මල්ව­තු­ ඔ­යට හදි කරන පූජා නගර වැසියෝ | සිළුමිණ

මල්ව­තු­ ඔ­යට හදි කරන පූජා නගර වැසියෝ

රජ­රට ඈත ගම්මැ­දි­වල ඇත්තෝ මාරා­න්තික වකු­ගඩු රෝගය සමඟ දශ­ක­ තු­නක පමණ කලක සිට පොර බඳිති. එක් පසෙ­කින් එය සොබාද­හ­මට පිටු­පෑමේ විපා­ක­යකි. පුද­බිමේ හද­වත බඳු මල්වතු ඔය­ටත් වැඩි කලක් යෑමට පෙර ඒ විනා­ශ­යම අත්වේද? සොබා­ද­හ­මට ආද­රය කර­න්නන්ගේ හිඟ­කම නිසාත්, හදි කටි­න­වුන් වැඩි නිසාත් මල්වතු ඔයට හුද­ක­ලා­වම හුස්ම අදි­න්නට සිදුව ඇත. 

* විනා­ශය ගැන ප්‍රජාව දැනු­වත් කර­මින් පා ගම­නක්
* මල්වතු ඔය රකින්න රජ­රට විශ්ව­වි­ද්‍යා­ලය පෙරට
* නග­රයේ හෝටල් සහ නේවා­සි­කා­ගා­ර­වල අප­ද්‍රව්‍ය කෙළින්ම මල්වතු ඔයට

මල්වතු ඔය මෙරට පැරැ­ණි­තම ස්වභා­වික ජල මුලා­ශ්‍රය ලෙස පිළි­ගැනේ. රිටි­ගල කඳු යායෙන් ආරම්භ වී මන්නා­ර­මෙන් මුහු­දට එකතු වන මල්වතු ඔය දිගින් මහ­වැලි ගඟට පම­ණක් දෙවැ­නි­ව­න්නකි. කිලෝ මීටර් 164 ක් නොඑ­සේ­නම් සැත­පුම් 102 ක් පුරා ගලා­යන මල්වතු ගං කොම­ළිය අව­සන මන්නා­රම් තොටේදී මහා සමු­දුර හා යුග දිවි අර­ඹයි. ඒ යන අත­ර­ම­ඟදී කුඩා පරි­මාණ වැව් 179 කුත්, මධ්‍ය සහ මහා පරි­මාණ වැව් 15 කුත් මල්වතු ඔයෙන් පෝෂ­ණය ලබයි. වර්ත­මා­නයේ මේ ස්වභා­වික ජල මූලා­ශ්‍රය අනු­රා­ධ­පුර නගර සීමා­වේදි දැඩි පාරි­ස­රික හානි­ය­කට සහ දුෂ­ණ­ය­කට ලක්වෙ­මින් පව­තින බව රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ, කෘෂි­කර්ම පීඨයේ ආචාර්ය තුෂිත අම­ර­සේ­කර මහතා පව­සයි.

අනු­රා­ධ­පුර පුජා නග­රයේ විරා­ජ­මාන ජයශ්‍රී මහා බෝ සමි­ඳුන්ගේ පිහිට ද ලැබ දහ­ස­කට ආසන්න ගම්මැදි පසු­කොට සිය­වස් ගණ­නක් පුරා හැල්මේ ගලා­ගිය මල්වතු ගං කොම­ළිය වත්ම­නදී අභි­යෝග රැස­කට මැදිව සිටි­න්නීය. මල්වතු ඔය මෙරට සාම්ප්‍ර­දා­යික ජන ජීවි­තයේ ආර්ථික සමෘ­ධි­යේත්, සහ­ජී­වන දිවි පෙවෙ­තේත් ජීව­මාන සාක්ෂි­ක­රු­වෙකි. දිය කඳක් පම­ණ­කුදු නොව සංස්කෘ­තික දායාද රැසක ගුණ සුවඳ ද ඒ දිය සිසිල හා මුහුව ඇත. එහෙත් වත්මන දී අනු­රා­ධ­පුර නග­රය මැදින් දිවෙන ඇළ මාර්ග තුනක් ඔස්සේ එන අප ජලය සහ විවිධ අප­ද්‍රව්‍ය මල්වතු ඔයට ගලා­යෑම මගින් එහි ජලය දැඩි දුෂ­ණ­ය­කට ලක්වන බව ආචාර්ය අම­ර­සේ­කර මහ­තාගේ පැහැ­දිලි කිරීම වී ඇත.

