පොහොය දින වෙනස් කරමු ද? | Page 6 | සිළුමිණ

පොහොය දින වෙනස් කරමු ද?

මේ වසරේ වෙසක් පොහොය යෙදී ඇත්තේ අප්‍රේල් (බක්) මස 29 වන දිනට ය. එම පොහොය මැයි (වෙසක්) මාසයට යෙදෙන්නේ නම් එය සිංහල බෞද්ධයන්ගේ සුබ සිද්ධියක් වනු ඇත. මාර්තු (මැදින්) මස 31 වන දිනට යෙදී ඇති පොහොය දැනට නම් කර ඇත්තේ ‍බක් පොහොය නමිනි. එය මෙසේ වෙනස් කරගත හැකිවේ. එම සංශෝධනයන් මෙසේ සිදුකළ හැකි නම් අගනේ ය.

මාර්තු (මැදින්) මස 01 වැනි දින මැදින් පොහොය ලෙස ද මාර්තු මස 31 වැනි දින‍ යෙදී ඇති බක් පොහොය වෙනුවට එම පොහොය අධි මැදින් පොහොය ලෙස ද අප්‍රේල් මස 29 දින යෙදී ඇති වෙසක් පොහොය වෙනුවට එම පොහොය බක් පොහොය ලෙස ද මැයි මස 29 දින යෙදී ඇති අධි පොසොන් පොහොය වෙනුවට එම පොහොය වෙසක් පොහොය ලෙස වෙනස් වන්නේ නම් එය බෞද්ධ ජනතාවට කරන ගෞරවයක් ලෙස හැඳින්විය හැක.

ආර්. කේ. කුමාර
ගොමගොඩ, ඔරුතොට

Comments