
නිල් පාටට මුහුදක් සේ
එහි තැන තැන පුලුන් බෝල
එහෙට මෙහෙට දුව පනින්නේ
හිරු මාමා සැර වෙලා ද?
පුලුන් බෝල හිටි හැටියෙම
හැඩ ගන්නවා එක එක විදිහට
වැඩි වුණාම ජලය ඔබට
කළු වෙන්නේ කුමට ද මූණ
අහස පුරා ඉරි යවලා
රන් පාටට අත දිගු කරලා
ජලය හලයි ගොරව ගොරව
වලාකුළේ කොහිදෝ නුඹ
ඩී.ජී. චතුරි එරන්දි සමුද්‍රිකා
10 ශ්‍රේණිය ‘ඩී’,
ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය,
බද්දේගම