රජ­රට කෘෂි පීඨ පර්යේ­ෂ­ණය

අනු­රා­ධ­පුර මහ රෝහල පිටු­ප­සින් ගලා යන ඇළ මාර්ගය, කුබි­ච්ච­න්කු­ලම සහ කඩ පනහ වැව්ව­ලින් ඇර­ඹෙන ඇළ මාර්ගය සහ පැරණි බස් නැව­තු­ම්පළ හා මාර්කට් පෙදෙස හරහා ගලා යන ඇළ මාර්ගය මගින් ගලා එන අප ජලය සහ විවිධ අප­ද්‍රව්‍ය මල්වතු ඔයට එක්වී­මෙන් මෙම අව­ධා­නම මතුව ඇත. රජ­රට විශ්ව විද්‍යා­ලයේ කෘෂි­කර්ම පීඨය මගින් සිදු­කළ පර්යේ­ෂ­ණ­ය­කින් තහ­වුරු වී ඇත්තේ නගර සීමාවේ මල්වතු ඔයට යාබ­දව පිහිටි හෝටල් සහ නේවා­සි­කා­ගාර මගින් මුදා­හැ­රෙන අප­ද්‍රව්‍ය මල්වතු ඔයට සෘජුව මුදා­හැ­රීම මගින් මෙම අව­ධා­නම තව­දු­ර­ටත් උත්සන්න වී ඇති බවය.

විජය කුමරු සහ ඔහුගේ සහ­චර ඇම­ති­ව­රුන් මෙරට ට අහ­ම්බෙන් සේන්දු වී පසු­ක­ලෙක මල්වතු ඔය අස­බඩ ජනා­වාස පිහිට වු බව ප්‍රකට ඉති­හාස කතාව වේ. එකල්හි අනු­රාධ නම් ඇම­තියා විසින් පිහිට වු අනු­රා­ධ­ගා­මය අද අනු­රා­ධ­පු­රය වී තිබේ. එකල පටන් මල්වතු ඔය අනු­රා­ධ­පු­රයේ හද­වත බඳුය. සුව­හ­සක් සත්ව­යින්ගේ පානීය ජල අව­ශ්‍ය­තා­වත්, කෘෂි­කා­ර්මික කට­යුතු සඳ­හාත් ජලය සප­ය­මින් හැල්මේ ගලා බසින මන­ස්කාන්ත මෙම ජල ප්‍රවා­හය රිටි­ගල රක්ෂි­ත­යෙන් පිරි­සුදු දිය පහ­රක්සේ ඇරැඹී අනු­රා­ධ­පු­රය පසු­ක­රත්ම දුෂ­ණ­යට ලක්වීම කෙත­රම් නම් අභා­ග්‍ය­යක්ද?

