පැනගිය සිරකරුවන් සොයා මෙහෙයුමක් | Page 11 | සිළුමිණ

පැනගිය සිරකරුවන් සොයා මෙහෙයුමක්

රඹුක්කන පොලිස් ස්ථානයේ සිර මැදිරියක් තුළ රඳවා සිටියදී ඊයේ රාත්‍රී පලාගිය සැකකරුවන් 05 දෙනා සොයා පොලීසිය පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
 
පොලීසිය සඳහන් කළේ, අදාළ සැකකරුවන් හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ කුඩාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ය.
 
මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකුට ඇප ලබා දීමට ඔහු ඉවතට ගැනීමට යාමේදී අසළ සිටි පොලිස් නිලධාරියා තල්ලු කරමින් අදාළ සැකකරුවන් සිර මැදිරියෙන් පළා ගොස් ඇතැයි පොලීසිය පැවසුවේ ය.

Comments