හිමි­දිරි අසි­රිය.... | Page 10 | සිළුමිණ

හිමි­දිරි අසි­රිය....

සඳ කොම­ළිය හනි හනි­කට බැස­යන්නේ
හිරු කුමරා කන්ද උඩින් නැඟ­එන්නේ
මල් අසි­රිය විඳි­මින් වික­සිත වන්නේ
සියල් සමඟ නැවුම් දිනක් ඇර­ඹෙන්නේ

ගොවි­යන් උද­ලුත් අර­ගෙන රිසි සේ
පාසල් ළම­යින් දුව­මින් විගසේ
සියො­තුන් අහර සොයා යන විලසේ
දවස ගෙව­න්නට හැම­දෙන සැරසේ

පාට පාට මල් නෙතට ප්‍රියක් දේ
සුවඳ හමන විට ප්‍රබෝ­ධ­මත් වේ
දැකු­මෙන් අපෙ මන දොළ පිනවේ
හිමි­දිරි අසි­රියෙ හොඳ­හිත පැතිරේ

ලසඳ ඔෂාන් විජ­යා­නන්ද
13 ශ්‍රේණිය,
ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යා­ලය,
බළ­න්ගොඩ.

 

Comments