ජල සාම්පල පරික්ෂා

රිටි­ගල සිට සැත­පුම් ගණ­නා­වක් උප­ද්‍රව රහි­තව ගලා­එන මල්ව­තු­ඔය අනු­රා­ධ­පුර නග­රය පසු­කොට ගලා යත්ම විවිධ හේතු පද­නම්ව දැඩි දුෂ­ණ­ය­කට ලක්ව ඇති බව ජල සාම්පල පරී­ක්ෂාව මගින් තහ­වුරු වී ඇතැයි ආචාර්ය අම­ර­සේ­කර මහතා හෙළි කළේය. ගෘහා­ශ්‍රි­තව මුදා­හැ­රෙන අප­ජ­ලය, නාන කාමර අප­ජ­ලය, ගෙවතු අප­ජ­ලය, නිවා­ස­වල බහි­ස්ස්‍රාවි අප­ද්‍රව්‍ය ආදිය ඔයෙහි දිය දුෂ­ණය වීමට හේතුවී ඇත. බැර­ලෝහ අඩංගු විෂ රසා­ය­නික ද්‍රව්‍ය එනම් කෘමි­නා­ශක සහ වල්නා­ශක, නයි­ට්‍රේට්, පොස්පේට් අඩංගු පොහොර අධි භාවි­තය, සත්ව පාල­නය ආශ්‍රි­තව මුදා­හැ­රෙන අප ජලය ආදි කෘෂි­කා­ර්මික අප­ද්‍ර­ව්‍ය­වල බල­පෑ­මද මල්ව­තු­ඔයේ ජලය දුෂ­ණ­යට හේතුවී ඇති බව ද තහ­වුරු වී ඇත. එමෙන්ම කර්මාන්ත ආශ්‍රි­තව මුදා­හැ­රෙන තෙල්, ග්‍රීස් වැනි බැර ලෝහ සහිත අප­ජ­ලය, අධික උෂ්ණ­ත්ව­යෙන් යුතු ජලය ද මෙම පාරි­ස­රික හානිය සඳහා හේතු­වන බව හෙළිවී තිබේ.

වග­කි­ව­යු­ත්තන් නිහ­ඬයි

ලැගු­ම්හල්, විවිධ මාදි­ලියේ හෝටල් හා ආප­න­ශාලා විශාල සංඛ්‍යා­වක් පිහිටා ඇති නගර අතර අනු­රා­ධ­පු­රය ද පෙර­මුණේ වෙයි. එවැනි ස්ථාන ගණ­නින් පන්සි­යය ඉක්ම­වන බව නම් නිසැ­කය. එසේම මෙපුර ස්වභාව සෞන්ද­ර්යත්, ඓති­හා­සික වටි­නා­ක­මත් තොරො­ම්බල් කර­මින් රුපි­යල් ශත සොයන්නෝ ද බොහෝ වෙති. කරුණු එසේ වුව ද අනු­රා­ධ­පු­රයේ පාරි­ස­රික සුර­ක්ෂි­ත­තාව කෙරෙහි වග­කි­ව­යු­ත්තන්ගේ සහ මෙබි­මෙහි වටි­නා­කම් විකුණා මුදල් උප­ය­න්න­වුන්ගේ ඇති සැල­කිල්ල කොතෙක් ද යන්නට මල්වතු ඔයේ විනා­ශය තවත් එක නිද­සු­නක් පම­ණකි.

ඔය ආශ්‍රි­තව ඇති ලැගු­ම්හල් සහ හෝටල් විශාල ගණ­නකි. මේ බොහෝ තැන්වල අප­ජ­ලය බැහැර කිරීමේ කාණු හෝ නළ සෘජු­වම මල්වතු ඔයට යොමු­කොට තිබීම මෙතෙක් වග­කි­ව­යුතු කිසි­වෙකු නොදුටු විනා­ශ­යකි.

කිස්තු වර්ෂ 1660 අප්‍රේල් මස 04 වැනි දින අහ­ම්බෙන් මෙර­ටට ගොඩ­බට නාවි­ක­යෙකු වු ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් මහතා මෙරට කන්ද උඩ­රට රාජ­ධා­නියේ සිර­ක­රු­වෙක් ලෙස සිට ඇත. වසර දහ­න­ව­ය­කුත් මාස හය­කට ආසන්න කාල­ය­කට පසුව මෙර­ටින් සිය මව්බි­මට පැන­ගොස් පසු­කා­ලී­නව මෙහි ජන ජීවි­තය අළලා ඔහු විසින් රචිත කෘතිය ලොව පුරා පර්යේ­ෂ­ක­යින්ගේ අව­ධා­න­යට සහ පිළි­ගැ­නී­මට පාත්‍ර­වු­වකි. ඩේවිඩ් කරු­ණා­රත්ත සුරින් එම කෘතිය එදා හෙළ­දිව නමින් සිහල බසට අනු­ව­ර්ත­නය

කර­නුයේ එවක මෙරට ජන සමා­ජයේ ස්වභා­වය මැද­හත්ව විනි­විදි ආග­න්තු­ක­යෙ­කුගේ අත්දැ­කීම් වත්මන් සමා­ජ­යට දායද කිරීමේ මඟ පාද­මිනි. මෙම අනු­ව­ර්තිත කෘති­යට අනුව අනු­රා­ධ­පු­රය නගර මධ­යෙන් ගලා ගොස් මන්නා­රම් ද්‍රෝණි­යෙන් මුහුද හා මුහු­වන ඔයක් නොඑ­සේ­නම් ගඟක් පිළි­බඳ තොර­තුරු දක්වා ඇත. එය මල්වතු ඔය නම් වෙයි.

