
ගනඳුරු රැයේ නිල් අඹර පුරා
තරු වට කර පුන් සඳ පායනා
අමාවක දා අඳුරු රැය පුරා
පුන් සඳ නෑ කොහේද හැංගිලා
මිල මුදල් ඇති තැන මිතුරන් ගොඩක් සිටින්නේ
තනතුරු ලැබෙන විට මිතුරන් වැඩි වන්නේ
අමාවකට පුන් සඳ නෑ අහසම පාළු වෙන්නේ
සියලුම දෑ නැති තැන මිතුරන් සතුරන් වෙන්නේ
දුක සැප දෙකේදිම ළඟින් ම සිටිනා
සියලුම රහස් සැම විටක ම රකිනා
කලණ මිතුදම සැම දින දිලෙනා
ඉදිරියට ම යන්න නෑ බාධක දුරලා
ගීතිකා ප්‍රියදර්ශනී
9 ශ්‍රේණිය,
බිබිලේගම ද්වීතියික පාසල,
බිබිලේගම, පස්සර.