ජලය ජීව­යයි අපේ | Page 3 | සිළුමිණ

ජලය ජීව­යයි අපේ

මහා සාග­ර­යෙන් වටවූ මෙම කුඩා දූපතේ ඇත්තේ බීමට ලබා­ගන්නා ජලය ඉතා සීමිත ප්‍රමා­ණ­යෙකි. එනම් 0.01% කි. අසී­මිත ප්‍රමා­ණ‍යක් මහා සාග­රයේ කර­දිය ලෙස ඇත.

ජල­යෙන් අපට බෙහෙ­වින් ප්‍ර‍යෝජන ඇත. ඒවා නම් ජල විදුලි බලා­ගා­ර­වල විදු­ලිය නිප­ද­වී­මට, කර්මාන්ත ශාලා­ව­ලට, කෘෂි කර්මා­න්ත­යට ප්‍රධාන දේ ලෙස බීමට, නෑමට, ප්‍රවා­හ­න­යට යොදා ගනී.

මිනිස් බැහැර කිරීම් එක් කිරී­මෙන්, බෙහෙත් හා කෘමි­නා­ශක වල්නා­ශක කළ­වම් වී­මෙන්, සතුන් නෑවී­මෙන් හා වාහන සේදී­මෙන් ජලය දූෂ­ණය වේ. ඉන්පසු එම ජලය ජල මාර්ග ඔස්සේ ගොස් පානීය ජල­යට එක­තුවේ. මිනිසා පාච­න­යට හා කොලරා­වට ගොදු­රුවේ.

අප රටේ අඩුම ජල සම්පත් ඇත්තේ යාප­නයේ ය. එම නිසා යාප­නයේ ජන­තාව ජලය අර­පි­රි­මැ­ස්මෙන් භාවිත කරති. නෑමට යන ස්ථානයේ කානු පද්ධ­ති­යක් සකසා පාත්ති­ව­ලට ජලය යන ආකා­ර­යට සාදා ඇත. මුලින්ම හඳට ගිය නීල් ආම්ස්ට්‍රෝම් හ‍ඳේ පා තැබූ පසු විශ්වයේ නිල් පාට පබළු බෝල­යක් දුටු බව පැවසේ. එදා ඔහු දුටුවේ අප ජීව­ත්වන පෘථි­වි­යයි. එවිට ඔහුගේ ඇස්ව­ලින් කඳුළු ආවේ ය. එම නිල්පා­ටට තිබුණේ ජල­යයි. අපට මෙම සිද්ධි­යෙන් දැන­ගත හැක්කේ මිහි­ත­ලයේ ජලය විශාල ප්‍රමා­ණ­යක් ඇති බවයි.

අතී‍තයේ රජ­වරු වැඩි වතුර එකතු කිරී­මට වැව් සෑදූහ. “අහ­සින් වැ‍ෙටන එක ජල බිඳ­ක්වත් ප්‍රයෝ­ජ­න­යට නොගෙන මහ මුහු­දට යන්න දෙන්න එපා” යැයි පැවසූ මහා පරා­ක්‍ර­ම­බාහු රජු ඒ කිය­මන සනාථ කිරී­මට කට­යුතු කළේය. එදාට වඩා අද ජල සම්පත සීමි­තය. එනිසා අපි දැන් ජලය වඩාත් අර­පි­රි­මැ­ස්මෙන් යුතුව භාවිත කළ යුතු වෙමු.

සනුත් ඉන්දීප
7 ශ්‍රේණිය ‘බී’,
කළු­තර මහා විද්‍යා­ලය,
කළු­තර.

Comments