
අපේ පාසලේ ක්‍රීඩා උත්සවය පසුගියදා ඉතාමත් අලංකාරව පැවැත්විණි. මුලින්ම ආගම සිහි කොට, පාසල් ගීය හා ජාතික ගීය ගයා ක්‍රීඩා උත්සවය ආරම්භ විය. උත්සවයේ ප්‍රධානතම අංශය වන පෙරදිග හා අපරදිග තූර්යවාදක කණ්ඩායමේ සංදර්ශනය මුලින් ම පැවැත්විණ. ක්‍රීඩා ඉසව් ඇරැඹුණේ ඉන්පසුව ය. තෙවනුව සරඹ සංදර්ශනය පටන්ගෙන ඉතාමත් අලංකාරව අවසන් විය.
අප පාසලේ නිවාස 4 කි. තිලක නිවාසය, සේන නිවාසය, තිස්ස නිවාසය හා අනුර නිවාසය. මා අයත්වන්නේ තිලක නිවාසයට ය. එදින අපගේ නිවාස ඉතාමත් අලංකාරව ඉදිකර තිබුණි. තිලක නිවාසය නෙළුම්මලක් ලෙස ද අනුර නිවාසය ගෙයක් ලෙස ද තිස්ස නිවාසය නැවක් සේ හා සේන නිවාසය පැල්පතක් ලෙස ය. ඉතාමත් අලංකාරව පැවැති ක්‍රීඩා උත්සවය ජාතික ගීය ගැයීමෙන් පසු සමාප්ත විය.