මේ ඔය ඔස්සේ මන්නා­රම් තොටට ගොස්, ඉන් යාප­න­ය­ටත්, අන­තු­රුව කොළ­ඹ­ටත් පසුව එහි සිට නැව් නැග සිය මව්රට වන එංග­ල­න්ත­යට පැන­ගිය රොබට් නොක්ස් සිය කෘතියේ පරි­ච්ඡේද දෙකක් පමණ මල්වතු ඔය වෙනු­වෙන් වෙන්කොට ඇත. මල්වතු ඔයෙන් පාර අසා සිය මව් රටට පැන ගිය ඔහු තම කෘති­යෙහි අව­සන් භාග­යෙහි ඒ වග මෙප­රි­ද්දෙන් විස්තර කොට ඇත.

රොබට් නොක්ස් දුටු මල්වතු ඔය

‘අපගේ ජීවි­තයේ කිසිම දිනෙක නොගොස් තිබුණු මෙම අනු­රා­ධ­පුර නග­ර­යට යන මං තොර­තුරු කිසි­වක් අප නොදැන සිටි බව සැබෑ ය. එහෙත් අනු­රා­ධ­පු­ර­යට යන පාර කිසි­වෙ­කු­ගෙ­නුත් නො අස­න්නට අපි විශේ­ෂ­යෙන් පරෙ­ස්සම් වීමු. ඒ අප ගැන සැක ඇති වෙතියි බියෙනි. එහෙත් අපි නිවැ­රිදි මඟ හැටි­යට අපට පෙනී ගිය මාර්ගය ඔස්සේ හුදෙ­ක­ලාව කැලෑව මැදින් ගමන් කෙළෙමු. අප අනු­මා­න­යෙන් හරි මඟ යැයි සිතු මාර්ගය සැබැ­වින් ම හරි මඟ වුයේ ය. එහෙ­යින් එක එල්ලේම අපේ අභි­මත ස්ථාන­යට පැමි­ණෙ­න්නට අපට පුළු­වන් විය. මෙම නග­ර­යට එන්නට පෙර වනා­න්ත­රය අත­රින් ගලා ගිය සිංහ­ල­යින් විසින් මල්වතු ඔය යැයි කියනු ලබන කුඩා ගංගා­වක් තර­ණය කර­න්නට අපට සිදු­විය. මෙම ගඟ හොඳා­කාර පරීක්ෂා කළ අපි සමුද්‍ර ආස­න්න­යට යන්නට වඩා සුදුසු මාර්ග­යක් නොලැ­බු­ණ­හොත් මේ ගංගාව දිගේ වත් ගමන් කොට මුහුදු වෙර­ළට පැමි­ණිය හැකි බව සිතා සැන­සු­නෙමු. සෙසු හැම මඟක් ම වැරදී ගිය ද මෙම ගංගාව අපට මහා සමු­ද්‍ර­යට මාර්ගය කියන බව අපි ඉඳරා ම විශ්වාස කළෙමු. එහෙ­යින් පළමු කොට අනු­රා­ධ­පු­ර­යට පැමි­ණි­යෙමු.’

