
සාහිත්‍යයෙන් ඉංග්‍රිසි
මෙවර තම හෘදය සාක්ෂියට එකඟ දේ හෝ තමා කැමති යමක් කිරීමට ඇති අවශ්‍යතාව පෙන්වන කවි දෙකක් පළ වේ
Sea Fever
BY JOHN MASEFIELD
I must go down to the seas again,
to the lonely sea and the sky,
And all I ask is a tall ship and a
star to steer her by;
And the wheel’s kick and the wind’s
song and the white sail’s shaking,
And a grey mist on the sea’s face,
and a grey dawn breaking.
I must go down to the seas again,
for the call of the running tide
Is a wild call and a clear call
that may not be denied;
And all I ask is a windy day
th the white clouds flying,
And the flung spray and the blown spume, and the sea-gulls crying.
I must go down to the seas again,
to the vagrant gypsy life,
To the gull’s way and the whale’s way where the wind’s like a whetted knife;
And all I ask is a merry yarn
from a laughing fellow-rover,
And quiet sleep and a sweet
dream when the long trick’s over.
මුහුදු උණ
• ජොන් මේස්ෆීල්ඩ්
මා නැවත මුහුදට යා යුතුය, පාලු මුහුදට හා අහසට
මා ඉල්ලන්නේ, උස් නෞකාවක් හා එය මෙහෙයවීමට තරුවක්
සුක්ඛානමේ ගැස්සීම, සුළඟේ ගීතය හා සුදු රුවලේ සෙලවීම
මුහුදු මුව මත අළු මීදුම හා අළු හිමිදිරියේ පැමිණීම පමණි
මා නැවත මුහුදට යායුතුය, කිමද, දිව එන වඩ දියේ ආමත්‍රණය
අකීකකරු අඬගැසීමකි, පැහැදිලි අඬගැසීමකි, ප්‍රතික්ෂේප කළ නොහැකි
මම ඉල්ලන්නේ, සුළඟැති දිනයක් සුදු වළාකුළු ඉගිලී යන,
උඩට විසිවෙන ජල බිංදු, සුළඟේ එන පෙන,
මුහුදු ළිහිණියන්ගේ කෑ ගැසීම පමණි
මම නැවත මුහුදට යා යුතුය ඉබාගාත අහිකුණ්ඨක ජීවිතයට
ළිහිණියාගේ ජීවිතයට, තල්මසාගේ ජීවිතයට
සුළඟ මුවහත් පිහියක් සේ තිබෙන
මම ඉල්ලන්නේ, ප්‍රමෝදමත් කතන්දරයක් හිනාවන
ඔරු පදින සගයාගෙන්
දිග උගුල අවසානයේ නිහඬ නින්දක් හා මිහිරි සිහිනයක් පමණි
ජෝන් මේස්ෆීල්ඩ් (1878-1967) බ්‍රිතාන්‍ය ජාතික කවියෙක් වන මොහු වඩාත්ම ප්ර්සිද්ධියට පත් වූයේ මුහුද පදනම් කරගෙන ඔහු ලියූ කවි නිසාය. ඔහු ටික කලක් නැවක සේවය කළ පුද්ගලයෙක් ද වේ.
Bed in Summer
BY ROBERT LOUIS STEVENSON
In winter I get up at night
And dress by yellow candle-light.
In summer, quite the other way,
I have to go to bed by day.
I have to go to bed and see
The birds still hopping on the tree,
Or hear the grown-up people's feet
Still going past me in the street.
And does it not seem hard to you,
When all the sky is clear and blue,
And I should like so much to play,
To have to go to bed by day?
ග්‍රීස්ම සෘතුවේ ඇඳ
- ආර්.එල්. ස්වීවන්සන් -
ශීත සෘතුවේ මම නැගිටින්නේ රෑටය
ඇඳුම් අඳින්නේ කහ ඉටි පන්දම් එළියෙනි
ග්‍රීස්මයේ එය මුළුමනින්ම අනිත් පැත්තය
මම ඇඳට යා යුත්තේ දවල් කාලයේය
මම දවල් කාලයේ ඇඳට ගොස් දකිමි
තවම කුරුල්ලන් ගස් මත පැන පැන යන,
හෝ ඇසෙයි වැඩිහිටියන්ගේ දෙපා
වීදියේ මා පසුකර යන
දුෂ්කර සේ ඔබට නොදැනේද
මුළු අහසම පැහැදිලිව නිල්වන්ව තියෙන විට
මම සෙල්ලම් කිරීමට බොහෝ අසාවෙන් සිටින විට
මට දවල් කාලයේ ඇඳට යාමට වීම?
ආර්. එල්. ස්ටීවන්සන් (1850-1894)
ස්කොට්ලන්ත ජාතිකයෙකු වන මොහු ළමයි සඳහා බොහෝ විට ලියූවෙකි. ලෝකයේ බොහෝ තැන්වල සංචාරය කිරීමට කැමති වූ මොහු එම සංචාර පදනම් කරගෙන ලියූ "Treasure Island, Kidnapped " වැනි කතන්දර ළමයි අතර ඉතා ජනප්‍රිය විය. එහෙත් 'Doctor Jkyll & Mr. Hyde' වැනි වැඩිහිටි නවකතාද ඔහු අතින් ලියවුණි.
ව්‍යාකරණ ඉඟිය
අද කවි දෙකෙන්ම ඔබට අනාගත කාලය ගැන කතා කරන, සරල අනාගත කාලයට සරිලන, එහෙත් ‘will’ යන උපකාරක පදය වෙනුවට ‘must’ හෝ ‘have to’ වැනි ‘modal verbs’ නම් වූ ක්‍රියා පද යෙදෙන ආකාරය හා අවස්ථාව බලා ගත හැකිය.
• අපි යම් ක්රිඑයා පදයකට පෙර ‘will’ නැමති උපකාරක පදය යොදන විට යමක් අනාගතයේ අනිවාර්යයෙන් සිදුවන බව හැඟවේ. එහෙත් ‘will’ පදය වෙනුවට ‘must’ ‘have to’ වැනි උපකාරක පදයක් යෙදූ විට එම දේ කළ යුතුම බව හා වෙනත් විකල්පයක් නොමැති බව හැඟවේ.
උදා. I must study. මා පාඩම් කළ යුතුමය
I have to go. මා යා යුතුමය
• මීට අමතරව ‘ought to’/‘should’ යන පදවලින් හැඟෙන්නේ යමක් කිරීම සුදුසු බව හෝ යුතුකමක් බවය.
උදා. You should look after your parents. ඔබ දෙමාපියන්ව බලාගත යුතුය.
• ‘may’/ ‘might’ යන පදවලින් යමක් වියහැකි බව හැඟවේ.
උදා. He may come next week. ඔහු සමහරවිට එන සතියේ ඒවි.
• ‘can’ යන පදයෙන් හැකියාව හැඟවේ.
උදා. She can play the piano ඇයට පියානෝව වාදනය කළ හැකිය
• ‘ may’ සහ ‘can’ යන වචන අවසරය සඳහා ද භාවිත කළ හැකිය.
උදා. You may go. ඔබට යාමට අවසරයි
She can come and meet me. ඇයට මා හමුවීමට ආ හැකිය.
ඉංග්‍රීසි ඉගැන්වීමේ අධ්‍යයනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
මධුභාෂිණී දිසානායක රත්නායක