මුද්දර එක­තුව | Page 3 | සිළුමිණ

මුද්දර එක­තුව

මගේ විනෝ­දාං­ශය මුද්දර එකතු කිරී­මයි. මා ළඟ මුද්දර 4300 ක් පමණ තිබෙ­නවා. මම ඒවා අලං­කාර මුද්දර පොතක අලවා තබා ඇත්තෙමි. මා ළඟ ඉන්දි­යාවේ, කෙන්යාවේ, ඉතා­ලියේ, නයි­ජී­රි­යාවේ, ඊජි­ප්තුවේ, මැලේ­සි­යාවේ, ප්‍රංසයේ හා ඇමෙ­ර­කාවේ මුද්දර රැසක් වෙයි. අම්මා, තාත්තා හා යහ­ළුවෝ මට මුද්දර එකතු කිරී­මට උදව් කරති.

ඇතැම් රට­වල කොඩි­වල එම රටේ එක දේශික සතුන් හා එරටෙ කොඩිය ඇත. මා ළඟ 2000,1999,2001,1998,1996 වැනි වස­ර­වල මුද්ද­රවේ. ඉන්දි­යාවේ වත්මන් අග­මැති නරේන්ද්‍ර මෝදී හා මහත්මා ගාන්ධි ගේ රුව ඇතු­ළත් ඉන්දි­යානු මුද්දර ද මාළඟ තිබේ.

මගේ කැම­තිම මුද්ද­රය වේ. ඇම­රි­කාවේ ඒක­දේ­ශික කුරුල්ලා වන කැසෝ­වරි කුරුල්ලා සිටින මුද්ද­ර­යයි. මුද්දර එකතු කිරී­මෙන් දැනුම වර්ධ­නය හා අනෙක් රට­වල විස්තර දැක­ගැ­නී­මට හේතු වේ.

තේමික බිම්සත්
6 ශ්‍රේණිය ‘එච්’,
නාලන්දා විදු­හල,
කොළඹ-10.

Comments