පොත පත ව ත | සිළුමිණ

පොත පත ව ත

උදාන පාලි

කර්තෘ - රාජකීය පණ්ඩිත තුඹුල්ලේ ධම්මානන්ද නාහිමි

මිල - රු.200

ප්‍රකාශනය - සමයවර්ධන ප්‍රකාශනයකි.

බුදුරජාණන් වහන්සේ ප්‍රීති වාක්‍ය වශයෙන් දේශනා කළ ගාථා සහිත සූත්‍ර උදාන නමින් වේ. උදාන ගාථා රැසක් දක්නට ලැබෙන්නේ ගීතමය ප්‍රීතියෙන් යුත් ගාථා වශයෙනි. ගද්‍ය ජේද ද නැත්තේ නොවේ. ‘අනේක ජාති සංසාරං’ යනාදී උදාන ගාථා බුදුන් වහන්සේ විසින් බෝ මුලදී උදාන වශයෙන් දේශනා කරන ලද්දකි.

ධර්ම දේශක භික්ෂුන් වහන්සේට මාතෘකා පාඨ යොදා ගෙන දේශනා පැවැත්වීමට පහසුවන අන්දමින් බෞද්ධ දේශනයේ ගැඹුරු ධර්ම කරුණු මේ ග්‍රන්ථයෙන් ලිහිල්ව දක්වා ඇත්තේය.

 

 

සේතුබන්ද මහා කාව්‍යම්

සම්පාදනය - පුස්සැල්ලාවේ ඤාණරතන හිමි

මිල - රුපියල් 325

ප්‍රකාශනය - සමයවර්ධන ප්‍රකාශනයකි

ක්‍රිස්තු වර්ෂ 5 වැනි ශත වර්ෂයේ පමණ රචනා වී ඇතැයි විශ්වාස කෙරෙන සේතුබන්ද මහා කාව්‍යය ප්‍රවරසේන නමැති කවියාගේ නිර්මාණයකි.

වාල්මිකී විසින් රචිත රාම රාවණ ඉන් විස්තර කෙරේ. සේතුබන්ද මහා කාව්‍යයේ ආශ්වාස නමින් හැඳින්වෙන පරිච්ජේද පහළොවකි.

ඉන් ප්‍රාචීන පණ්ඩිත සාමාන්‍යා විභාගය සඳහා නියමිත 5 සහ 6 ආශ්වාස ඇතුළත් කර මේ කෘතිය සැකසී තිබේ.

 

ඔබ

මිල - රුපියල් 190

ප්‍රකාශනය - මෙන් පබ්ලිකේෂන් ප්‍රකාශනයකි

ආර්ථික සාහිත්‍ය සිනමාව හා දෙස් විදෙස් ප්‍රවණතා ගැන කෙරෙන විමසුමකි ත්‍රෛමාසික සඟරාවකි.

කාලීන තොරතුරුවලින් පිරිපුන් දැනුම් පිපාසයෙන් පෙළෙන්නන්ගේ අවශ්‍යතා ඉටු කෙරෙන පොත් පිංචකි.

ආධුනික කෙටිකතාකරුවන්ට අතදීමක් වශයෙන් පාඨක කෙටි කතා පළ කිරීමට ද කටයුතු යොදා ඇත.

පොකුරුසර

සංස්කරණය - අබ්දුල් කේ සාදිකීන්

මිල - රුපියල් 300

ප්‍රකාශනය - රජරට පැදි නදිය නිර්මාණ සංසදය

රජරටින් බිහිවූ කවීන් සමූහයකගේ නිර්මාණ එකතුවකි. මෙහි එන සෑම කවියකම පාහේ තමන් ජීවත්වන පරිසරය සහ එදිනෙදා ඔවුන් ලබන අත්දැකීම් කාව්‍යම රසයකින් ඉදිරිපත් කර ඇත්තේය.

 

පාසලට 6S + 3R

කර්තෘ - ලාල් ෆොන්සේකා

මිල - රුපියල් 350

ප්‍රකාශනය - සමයවර්ධන ප්‍රකාශනයකි

ජපන් ජාතිකයන්ගේ ඵලදායිතාව නැංවීමට ඉවහල් වූ 5S සංකල්පය අද බොහෝ රටවල ප්‍රචලිතව ඇත්තේය. මේ ක්‍රමයෙන් ඔබ්බට ගිය ක්‍රමයක් ලෙස 6S හඳුන්වයි. මෙහි ‘එස්’ අක්ෂරයෙන් ආරක්ෂාව හැඳින්වේ. අඩු කිරීම, නැවත භාවිතය හා ප්‍රතිචක්‍රීයකරණය යන අරුත් දෙන ‘3R’ සංකල්පය ද විස්තර කෙරෙන කෘතියකි. මේ සංකල්පය පාසල්වල ක්‍රියාත්මක කළ හැකි ආකාරය මින් විස්තර කෙරේ.

 

කුක්කුර හපනා

කර්තෘ - ඕපල්ලේ සඳරුවන් ලියනාරච්චි

මිල - රුපියල් 180

ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි

පන්සිය පනස් ජාතක පොතේ එන කුක්කුර ජාතකය ඇසුරෙන් ලියැවුණු කතාවකි.

සැබෑ නායකයකුගේ ලක්ෂණ කවරේද යන්න මනාව ඉස්මතු කරන ආකාරයට ළමා මනසට ගැළපෙන හා සිත්ගන්නා අයුරින් සරල බස් වහරින් ලියැවී ඇත. කතාවට අනුරූපව යොදා ඇති වර්ණ සිතුවම් දරුවන් අතර කියැවීමේ රුචිය වර්ධනයට හේතුවේ.

 

දීප වංශයේ අගය

කර්තෘ - පී. ඩබ්ලිව්. ජයතිලක

මිල - රු. 350

ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි.

දැනට වසර එක් දහස් හත් සියයකට පමණ පෙර හතරවැනි සියවස මුලදී පාලි භාෂාවෙන් රචිත දීපවංසය පද්‍ය කාව්‍යයකි. ක්‍රිස්තු වර්ෂ 302 දක්වා මෙරටේ දේශපාලන ඉතිහාසය සහ බුදුදහමේ දියුණුව විස්තර කෙරෙන දැනට ඉතිරිව තිබෙන අගනා හා පැරැණිම ඓතිහාසික වාර්තාව දීපවංසය වෙයි.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය පමණක් නොව පැරැණි ඉන්දියාවේ ඉතිහාසය ගොඩ නැගීම සඳහා වුව මෙමගින් ඉතා වටිනා මූලාශ්‍ර සැපයේ. ලංකා ඉතිහාසය හා බුදු දහම හැදෑරීමේදී දීපවංසය කොතෙක් දුරට ඓතිහාසික මූලාශ්‍රයක්ද යන්න ගැන මේ කෘතියෙන් විස්තර කෙරේ.

Comments