මනරම් උදෑසන | Page 3 | සිළුමිණ

මනරම් උදෑසන

 පිනිබර උදෑසන ඉර පායා එද්දී අඳුර මැකී යයි. එදින මා අවදි වූයේ අතොරක් නැතිව නැ‍ඟෙන කුරුලු නාදයෙනි. කවුළු පියන්පත් විවර කරද්දී හමා ආ සිහිල් සුළඟ මා ගත සිසිල් කළේ ය. ගෙවත්තේ පිපුණු මල්වලින් හමා එන සුවඳ සුගන්ධවත් ය. නැ‍ඟෙනහිර අහසින් රන්වන් හිරු රැස් පොළවට පතිත වේ. කුරුල්ලෝ අවදිව කෑම සොයමින් පියාඹති. ගස්වැල් මලින් හා ඵල බරින් බරවේ. උදෑසන ආලෝකය පැතිරෙත්ම අවට පරිසරය ඉතාමත් චමත්කාරය.

උදෑසන පාසල් ළමයි පෙළ ගැසී පාසල් යති. වැඩිහිටියන් රැකී රක්ෂාවලට යද්දී ගොවියෝ උදලු කර තියාගෙන ගොවිබිම්වලට යති. උදෑසනක මැවෙන මේ දසුන කෙතරම් චමත්කාරජනකද?

සඳුනි වාසනා ජයසිරි
8 ශ්‍රේණිය ‘ඒ’, 
සාන්ත ඇග්නස් බාලිකා මහා විද්‍යාලය, බළන්ගොඩ.

Comments