙසේ වෙතත් මෙහිදි අධ්‍ය­ක්ෂ­ක­ව­රයා ගෙන ඇති පිය­ව­රද කමිටු වාර්තාවේ සඳ­හන් කර ඇත්තේ ඔහු ලබා දී තිබුණු සාක්ෂි මත ය. එසේම ඔහු කමි­ටු­වට පවසා තිබුණේ පාස්කු ඉරු­දින ප්‍රහා­ර­යට පළ­මුව ලැබුණු බුද්ධි තොර­තුරු පිළි­බඳ දේශ­පා­ලන නාය­ක­ත්වය දැනු­ම්වත් කර නොතිබූ බවයි. මෙය බර­ප­තළ කරු­ණක් බව කමි­ටුව සඳ­හන් කරයි.

 ශ්‍රී ලංකා පත්‍ර කලා සංග­මයේ 64 වන සංව­ත්සර උලෙළ ක­ථා­නා­යක කරූ ජය­සූ­රිය මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ශ්‍රී ලංකා පද­නම් ආය­ත­න­යේදී පසු­ගි­යදා පැවැ­ත්විණි.  ‍මෙරට මාධ්‍ය ප්‍රවී­ණ­යන් මෙන්ම දකුණු ආසියා රට­වල ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේ­දීන් පිරි­සක්ද එක් වූ එම සංව­ත්සර උලෙ­ළේදී පුව­ත්පත් කලාව වෙනු­වෙන් අන­භි­භ­ව­නීය දාය­ක­ත්ව­යක් ලබා දුන් ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේ­දීහු සම්මා­න­යට පාත්‍ර වූහ. එහිදී ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදී, සිළු­මිණ හිටපු කර්තෘ එඩ්මන්ඩ් රණ­සිංහ මහතා කථා­නා­යකවරයා අතින් සම්මාන ලද අව­ස්ථාව...

මෙම කමිටු වාර්තාවේ ජනා­ධි­ති­ව­රයා විසින් ලබා දුන් ප්‍රකාශ පිළි­බඳ දීර්ඝ විග්‍ර­යක යෙදෙයි. 2019 අප්‍රේල් මස 16වැනිදා ජනා­ධි­ප­ති­ව­රයා රටින් බැහැර වන විට වැඩ බලන ආජ්‍ය ආර­ක්ෂක ඇමැ­ති­ව­ර­යකු පත් නොකි­රීම පිළි­බ­ඳව ද විවේ­ද­නය කරයි.

එසේම පාස්කු ප්‍රහාර සම්බ­න්ධ­යෙන් තමන්ට දැනුම් දෙන ලද්දේ ලංකාවේ වේලා­වෙන් පෙ.ව 7.30/ 8.30 අනු­රූප වන පෙ.ව 10/11 පම­ණක් බව ජනා­ධි­ප­ති­ව­රයා කාරක සභා­වේදි පැවැසු බවත්, එයින් පෙනි යනුයේ ප්‍රහාර වලට පෙර ජනා­ධි­ප­ති­ව­රයා දැනු­ම්වත් කළ බවත් ය. මාධ්‍ය වාර්තා හුවා දක්ව­මින් රාජ්‍ය බුද්ධි සේවා අධ්‍ය­ක්ෂක විසින් 2019 අප්‍රේල් 11 වැනි දින ජනා­ධි­ප­ති­ව­රයා දැනු­ම්වත් කළ බව පාර්ලි­මේන්තු විශේෂ කාරක සභාව නිරී­ක්ෂ­ණය කරයි. එහෙත් තමාට දැනුම් දෙනු ලැබූයේ ප්‍රහාරවලින් පසුව බව ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සඳ­හන් කළ බව කාරක සභාව පව­සයි.

මේ වාර්තාව කතා­නා­ය­ක­ව­රයා විසින් නීති­ප­ති­ව­ර­යාට යොමු කර ඒ මාර්ග­යෙන් අවශ්‍ය අධි­ක­රණ ක්‍රියා­මාර්ග ගත හැකි බව පාර්ලි­මේන්තු විශේෂ කාරක සභාව පව­සයි. එයින් එකක් වන්නේ ව්‍යූහ­මය හා නීති­මය ප්‍රති­සං­ස්ක­රණ වල අව­ශ්‍ය­තා­වයි. එසේම වෙන­ස්වන ආර­ක්ෂක අභි­යෝ­ග­යන්ට විස­දුම් සෙවී­මේදි අත්‍යා­වශ්‍ය වන ජාතික ආර­ක්ෂක උප­දේ­ශ­ක­ව­ර­ය­කු­ගෙන් සම­න්විත ස්වාධීන හා ශක්ති­මත් ජාතික ආර­ක්ෂක මණ්ඩ­ල­යක අව­ශ්‍ය­තා­වත් පෙන්වා දෙයි. එසේම මේ කමි­ටුව විසින් නැඟී ගෙන එන අන්ත­වා­ද­යද විශේෂ අව­ධා­න­යක් යොමු කර­මින් කතා කර ඇත. මෙහිදි කමි­ටුව පව­සන්නේ මේ වන විට ලංකාවේ බොහෝ පළා­ත්වල වහ­බ්වා­දයේ හා අරා­බි­ක­ර­ණයේ විශාල වැඩි වීමක් පෙන්නුම් කරන බවයි.

මෙවැනි කරුණු කාරණ රැසක් හුවා දක්ව­මින් පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් සිය වාර්තාවේ ඉතා දිගු විස්තර කිරී­මක් කර ඇති අතර මෙම­ඟින් වහා සිදු­කළ යුතු විශේෂ නිර්දේශ අටක්ද පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කර ඇත. ආර­ක්ෂක හා බුද්ධි අංශ ප්‍රති­සං­වි­ධා­නය කිරීම, ශක්ති­මත් මූල්‍ය අධී­ක්ෂණ යාන්ත්‍ර­ණ­යක් ඇති කිරීම, ආග­මික අන්ත­වා­දය පාල­නය හා අධී­ක්ෂ­ණය කිරීමේ අව­ශ්‍ය­තාව, අධි­ක­රණ ප්‍රමාද වැළැ­ක්වී­මට නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රති­සං­වි­ධාන කිරීම, වහ­බ්වා­ද­යට, ඉස්ලාම් අන්ත­වා­ද­යට විරු­ද්ධව ක්‍රියා­මාර්ග ගැනීම, මාධ්‍ය වාර්තා­ක­ර­ණය හා ව්‍යාජ පුවත් ගැන අව­ධා­නය යොමු කිරීම, දේශ­පා­ල­න­ඥ­යන් ජන­තාව වෙනු­වෙන් වග­වී­මට සැලැ­ස්වීම හා නැගී එන අන්ත­වා­දය මැඩ­පැ­වැ­ත්වී­මට අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ඇති කිරීම ඒ නිර්දේශ අටයි. පාර්ලි­මේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පිළි­බඳ දින දෙකක විවා­ද­යක් ඉදි­රි­යේදී පැවැ­ත්වී­මට නිය­මි­තය.

Comments