යූනියන් ජැක් | Page 2 | සිළුමිණ

යූනියන් ජැක්

සුද්දගෙ කාලෙ පටන් ගත් පැරැණි පාස­ලක (ඉන්වෙ­න්ට්‍රිය) බඩු භාණ්ඩ ලේඛ­නයේ ඉංග්‍රීසි භාෂා­වෙන් මෙවැනි උප­ක­ර­ණ­යක් විය. සිංහල ගුරු­වරු මෙහි තේරුම නොදත් බැවින් ගුරු­ව­රුන් මාරු­වී­යා­මේදී ලේඛ­නයේ සඳ­හන් බඩු පෙන්වන දේවල් අතර මෙම ‘යුනි­යන් ජැක්’ කියා පෙන්වී­මට පුරු­දුව සිටියේ මෝටර් රථ­ය­කින් ඉවත් කළ පරණ මළ­කඩ කා දිරා ගිය ‘ජැක්’ එකකි.

මෙසේ සෑහෙන කාල­ය­කට පසුව මෙම විදු­හ­ලට ඉංග්‍රීසි හොඳින් උගත් විදු­හ­ල්ප­ති­ව­ර­යෙක් මාරු වී පැමි­ණියේ ය. හිටපු විදු­හ­ල්ප­ති­ව­රයා ඉන්වෙන්ට්‍රි බඩු බාර­දෙන අතරේ අර ‘යුනි­යන් ජැක්’ එක කියා පෙන්වූයේ ද පරණ ජැක් එකය. මෙය දුටු නව විදු­හ­ල්පති ඔළුවේ අත ගසා ගත්තේ ය.

“මිනිහො ‘යුනි­යන් ජැක්’ කියන්නේ මේ මඟුල නෙව බ්‍රිතා­න්‍යය රජයේ ජාතික කොඩිය” යි පැව­සීය.

එච්.ඩී. ආරි­ය­රත්න
අනු­රා­ධ­පුර.

Comments