ලැයිස්තුව ප්‍රසිද්ධ කරන්න ඇමැති මලික් ඉල්ලයි | Page 11 | සිළුමිණ

ලැයිස්තුව ප්‍රසිද්ධ කරන්න ඇමැති මලික් ඉල්ලයි

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ සඳහන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මූල්‍යමය ආධාර ලබාගත් පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන ලෙස අන්තර්ජාතික වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ තමාගේ නමද මේ ලැයිස්තුවේ අඩංගු වන බවට රාවයක් පැතිර යමින් තිබෙන අතර, කිසි විටකත් ඒ සමාගමෙන් තමන් මුදල් ගෙන නැති බව ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා මේ ඉල්ලීම කර තිබේ. 

Comments