
ආණ්ඩුව මඟින් රටපුරා ක්‍රියාත්මක කරන ග්‍රාම ශක්ති, ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ලැබිය යුත්තන්ට නිසි පරිදි හිමිවේදැයි සොයා බලා වාර්තා කිරීම විශේෂයෙන් දිස්ත්‍රික් මාධ්‍ය නිලධාරීන්ට පැවරෙන වගකීමකැයි හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ඊයේ ( 20 ) කොළඹ දී පැවසීය.
හෙතෙම එසේ කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැති දිස්ත්‍රික් මාධ්‍ය නිලධාරීන්ට මිලියන 12ක් වටිනා මාධ්‍ය උපකරණ බෙදා දීමේ අවස්ථාවට එක් වෙමිනි. එහිදී අදහස් දැක්වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා කියා සිටියේ තම දෙපාර්තමේන්තුව යටතේ පවතින දිස්ත්‍රික් මාධ්‍ය ඒකක නූතන ඩිජිටල් මාධ්‍යකරණයත් සමඟ කරට කර තරග කිරීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දීම පිණිස කළ හැකි සියලු සහායන් ලබා දෙන බවය.
එහිදී අදහස් දැක්වූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් රමණි ගුණවර්ධන මහත්මිය කියා සිටියේ රජය ද නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් නොඅඩුව ලබා දීම කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍ය බවය. එමෙන්ම දිස්ත්‍රික් මාධ්‍ය නිලධාරීන්ට ජනමාධ්‍යයක් නැතිවීමට පිළියම් යෙදීමට අවධානය යොමු කරන බවද හෙතෙම පැවසුවාය.