
ක්‍රි:ව: 1415 දී කෝට්ටේ රාජධානිය කොට ගෙන රජ වූ 6 වැනි පරාක්‍රමබාහු රජුගේ කාලයෙහි සිංහල සාහිත්‍ය ප්රබෝධයට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේද කෝට්ටේ යුගයයි. එකල ලියැවුණු පොත් අතර බුදුගුණාලංකාරය, ගුත්තිල කාව්‍යය, පංචිකා ප්‍රදීපය, කාව්‍යශේඛරය ආදිය වේ. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් අතින් ලැයැවුණු සැලළිහිණි සන්දේශය ද එම කාලයෙහි ලියැවුණකි.
මෙම සංදේශයෙහි දුතයා සැලළිහිණියා වන අතර මෙය ලිවීමෙහි ප්‍රධාන අභිප්‍රාය වී ඇත්තේ උලකුඩය දේවියට දරුවකු ලබා දෙන ලෙස විභීෂණ දෙවියන්ගෙන් ඉල්ලා සිටීමයි.
එමෙන්ම ජයවර්ධනපුරයේ සිට කැලණිය දක්වා යැවෙන ලෙස ලියා ඇති සැලළිහිණි සන්දේශයට කවි 108ක් අතුළත්ය. සැලළිහිණි සන්දේශය මෙන්ම තවත් බොහෝ සන්දේශ කාව්‍ය මඟින් සිංහල සාහිත්‍යය සුපෝෂිත වී ඇත.
අමීරා හමීඩ්
8 ශ්‍රේණිය ‘ඩී’,
යසෝදරා විද්‍යාලය,
කොළඹ 08.