“වට පිලේ වග” ගැන නමෝ විත්තියට වට පිලවටා අති කයි දතාන්දර, වරුනාවකින්ම, පුරාගමු. අපේ පුරාණ ගංකූඩුවල ගෙවල් දොරවල් ආවට ගියාට හැදුවේ නැත. ශිල්ප ශාස්ත්‍රයකට ඒවා කෙරුණි. ශාරි පුශ්තකයට අනුව ගෙයි වහළ හැඩවැඩ කරන කොට භූමි ශාස්තරේට අනුව ගෙයි පාදම දමා බිත්ති බැඳ කුටුම්භයේ කාමර හදා ගත්තේය. පාදමේ සිටම ගෙය වටා ඉඟ උසට කාමර වටා “වට පිල” හැදුවේය. හැබැයි ගෙයි පිළි කන්නේ (රෙදි සොදා වනන) පසු පැත්තේ වට පිල රියනක තරම් ප්‍රමාණයකි. ඉදිරි පස හේලන්කඩ දක්වා බිත්තිවල සිට රියන් දෙකක් හෝ තුනක් පළල පිහිටුවා ගති. අපේ ඇත්තෝ වැඩි දෙනකු දන්නේ එම කොටස පමණක් “වට පිල” බවයි. වටා ඇති පිල කණ්ඩි යම වට පිලයි.
වට පිල මෙහෙම හැදුනේ බොහෝ කාරණා ඇතුවයි. ගෙයි ඇතුලත ආරක්ෂාව ප්‍රදානම කාරිනාවයි. සතා සර්පයකුට නිදැල්ලේ ගෙට ගොඩවීම මෙයින් වැලකුණි. මැක්කන් කුඩා කෘමි සතුන් ගෙට වැදීමද නතරවිය. ඇතැම් සකියන් (ප්‍රභූන්) ගේ ගෙවල්වලට වට පිල නැගීමට පඩි කඳක්ද වට පිලට හේත්තුව දී තිබුණි. ගොම මැටි ඉඳි අත්තේ හැඩ යට ගා (ආලේප කර) වට පිලෙන් එන දොස් පොළවටම පා කර හැරියේය.
වට පිල මනුෂ්‍ය පැවැත්මට චාරිත්‍ර රාශියක්ම එකතු කළ ගෙයි උපාංගයකි. ගෙදර එන කොයියම් තරා තිරමක කෙනෙක් වුවත්(උස් පහත්) එක එල්ලේ ගෙට වද්දාගත්තේ නැත. සියලු අමුත්තන් රඳවා ගත්තේ, වඩා හිදුවා ගත්තේ, වට පිලේය. ඉතා පිරිසිදු පැදුරු (රටා දැමු) ඔවුන්ට ඵලා දුන්නේය.
වට පිලේ වාඩිවන ක්‍රම දෙකකි. වට පිල අයිනටම පැමිණ වට පිලෙන් පහළට දෙකකුල් එල්ලාබා වැටෙනසේ හිඳ ගැනුම එකකි. අනෙක බිත්තියටම පිට දී දෙකකුල් දිගගෙන පහසුවෙන් සිටීම එකකි. ගෙදරට එන තැනැත්තෝ පිළි ගැනීම, ප්‍රතික්ෂේප කිරීම කළේද පිලේ සිරිත් වලින්ය.
පිලේ එලා තිබෙන පැදුර කෙනෙකු පෙනෙන මානයට පැමිණි විට හකුලා දැමීම, ගෙට පැමිනීම ඔහුට තහනම් (තහංචි) ලෙස දැනුම් දීමකි. අකමැත්ත දැක්වීමකි. ගේ තුළ හෝ බිත්තියට හේත්තු කර ඇති පැඳුර ගෙනවිත් පිල පිට එලීම පිළිගැනමු ආරධනා කිරීමකි. අපේ වැඩි හිටි වෘද්ධ දෙමාපියන් නිරතුරුවම පිල පිට රැඳුනි.
පිරිසුදුව තශ්‍ර ලබමින් තමන්ගේම දරු මුණුබුරු මිණි බිරියන්ගේ මැද මිදුලේ කෙළි සෙල්ලම් බලමින් දරුවන් රැක බලා කියාගෙන ආරක්ෂාව සැලසුමේද මේ පිල පිට දීමය . බොහෝවිට හැල්ල දමනවායයි කියන සතුටු සමීචි කථා බහ ගමේ ඇත්තන් එක හමුඩු වීම කළේ ද මේ පිලේදීමය.
