
හුස්ම වැටෙන හඬ
හන්තාන කතාව චිත්‍රපටයේ ගීතයක ‘‘මා වටකොට ආදරයේ රටා වියන්නේ......’’ යනුවෙන් එකි තත්ත්වය විස්තර වී ඇත. ආදරයත් කැස්සත් හංගන්න බැරිය යන්න ප්‍රසිද්ධ කියමනකි. මේ දිනවල එක් වෙළෙඳ දැන්වීමක නම් කැස්ස සදහටම අවසන් කළ හැකි බෙහෙතක් ගැන කියයි. එයින් තේරුම් ගත යුත්තේ හංගන්න බැරි වුනාට ආදරය කැස්සෙන් වෙන් කර දැකිය යුතු බවකි. කැස්ස එළියට පනින්නේ තමන් ගෙන්මය. එහෙත් ඉහතින් කියා ගෙන ආ කතාවේ ආදරය එළියට පැන අම්මාට ඇසෙන ලෙස අපේ ගෙදර මුල්ලක හැංගෙන්න උත්සාහ කළේ මගේ ක්‍රියාකාරමක් නිසා නොවේ. අපේ සොහොයුරියකගේ හපන්කම නිසාය.
‘‘මට හරි ප්‍රශ්න.....’’ කෙනකු තවකෙකු අමතා මෙසේ කීය.
‘‘මොකද පවුලේ කරදරද? දෙවැන්නා කරුණාවෙන් විමසීය.
‘‘අනේ නෑ.... එහෙම එකක් නොවෙයි. පළමුවැන්නා දුන් උත්තරයය එවැන්නකි. පවුලේ කරදර ඇති බොහෝ දෙනා පීඩාව දෙපයින් මැඩ දත් විකාගෙන දෙන්නේ එවැනි උත්තර බව දෙවැන්නාට රහසක් නොවීය. පවුල යනු ගෙදරය. ගෙදර යනු ජීවිතයෙන් හරි අඩකි. සමහර විට, ප්‍රමාණයෙන් ඊටත් වඩාය.
‘‘අනේ නෑ කියන්න තරම් පවුලේ අවුලක් නැත. එහෙත් මට හරි ප්‍රශ්න, කියා දෙවැන්නෙක් සමඟ කතාවකට හේතු කාරණා තිබේ. පවුල තුළ නො රුස්නා ගතියක් හෝ පැවතිය නො හැකි වාතාවරණයක් නැති නම් ඇති ගැටලු ගෙදර ඇතුළේම සාකච්ඡා කළ හැකිය. පවුලේ කිසිදු අවුලක් නැතිනම් ගෙදර කතා කරන්නත් බැරි ප්‍රශ්න තියෙයි නම් එහි තේරුම කුමක්ද? නිවසේ වහලය යට කතා කරන්න බැරි ප්‍රශ්න ජීවිතයට එබිකම් කරමින් සිටිනා බවය.
එහෙම ප්‍රශ්න තියෙන්න බැරිය කියා කීමට කිසිවෙකුට නො හැකිය. එහෙත් එවැනි ප්‍රශ්න තියා ගැනීම නරකය කීම හොඳ ප්‍රවේශයකි.
මට මෙහි දී අපේ අම්මා සිහිපත් වේ. සත්තකින්ම මා වැදූ අම්මා ගැන කතා කරන විට, ඇය මගේ අම්මා කියා හඳුන්වන්ට මම කැමැත්තෙමි. එහෙත් දරුවන් අට දෙනකු වදා හදා ලොකු මහත් කොට ලෝකයට මුදා හළ අම්මා මගේ කර ගන්නවාට මගේ අම්මා කිසි විටෙකත් කැමති නොවනු ඇත. අපි සියල්ලෝම ඇයට අපේ අම්මා කියන්නේද ඇය දුන් ගුරුහරුකම් නිසා විය හැකිය.
අම්මා සිහිපත් කළ ප්‍රස්තුතය මගේ නව යොවුන් කාලයට සම්බන්ධ එකකි. නව යොවුන් වියේ දී අප මුහුණ දෙන සහ අප නිර්මාණය කර ගන්නා හේතු කාරණා බොහෝය. වයසට එකඟය. එහෙත් ජීවිතයට එකඟ නැතිවා වාගේය. ඒ අතුරෙන් ආදරය අපට මග හැර ගිය නොහැකි හේතුවකි. මේ කියන කාලයේ මම එවැනි රහසක් සමඟ තුටු පහටු වෙමින් සිටියෙමි. හෝ එවැන්නක් මා වටකොට නිර්මාණය විය.
