
හඳුනාගත් රාත්‍රිය
මෙවර ‘සාහිත්‍යයෙන් ඉංග්‍රීසි’ තුළින් ආදරයේ පැතිකඩවල් තුනක් දැකගත හැකිය. පළමු කවියෙන් ආදරයේ උත්තරීතර පැතිකඩක් ද දෙවනි කවියෙන් එහි කායික පැතිකඩ ද තුන්වන කවියෙන් ආදරය හෝ සතුට විඳීමට නැති සිතක අන්ධකාරය ද දක්නට හැකිය.
Sudden Light
Dante Gabriel Rossetti
I have been here before,
But when or how I cannot tell:
I know the grass beyond the door,
The sweet keen smell,
The sighing sound, the lights around the shore.
You have been mine before,—
How long ago I may not know:
But just when at that swallow's soar
Your neck turn'd so,
Some veil did fall,—I knew it all of yore.
Has this been thus before?
And shall not thus time's eddying flight
Still with our lives our love restore
In death's despite,
And day and night yield one delight once more?
හදිසි එළිය
-ඩාන්ටේ ගෙබ්රියල් රොසෙටි
මම මෙහි පෙර සිට ඇත්තෙමි,
එහෙත් කවදාද, කෙසේද මට කිව නොහැකිය:
දොරට ඔබ්බෙන් ඇති තණ මම දනිමි,
ඒ මිහිරි තියුණු සුවඳ,
සුසුම්ලන ශබ්දය, වෙරළ වටා එළි.
ඔබ මගේ වී තිබුණි පෙර, -
කොපමණ කලකට පෙරදැයි දැනගත නොහැකිය:
හැබැයි අර පරෙවියා ඉහළට ඉගිලෙන විට
ඔබ ගෙල හැරවූ විට,
යම් පටලයක් හැළිනි, - මම මේ සියල්ල පෙර දැන සිටියෙමි
මෙය පෙරද මෙසේ වී තිබුණි ද?
මෙසේ වී නම් කැරකෙන කාලය
අපේ ජීවිතයට අපේ ආදරය නැවත නොදෙයිද
මරණයෙන් පසු වුවද,
දවස මුළුල්ලේ සහ රාත්‍රියේ එක් මිහිරක් නැවත විඳීමට?
-ඩාන්ටේ ගැබ්රිලේ රොසිටි (1828-1882)
ඉංග්‍රීසි ජාතික කවියෙක් සහ චිත්‍ර ශිල්පියෙක් විය. ඔහු තදින් විශ්වාස කළ දෙයක් නම් සැබෑ ආදරය කාලය ඉක්මවා යන සදාතනික අවකාශයක ඇති බවයි. මෙම කවියෙන් -මේ සියලු දේ මීට පෙර දැක ඇති බව - කියවෙන්නේ මේ අදහසයි.
The Sick Rose
William Blake
O Rose thou art sick.
The invisible worm,
That flies in the night
In the howling storm:
Has found out thy bed
Of crimson joy:
And his dark secret love
Does thy life destroy.
ගිලන් වූ රෝස මල
-විලියම් බ්ලේක්-
අහෝ රෝස මල ඔබ ගිලන්ව ඇත
අදෘශ්‍යමාන පණුවා,
රාත්‍රියේ ඉගිලෙන
කෑගසන කුණාටුවේ:
සොයාගෙන ඇත ඔබේ යහන
රතුපාට සන්තුට්ටියේ:
සහ ඔහුගේ අඳුරු රහස් ආදරයෙන්
ඔබගේ ජීවිතය වනසයි.
-විලියම් බ්ලේක් (1757-1827)
මෙම කවිය රූපකාර්ථයක් ලෙස සැලකිය හැකිය. රෝස මලින් කාන්තාවක ද ශාරීරිකව එක්වීමෙන් ඇයට වුණ විනාශය ද මෙයින් කියවේ. එම විනාශය සමාජය විසින් මෙදෙස බලන ආකාරය නිසා ඇතිවෙන විනාශයක් ද, එය සිදුවූ ආකාරය නිසා විනාශයක් ද යන්න අපහැදිලිය.
Acquainted with the Night
Robert Frost
I have been one acquainted with the night.
I have walked out in rain—and back in rain.
I have outwalked the furthest city light.
I have looked down the saddest city lane.
I have passed by the watchman on his beat
And dropped my eyes, unwilling to explain.
I have stood still and stopped the sound of feet
When far away an interrupted cry
Came over houses from another street,
But not to call me back or say good-bye;
And further still at an unearthly height,
One luminary clock against the sky
Proclaimed the time was neither wrong nor right.
I have been one acquainted with the night.
රාත්‍රිය හඳුනගත්තෙක්
-රොබට් ෆ්රොයස්ට්-
මම රාත්‍රිය හඳුනගත්තෙක් වෙමි.
මම වැස්සේ එළියට ගොස් ඇත්තෙමි - වැස්සේ ආපසු පැමිණ ඇත්තෙමි.
මම අවසන් නගර එළිය පසුකොට ඇවිද ඇත්තෙමි.
මම දුක්ඛිතම නගර වීදිය දැක ඇත්තෙමි.
පසුකර ඇත්තෙමි මුරකරු ගමනේ යෙදෙන,
ඇස් ඉවතට හරවා, විස්තර කිරීමට අකමැතිව.
මම නොසෙල්වී සිටගෙන සිට ඇත්තෙමි අඩි ශබ්ද නවත්වා
දුරින්, හදිසියේ නැවැත්වුණු කෑගැසීමක්
වෙන වීදියක නිවෙස් උඩින් ආ විට,
එහෙත් මට නැවත ඒමට කීමක් හෝ සමුදීමක් නොව;
තවත් දුරින්, පොළොවට නොසරිලන උසකින්,
අහස හරහා දිලිසෙන ඔරලෝසුවක්
කීවේය, වෙලාව වැරදිත් නැති වග හරිත් නැති වග.
මම රාත්‍රිය හඳුනගත්තෙක් වෙමි.
රොබට් ෆ්රොස්ට් (1874 – 1963)
ඇමරිකානු කවියෙකි. ඔහුගේ පෙද්ගලික ජීවිතය බොහෝ දුක්බර විය. මානසික ආතතිය ඔහුගේ පවුලේ බොහෝ දෙනෙකුට තිබූ දෙයකි. මෙම කවියෙන් කියවෙන්නේ ජීවිතයේ දුක හොඳින් හඳුනන කෙනෙකුගේ මනසය. රාත්‍රියෙන් සංකේතවත් වන්නේ මානසික ආතතියේ අන්ධකාරය බව ද කියවේ.
ව්‍යාකරණ ඉඟිය
මෙම කවි තුනෙන්ම present perfect tense නොහොත් වර්තමාන ස්ථිර කාලය දැකගත හැකිය. මෙම ක්‍රියා පදය වර නැගෙන්නේ 'have'යන උපකාරක පදය හා ක්‍රියා පදයේ past participleආකාරය යෙදීමෙනු යි. මෙම ක්‍රියා පදය යෙදෙන්නේ යම් ක්‍රියාවක් අවසන් වුව ද එහි ප්‍රතිඵලය තවමත් අදාළ වන විටය.
උදා. I am not hungry. I have eaten.
මට බඩගිනි නෑ. මම කෑම කාලයි ඉන්නෙ.