වගාවයි ජීවිතයයි දෙකම එකයි | Page 2 | සිළුමිණ

වගාවයි ජීවිතයයි දෙකම එකයි

අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් අපි හොඳ පරිසරයක් ලබාදියුතු බව රාජ්‍ය පරිපාලන කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. මෙරට කාලගුණික දේශගුණික විප්ලවයට සරිලන පරිසරයක් නිර්මාණය කළ යුතු බව පැවැසූ ඇමැතිවරයා අපේ වන භූමි සීයයට විසිදෙකක් දක්වා අඩු වී ඇති බවත්, ඒවා නැවත යථා තත්ත්වයට සකස් කළ යුතු බවත්, ඒ මහතා පැවැසුවේය. වර්තමානයේ ජනතාව වගාවට සහ වැවීමට උනන්දු කළ යුතු බව පැවැසූ ඇමැතිවරයා, එමඟින් රටේ පරිසර පද්ධතිය සැකසිය හැකි බව ද කීවේය. වර්තමානයේ නාගරීකරණයත් සමඟ ලංකාවේ වන සම්පත විනාශ වෙමින් පවතින බව පැවැසූ ඔහු මේ තත්ත්වය මඟ හරවා ගැනීමට නම් මුළු ජනතාවට එකමුතු වියයුතු බව ද පැවැසුවේය.

විදේශ රටවලින් අපේ රට ණය ලබා ගන්නේ නම් අපේ රටේ අපනයන ආදායම ද වැඩි කර ගත යුතු බව පැවැසූ ඇමැතිවරයා සෑම දිස්ත්‍රික්කයකම අපනයන බෝග වගාව ආරම්භ කළ යුතු බව ද කීවේය. මේ සඳහා ජනතා උනන්දුව වැඩි කළ යුතු බව ද ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතා ද ප්‍රකාශ කළේය.

Comments