
සුද්දගෙ කාලෙ පටන් ගත් පැරැණි පාසලක (ඉන්වෙන්ට්‍රිය) බඩු භාණ්ඩ ලේඛනයේ ඉංග්‍රීසි භාෂාවෙන් මෙවැනි උපකරණයක් විය. සිංහල ගුරුවරු මෙහි තේරුම නොදත් බැවින් ගුරුවරුන් මාරුවීයාමේදී ලේඛනයේ සඳහන් බඩු පෙන්වන දේවල් අතර මෙම ‘යුනියන් ජැක්’ කියා පෙන්වීමට පුරුදුව සිටියේ මෝටර් රථයකින් ඉවත් කළ පරණ මළකඩ කා දිරා ගිය ‘ජැක්’ එකකි.
මෙසේ සෑහෙන කාලයකට පසුව මෙම විදුහලට ඉංග්‍රීසි හොඳින් උගත් විදුහල්පතිවරයෙක් මාරු වී පැමිණියේ ය. හිටපු විදුහල්පතිවරයා ඉන්වෙන්ට්‍රි බඩු බාරදෙන අතරේ අර ‘යුනියන් ජැක්’ එක කියා පෙන්වූයේ ද පරණ ජැක් එකය. මෙය දුටු නව විදුහල්පති ඔළුවේ අත ගසා ගත්තේ ය.
“මිනිහො ‘යුනියන් ජැක්’ කියන්නේ මේ මඟුල නෙව බ්‍රිතාන්‍යය රජයේ ජාතික කොඩිය” යි පැවසීය.
එච්.ඩී. ආරියරත්න
අනුරාධපුර.