
මේ උදාවී ඇත්තේ බක් මාසයයි. මලින් පලතුරින් ගස් බරවන අප්‍රේල් මාසයයි. මේ අවුරුද්දේ අපි දුසිරිත් දුරලමු. සුසිරිත් වඩමු. දුසිරිත් යනු අප විසින් නොකළ යුතු දේවල් ය. සුසිරිත් යනු අප විසින් කළ යුතු දේවල්ය. අවුරුදු කාලයේ අප පිළිපැදිය යුතු සිරිත් විරිත් තිබේ. සිරිත් නම් වැඩිහිටියන්ට බුලත් ලබාදී වැඳීම, වැඩිහිටියන්ට තෑගි බෝග ලබාදීම, අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම, සමගිය, සමාදානය වැනි දේය.
විරිත් නම් වැඩිහිටියන්ට ගරු නොකිරීම, මහලු නිවාසවලට ගෙන ගොස් දැමීම, අසමගිය වැනි දේ ය. මේ දේවල් අප නොකළ යුතු ය. අප අපේ වැඩිහිටියන්ට සැලකිය යුතු ය. සුසිරිත් වැඩිය යුතු ය. පන්සලට ගොස් පහන්, මල්, බුදුරජුන්ට පූජා කිරීම, බණ ඇසීම වැනි සුසිරිත් වැඩිය යුතු ය. සිරිත් විරිත් නිවැරැදිව අවබෝධකර ගෙන දුසිරිත් අත්හැර දමා සුසිරිත් අප වෙත ළං කර ගැනීමට අපි පුරුදු විය යුතු වෙමු.
චනුල්යා ආවින්දි
7 ශ්‍රේණිය ‘බී’,
විශාකා බාලිකා විද්‍යාලය, මාකොළ.