හන්තාන කතාව චිත්‍රපටයේ ගීතයක ‘‘මා වටකොට ආදරයේ රටා වියන්නේ......’’ යනුවෙන් එකි තත්ත්වය විස්තර වී ඇත. ආදරයත් කැස්සත් හංගන්න බැරිය යන්න ප්‍රසිද්ධ කියමනකි. මේ දිනවල එක් වෙළෙඳ දැන්වීමක නම් කැස්ස සදහටම අවසන් කළ හැකි බෙහෙතක් ගැන කියයි. එයින් තේරුම් ගත යුත්තේ හංගන්න බැරි වුණාට ආදරය කැස්සෙන් වෙන් කර දැකිය යුතු බවකි. කැස්ස එළියට පනින්නේ තමන් ගෙන්මය. එහෙත් ඉහතින් කියා ගෙන ආ කතාවේ ආදරය එළියට පැන අම්මාට ඇසෙන ලෙස අපේ ගෙදර මුල්ලක හැංගෙන්න උත්සාහ කළේ මගේ ක්‍රියාකාරමක් නිසා නොවේ.
අපේ සොහොයුරියකගේ හපන්කම නිසාය. ඇය යම් යම් හේතු ගළපා අම්මාට කේලමක් කියා තිබිණ.
එක් වයසක අම්මාත් මමත් ගමට අඳුර පැතිරි ගිය හවසත් නොවන රාත්‍රියත් නොවන නිමේෂයක පිල්කඩේ හිඳගෙන කතා කරමින් සිටියෙමු.
‘‘හැබෑද ලොකු පුතේ.............’’ අම්මා කතාවක් පටන් ගත්තාය. මට පොළොව පළාගෙන යන්න සිත් විය. ඒ එදා වයසේ හැටිය. මම ඇඹරුණාද මිරිකුණාද යන්න අම්මාට පෙනන තරමට අවට ආලෝකයක් එදා එතැන තිබුණේම නැත. අප දෙදෙනාටම මඳක් දුරින් සාලයේ කුප්පි ලාම්පුවේ එළිය දොර තීරුවෙන් මිදුල තෙක් ඇදි පැතිරී ගොස් තිබිණ. ඒත් ගෙදර ඒ එළිය මට සමීපව නොවේ. අම්මා කෙසේ වෙතත් මම නම් සිටියේ අඳුරේය. මට දිලිහෙමින් පෙනුණේ මගේ අම්මා පමණකි.
මම උත්තරයක් දිය නොහැකිව සිටියෙමි. අඳුරෙහි දිළිසෙමින් සිටි අම්මාගේ මුහුණ බලන්නට මට නොහැකි තරම්ය. අම්මා ඒ විමසුම කළ පසුව මම සිටි ඉරියව්වෙන්ම සිටියා පමණකි. හෙල්ලුණේ වත් නැත. ලේඛකයන් මෙවැනි අවස්ථා විස්තර කරන්නේ ගල් වී සිටියා කියාය. මම අම්මාට කවදාවත් බොරු
කියා නැත. ඒ අවස්ථාවේ නැත කීවේ නැත. ආපසු හොඳීන් කල්පනා කළ විට මම එදා අම්මාට ඔව් කියා කිවේ නම් නැත. ඒ අම්මා විමසූ දේ ගැන මා තුළ පැවැති විතර්කයයි.
‘‘ ලොකු පුතේ මම හිතුවේ ඔයා මට මොනවත් හංගන්නේ නෑ කියලා.. අම්මා එහෙම කීවාය. අම්මා කතා කළ හැම වචනයක්ම තෝරා ගෙන තිබුණේ මාව අපහසුවට පත් නොවන ආකාරයට බව අද මට තේරුම් ගත හැකිය. සත්තකින්ම දෙමාපියන් වැඩි හිටියන් එහෙම හිතා කතා කරනවා නම් ක්‍රියා
කරනවා නම් කොච්චර හොඳද මට කල්පනා වේ. සත්තකින්ම අම්මාට හංගන්න යමක් තිබුණේ නැත. අම්මාත් මමත් බොහෝ වෙලා එසේ නිහඬව සිටියා විය යුතුය. අම්මා යම් විරාමයකට පසුව සිය හඬ අවදි කළාය.
‘‘මයෙ ලොකු පුතේ කවදාවත් තමන්ගේ ගෙදරට නො කියන රහසක් තියා ගන්න එපා. රහස් කියන්නේ කවුරුත් දැක්කොත් ලජ්ජා හිතෙන දේවල්.
