සෝමපුර වැසියන්ට හමුදාවෙන් නිවාස | Page 6 | සිළුමිණ

සෝමපුර වැසියන්ට හමුදාවෙන් නිවාස

ත්‍රස්තවාදී තර්ජන එල්ල වූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සෝමපුර ප්‍රදේශයේ පවුල් 3ක් වෙනුවෙන් නිවාස තනා දීම පිණිස තලගල සුමනරතන හිමියන් විසින් ගොඩනැගිලි ද්‍රව්‍ය ලබා ගැනීම පිණිස මූල්‍යාධාර ලබා දුන් අතර එම මුදලින් පූර්ණ ශ්‍රම දායකත්වය ලබා දී නිවාස තනා දීමට 224 වන බල සේනාව මූලිකත්වයෙන් කටයුතු කරන ලදී.

එහිදී ත්‍රස්තවාදීන් විසින් පැහැර ගෙන ගිය ස්වාමිපුරුෂයින්, දරුවන් අහිමිව සිටි පවුල් ඇතුළු ඉතා අසරණ වූ පවුල් 3ක් වෙනුවෙන් එම නිවාස තනා දුන් අතර එසේ නිවාස ලාභීන් හමුවී සුවදුක් විමසීමට 224 වන බල සේනාධිපති කර්නල් ප්‍රසන්න එදිරිවීර, එහි සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් නිමල් සමරසිංහ, ලුතිනන් කර්නල් රෝහණ ගමගේ ඇතුළු මහත්වරු සහභාගි වූ අවස්ථාව. සේයාරුව- විමල් කරුණාතිලක

Comments