අම්මා | Page 4 | සිළුමිණ

අම්මා

 

දස­මා­ස­යක් මා ඇති දැඩි කළ අම්මා
ලේ කිරි පොවා මා හැදු වැඩු අම්මා
දිවා රෑ නොබලා සෙනෙ­හස දුන් අම්මා
හැම බව­ය­කම ඔබ මගෙ ආදර අම්මා

ගෙදර දොරේ වැඩ­පළ මට කියා දුන්න අම්මා
හොඳ දරු­වෙකු වෙන්නට මට ඉගැ­න්නූවා අම්මා
නිවසේ බුදුන් යැයි විව­රණ ලද මගෙ අම්මා
හැම බව­ය­කම ඔබ මගෙ ආදර අම්මා

ඇසට නින්ද නොමැ­තිව මා නැලවූ මගෙ අම්මා
කුසට අහර නොමැ­තිව මා කුස පිරවූ මගෙ අම්මා
කිසිදු සැපක් මට වැඩි­යෙන් නොසෙවූ මගෙ අම්මා
එකම සතුට මා පම­ණයි සිතුවේ මගෙ අම්මා


එන්. එම්. දෙනුරි චමත්කා මුද­ලිගේ
9 ශ්‍රේණිය,
ඩඩ්ලි . සේනා­නා­යක ආදර්ශ මහා විදු­හල,
මිරී­ගම

Comments