සමහර විට නිතියට අහුවෙයි කියලා බය හිතෙන දේවල්. මොනවා වුණත් තමන්ගේ ගෙදර දොර හතරම තමන්ට ඇරිලා තියෙනවා වාගේ තමනුත් ගෙදරට ඇතුළු වෙන්න ඕනැ ඒ විදියට. මොකද කවුරු මෙනවා කළත් ඒ කෙනාගේ ගෙදර දොර ජනෙල් වැහෙන්නේ නැති නිසා. අම්මා කියන්නේ වචනවලට එහා ගිය තේරුම් තියෙන කතාවක්. කිසි දවසක පාසල් නොගිය අපේ අම්මා සංකේතවලින් අදහස් ප්‍රකාශ කරන්න පුරුදුව හිටියාය.
‘‘ මම මොනවත් හැංගුවේ නැහැ. ...’’ මම කතා කරන්නට පටන් ගත්තෙමි.
‘‘ ඔව් ඔව් කියන්න ඕනැ කියලා හිතුවෙත් නැහැ. අඳුරේ සිටි අම්මාට දැනෙන්නට යම් සංඥාවක් කළා මිස මම ඊට කිසිවක් කියන්න ගියේ නැත.
‘‘ ඔහොම දේවල් ඔය වයසට සිද්ධ වෙනවා. ඒවා එහෙම තමයි. සමහරු ඔහොම දේවල්වලට කියන්නේ වයසේ වැරැද්ද කියලා. කොල්ලෙක් කෙල්ලක් දිහා බලලා හිනාවෙන එක වයසෙ වැරැද්ද නොවෙයි. මම හිතන්නේ වයස සම්පූර්ණ වීම කියලා. ඒවා එහෙම තමයි. ඒත් මේ කාරණය නිසා මට පුතාට කියන්න වෙන දෙයක් තියෙනවා.’’ අම්මා මා සාමාන්‍ය තත්ත්වයට පැමිණ වීමට සමත් වූවාය.
‘‘මම කිව්වානේ ගෙදරට රහස් තියා ගන්න එපා කියලා. අන්න ඒ කාරණය ගැන. ගෙදරට හොරෙන් යමක් කිරිමෙන් ගෙදරට නො කියන දේවල් තියා ගැනීමෙන් සිද්ධ වෙන්නේ තමන්ට තුන්සිය හැට පස් දවසෙම විවෘත වෙලා තියෙන ගෙදර දොරවල් වැහෙන එක. ඒ කියන්නේ අනේ මං මේක කීවේ නැහැ කියලා ගෙදරත් එන්න බැරි තත්ත්වයක් ගෙදරට මුහුණ දෙන්න බැරි තත්ත්වයක් හදා ගන්න එක. ගෙදරට නො කියන රහස් තියා ගත්තාම ඕනැ වෙලාවක එන්න තියෙන ගෙදරත් තමන්ට නැනි වෙනවා පුතේ.’’ මම බණක් අසන්නා සේ අම්මාට ඇහුන්කන් දිගෙන සිටියෙමි. අම්මා එහෙම කතා කරන්නේ කලාතුරකින්. ඒ වාගේ වෙලාවල්වල අම්මා කතා කරන දේ අහගෙන ඉන්න මම කැමතියි. අම්මා ඉගෙන ගත්ත ඉස්කෝලෙට අපි තවමත් යනවා. ඒකට කියන්නේ ජිවිත තක්ෂලාව කියලා.
‘‘ලොකු පුතා කසාදයක් බැඳලා මෙහෙන් යනකල් මේක උඹෙ ගෙදර. ඊට පස්සේ ගෙදර කියන්නේ දරුමල්ලන් එක්ක ඉන්න ගෙදරට. මේ කොයි ගෙටවත් නො කියන රහස් තියා ගන්න එපා. මොකද කාරණේ යමක් වුනාම දුවලා එන්න තැනක් තියෙන්න ඕනැ. ‘‘අපේ අම්මා මට කී මේ කතාව මහගම සේකර සිය නිර්මාන අතර, මෙසේ සටහන් කර ඇත.
‘‘අම්මේ මට ගමට එන්න පාර කියාපන්නේ.....’’ සේකර මෙහි දී ගම කියලා කියන්නේ අම්මා කියන ගෙදරට.
රන්බණ්ඩා සෙනෙවිරත්න අපේ අම්මා මට කී මේ කතාව විස්තර කරන්නේ මෙසේය.
කොළඹ අහස කළු කරගෙන
මුහුදු සුළඟ හඬලන කොට
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එනතුරු ඉඳිකඩ ළඟ
ඉන්නවාද අම්මේ ....
චන්ද්‍රසිරි සෙනෙවිරත්න