
තම නිජබිම නොවුණත් මේ අපේ රට
රට දැය සමය නිතරම රැක ගැනීමට
සිහළ දනන්ගේ නෙත් යුග ඇරීමට
කඩුවට වඩා පෑනේ බල උසස් කොට
පෑනේ සවිය තම දෝතට අරගන්නේ
වීර සිතුම් අකුරු වලට හරවමිනේ
සිහළ ජාතියට නව පණ පොවමින්නේ
මහින්ද හිමි තම අදහස් ලියමින්නේ
මහින්ද හිමිගේ ඇසුරට පත්වෙන්නේ
වැටී සිටිය සිංහලයන් නැගිටින්නේ
තම ජාතියේ ඉදිරිය ගැන සිතමින්නේ
පින්බර දේසෙකට තම දිවි පුදමින්නේ
සිරිලක් මවගෙ අබිමන ගැන නිති සෙව්වා
ඒ වෙනුවෙන් තම යුතුකම් ඉටු කෙරුවා
කවි සිතිවිලි වලින් හැම ඔපවත් කෙරුවා
මනරම් කවිවලින් රට දැය සැනසුවා
ඒ.එච්.බුද්ධිකා සංජීවනී
12 ශ්‍රේණිය,
හැදුණුවැව මධ්‍ය මහා විද්‍යාලය,
හැදුණුවැව