
කර්තෘ ජේ. එම්. පැතුම් ජයසුන්දර
කර්තෘ ප්රකාශනයක්
මේ ඌව වෙල්ලස්ස අරගලයේ 200 වැනි සංවත්සරය ජාතිකව සැමරීමට අප සූදානම් වන වසරයි. මෙහි පවතින කාලීන සමාජ අවශ්‍යතාව තේරුම් ගෙන කෘතියේ කතුවරයා අපගේ ඉතිහාසයට අපව කැදවා ගෙන යෑමට වැර වීරිය දරා තිබේ. ඒ බව කර්තෘවරයා මෙසේ සඳහන් කරයි. “අපේ රටේ ජාතිය, ආගම, වෙනුවෙන් දිවි පරදුවට තබා සටන්වැදි උදාර නායකයන්ගේ චරිතය ගැන කිසිත් නොදැන ක්‍රිකට් කාරයන්, නළුවන්, සිංදු කාරයන් ජාතික වීරයන් සේ සලකන යුගයක ජීවත්වන අපේ දරු පරපුරට සත්‍ය කුමක්දැයි වටහා දීමට සුදුසුම කාලය යැයි මට හැගිණි.
-පෙරවදන-
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක වරයකු ලෙස සේවය කරන කර්තෘවරයා ප්‍රායෝගිකව තමා අත්විදින සමාජය එලෙස හඳුනාගෙන මේ කෘතිය බිහි කරන්නට ඇතැයි සිතිය හැකිය.
ලංකාවේ රාජ්‍ය බලය ගිලිහීම, වෙල්ලස්සේ වීරයෝ නැගී සිටීම, සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් විමුත්තිකාමීන් අතින් මියයාම මොනරවිල අධිකාරම් විමුක්ති සටනට එකතුවීම, වෙල්ලස්සේ විමුක්ති අරගලයේ පසුබෑම ආදි ලෙස තෝරාගත් මාතෘකා කිහිපයක් මෙන්ම වෙල්ලස්ස සටනේ තෝරාගත් විරු චරිත කිහිපයක් පිළිබඳ කෘතියේදී ඔහු කතා කරයි.
ප්‍රදේශයේ පදිංචි කරු වීම යන සාධකයත් ජනශ්රැත් සොයා යාමේ උනන්දුවත්, තම අතීතයට පෙම් බඳින මිනිසකුගේ පර්යේෂණ ක්‍රියාවලියක් ලෙසත් වෙල්ලස්සේ සිංහ හටන කෘතිය දැක්විය හැකිය.