තමන් ජීවිකාව පිණිස කරන ගොවිතැන් බත්, හරකා බාණ රැක ගැනුම, ඕනෑ එපා කම්, කථාබහ කර ගැනීමටද වට පිලෙන් ලද සරණ අපමණය. නෑදෑ හිතවත්, වරිගක් කාර කම් පවත්වා ගැනීමට ත්, මඟුල් තුලා යහපත් කටයුතු පින්දහම් ගමන් බිමන් සේම වැරැද්දට අවවාද උපදේශනා ලැබුනේද මේවට පිලෙන්මය.
කළේ අරන් ළිඳ ළඟ ගොස් සිටිනු එපා
“පිලේ පැදුර” හිමි නැතිවිට තබනු එපා
කැලේ ගොසින් තනියම දර කඬනු එපා
කුලේ නසන වැඩ කට ඉඩ තබනු එපා
අපේ ගංගෙවල් වල අඹු සැමි සම්බෝගය, ( පයුරු පාසනය) සිද්ධ වුණේ බොහෝම ලජ්ජාබව ඇතිවයි. දරුවන්ට ඉඟියක් වත් නොදැනෙනසේ මේ ලෝකස් සුබාවයට ඉඩ හසර ලබා ගත්තේද “වට පිලේ”ය රැ පැල්නොරකින රාත්‍රි කාලවලදී මුළු තැන්ගෙයි අස්පස් කිරිලි සියල්ල අවසන් කරගන්නා ගෙදර උන්දෑ කපුරු, සුවඳ කරාඹු නැටි යනාදියෙන් සම්පුර්ණ වූ බුලත්තට්ටුව රැගෙන පිලට එන්නේ පැදුරක්, මල්ලක්, වියමනක්ද (පන්නන් කිරීමක්) අරගෙනය. සමහරදාක හීං දරුවාද මව් තුරුලට වැටෙයි.
වැඩිහිටියෝ දෙදෙනා ආගිය, වැඩ ගමන්, ලෙඩදුක් දරුවන්ගේ කාරනා කටයුතු කථා කර හමාර වන විට ඊට කන්දීගෙන සිටි දරුවාට නිද්ද යයි. ඇතුල් කාමරයක දරුවා නිදිගන්වා, එළි මහන් සුළගේ සඳ ඇති රාත්‍රියක නම් තවත් සොඳුරුව අවශ්‍ය තාව වට පිලේ එලු පැදුරේම සපුරාගනී. මේ කාරියට ඒ ඇත්තෝ කීවේ “පිල් කෑම” කියාය. යහපත් දරු සිඳ ගැනීම් වන්නේ පාන්දර “පිලේ කෑමේ” දී බව ඔවුන‍් දැන සිටියහ. මෙය තහවුරු වන වදනක් මල්වර වීමේදී ද භාවිතා කරති. ගැහැනු දරුවකු වැඩි විය පත් වීමට ඔවුන් “පිල හොඳ වීම “ යයි කීවේය. දරුවා පිලට සුදුසු තත්ත්වයට ( සංවාස ක්‍රියාවට, දරුවන් ලැබීමට) පත් වූ බව එයින් කියවුනි.
වට පිලේ වචනාර්ථයෙන්ද “පිල”පාර්ශවය, පැත්ත, කොසද හඳුන්වයි. උඩ පිල යටි පිල, අපේ පිලේ, යනාදී වචන ඒ බැව් තහවුරු කෙරෙති.
ඉතින් තවත් බොහෝ දේ වට පිල වටා ඇතුවාට සැක නැත. ජනගතව එන ඕනෑම දෙයක් මේවට පිලෙන් ඉදිරියේදී කථිකාවකට ලක්වනු ඇත. අටලෝදාමේ ක්‍රියාවලිය සාක්ෂාත් කරමින් ඉදිරියේදී ඒවා ගෙන හැර පා ජීවිත වටිනාකම් ගොඩනගා ගැනුමට නිහතමානිව වට පිලේ ද පා ඉන්ම ආරාධනා කරන්නෙමු.
කලාකීර්ති, ජනශ්‍රැති ගවේෂක ශාස්ත්‍රවේදී