මෙන­යින් පාරි­ස­රික මෙන්ම ඓති­හා­සික වටි­නා­ක­මින් ද අනුන මල්වතු ඔය දෙස් විදෙස් සංචා­රක අව­ධා­නය නොඅ­ඩුව දිනන අනු­ර­පුර නගර මධ්‍යයේ දී ඉම­හත් අභා­ග්‍ය­ය­කට මැදි­වීම සංවේ­ගය දන­ව­න්නකි. අනා­ගත පර­පු­රෙන් ණයට ගත් මේ පාරි­ස­රික දායාද සුර­ක්ෂිත කිරීම මානව දයා­වෙන් සහ නිර්ව්‍යාජ හැගී­මෙන් යුතු අයෙ­කුට පම­ණක්ම කළ හැක්කකි. මෙම අව­ධා­නම් සහ­ග­ත­ත­ත්වය පිළි­බ­ඳ­ප්‍ර­ජාව දැනු­ම්වත් කිරීම සදහා සංවි­ධා­නය කළ පා ගම­නක් රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ කෘෂි­කර්ම පීඨයේ සිට අනු­රා­ධ­පුර නව නග­රය දක්වා ඉකුත් දා පැවැ­ත්විණි. විශ්ව­වි­ද්‍යා­ල­යීය ආචාර්ය මණ්ඩ­ලය සහ කෘෂි­කර්ම පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍ය­වන් එක්ව පිහි­ටුවා ඇති මල්ව­තු­ඔය සුරැ­කීමේ සංස­දය මගින් පා ගමන සංවි­ධාන කොට තිබිණි. සංස­දයේ සම්බ­න්ධී­කා­රක සදරූ හස­රංග ශාන්ත­ප්‍රිය පැව­සුයේ විවිධ ස්වේඡ්චා සංවි­ධාන සහ පාසල් මට්ට­මින් දැනු­ම්වත් කිරීමේ වැඩ­ස­ට­හන් ඉදි­රියේ දී පැවැ­ත්වී­මට සැල­සුම් කොට ඇති බවය.

රෝහල් හා ගෘහා­ශ්‍රිත අප ජලය සෘජු­වම ඔයට මුදා නොහැ­රීම, හෝටල් හා ගෘහා­ශ්‍රි­තව සනී­පා­ර­ක්ෂක වැසි­කිලි භාවි­තය, ප්ලාස්ටික්, පොල­තීන් වැනි නොදි­රන අප­ද්‍රව්‍ය ඔයට බැහැර නොකි­රීම, පොහොර භාවි­තයේ දී නිය­මිත ප්‍රමා­ණය පම­ණක් නිය­මිත කාලය තුළ නිව­රිදි ක්‍රම අනු­ග­ම­නය කර යෙදීම, ඔය දෙපස ඇති කුඹුක් ගස්, පඳුරු හෝ තෘණ වර්ග ඉවත් නොකි­රීම, රසා­ය­නික පොහොර වෙනු­වට හැකි­ත­රම් කාබ­නික පොහොර භාවි­තය, කෘමි­නා­ශක වෙනු­වට ශෂ්‍ය විද්‍යා­ත්මක ක්‍රම අනු­ග­ම­නය කිරීම වැනි ක්‍රියා­කා­ර­කම් මගින් මල්වතු ඔයේ අනා­ගත පැවැත්ම සහ­තික කළ හැකිය යන්න පර්යේ­ෂ­ක­යින්ගේ පැහැ­දිලි කිරීම වී ඇත.

පිරි­සුදු පානීය ජලයේ ඇති හිඟ­කම නිසාම රජ­රට ඈත ගම්මැ­දි­වල ඇත්තෝ මාරා­න්තික වකු­ගඩු රෝගය සමඟ දැන් දශ­ක­තු­නක පමණ කලක සිට සටන් වැද සිටිති. එක් පසෙ­කින් එය සොභා­ද­හ­මට පිටු­පෑමේ විපා­ක­යකි. මේ ගහට කොළට, ඇළට දොළට, සතා සිවු­පා­වු­නට, වැව් අමු­ණු­ව­ලට පෙම් බඳින කව­රෙකු හෝ වෙත්නම් අත රැඳි ටොපි කොළ­යක් හෝ හැල්මේ අත නොහ­රිනු ඇත. එහෙත් එවැ­න්නන්ගේ හිඟ­කම නිසාත්, හදි කටි­න­වුන් වැඩි නිසාත් මල්වතු ඔයට හුද­ක­ලා­වම හුස්ම අදි­න්නට සිදුව ඇත.

ඩබි­ලිව්. ප්‍රදීප්
ඡායා­රූප - තඹු­ත්තේ­ගම විශේෂ

 

Comments