සරුං­ගලේ | Page 4 | සිළුමිණ

සරුං­ගලේ

කුරුසෙ වගේ ඉරටු දෙකක් එකට බඳි­නවා
ඉරටු දෙකේ කොන් සත­රට නූල් බඳි­නවා
පොඩි වක­යක් එන විදි­හට නූල බඳි­නවා
පාට පාට කොළ අලවා හැඩ කරවනවා
පාට පාට රැලි කර­දහි වලිගෙ බඳිනවා
සම­බර ලෙස සරුං­ගලේ හොඳට හද­නවා
වෙල් එළියේ නිල් අහසේ සරුං­ගලේ පාවෙ­නවා
මගේ හිතේ සතුට අරන් සරුං­ගලේ පාවෙ­නවා
ඈතින් ඈතට සරුං­ගලේ පාවී යනවා
නූල දිගේ නිල් අහසේ එන්න හිතෙ­නවා

එනිදු සුප­සන් ප්‍රේම­සු­න්දර
6 ශ්‍රේණිය ‘සී’,
කේරී විද්‍යා­ලය,
‍කොළඹ 08.

Comments