අරාබි බසින් මුද්‍රිත සැක සහිත බැනර් සහ පුවරු රෑසක් | Page 11 | සිළුමිණ

අරාබි බසින් මුද්‍රිත සැක සහිත බැනර් සහ පුවරු රෑසක්

කල්පිටිය සමූහ

අරාබි බසින් මුද්‍රිත සැක සහිත බැනර් සහ පුවරු 400ක් කල්පිටිය පුදුකුඩිරිප්පුව ප්‍රදේශයේ අත් හැර දමා තිබිය දී 29 දින සැන්දෑවේ කල්පිටිය පොලිසිය විසින් සොයාගෙන ඇත.කල්පිටිය නගරයේ තව්හිද් ජමාද් සංවිධානයේ සාමාජිකයින් බවට සැක සහිත පුද්ගලයින්ගේ නිවාස වටලා සිදු කරණ ලද හදිසි සෝදීසි මෙහෙයුමක් අතරතුර දී මෙම බැනර් හා පුවරු තොගය හමු වී ඇත.

මෙවැණිම බැනර් හා පුවරු 500 ක් 28 දින කල්පිටිය නාච්චිකල්ලිය කළපු තෙර අත් හැර දමා තිබිය දී කල්පිටිය පොලිසිය විසින් සොයා ගෙන තිබිණි.

මෙම බැනර් සහ පුවරු මගින් මුස්ලිම් ජාතිකයින් සදහා කරන ලද විවිධ පරිත්‍යාගයන් පිළිබදව සදහන් වන බැව් මූලික පරීක්ෂනවලදී අණාවරනය වී ඇත.එම පරිත්‍යාගයන් සිදු කරන ලද ආයතනයන් ඇතුලු කරුණු රැසක් අණාවරන කර ගැනීම සදහා කල්පිටිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.

Comments