
දුරාතීතයේ පටන්ම ලංකාවට, විදේශ සංචාරකයෝ පැමිණියහ. මෙසේ විවිධ රටවලින් පැමිණි සංචාරකයින්ට ලංකාව සුන්දර දේශයක් බව වැටහී තිබුණි. මුතු, මැණික්, ඇත්දළ, අනර්ඝ වස්තූන් හැටියට සැලකූ සංචාරකයෝ ද ඒවා වෙළඳ භාණ්ඩ හැටියට ගෙන ගියෝ ය. හයවැනි පරාක්‍රමබාහු රජ සමයේ මෙරට සමඟ විදේශ සම්බන්ධතා වැඩිවශයෙන් පැවැති බවට ඓතිහාසික කරුණු බොහෝසෙයින් තිබේ.
චීනයත් ලංකාවත් අතර පැවැති රාජකීය සබඳතා
1436-1445 කාලයේ චීනයත්, ලංකාවත් අතර රාජකීය සම්බන්ධතාවන් හොඳින් පැවැති බවත්, දෙරටේ රජවරුන් අතර ඇතිවූ මතභේදයක් ලක්වූ අතර, එහි දී සාකච්ඡාවකින් අනතුරුව ගිවිසුම්ප්‍රකාරව චීනයට කප්පම් ගෙවූ බවත් ඉතිහාසයේ සඳහන් වෙයි. එම ගිවිසුම 1459 දක්වා ක්‍රියාත්මක වී ඇත.
එපමණක් නොව චීනයත්-ලංකාවත් අතර ආගමික සම්බන්ධතා ද තදින් පැවතුණි. මේ හේතුවෙන්, මෙරට බෞද්ධ පූජස්ථාන වැඳ පුදා ගැනීමට චීනයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙරටට පැමිණ ගමින් ගමට සංචාරය කර ඇත. ඒ අතරින් පාහියන් හිමියෝ ප්‍රකටය. උන්වහන්සේ ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමට යද් දී, නතර වී සිටි ගල් ගුහාව පාහියන්ගල නමින් අදත් ප්‍රකටය. කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි එම ස්ථානයේ පාහියන් හිමියන්ගේ නමින් ප්‍රකට විහාරස්ථානයක් ද ඉදිකර තිබේ.
මෙරටට පෘතුගීසින් පැමිණීමට ප්‍රථම කුරුඳු භෝගය පිළිබඳව විවිධ රටවල ප්‍රසිද්ධියට පත් වෙළෙඳ භාණ්ඩයක්ව පැවතුණි. ලංකාවේ සිට කුරුඳු රැගෙන ගිය නැවක් ඉන්දියාවේ ආන්ද්‍රියාම්පෙට් හි දී කොල්ල කෑම නිසා එයට විරෝධය දැක්වීමක් වශයෙන් ලංකාවේ සෙබළ පිරිසක් එහි ගොස් ආන්ද්‍රියාම්පෙට්වලට ප්‍රහාරයක් එල්ල කර ඇත.
ලංකාවේ ස්වාභාවික පිහිටිම හේතුවෙන් වරායක තත්ත්වයේ පැවැති ඇතැම් ස්ථාන වෙත, සංචාරක යාත්‍රා ද වෙළෙඳ යාත්‍රා ද අතීතයේ සිට මෙරටට පැමිණි බව ප්‍රකටව ඇත.
ලොරැන්සෝද අල්මේදාගේ පැමිණීම (1505 නොවැම්බර් 05)
පෘතුගාලයෙන් නැව් නැගුණු ලොරැන්සෝද අල්මේදා ඇතුළු ප්‍රධාන පිරිස 1505 නොවැම්බර් 05 වැනිදා, නාවික පිරිසක් ද සමඟ ලංකාවට පැමිණියේ ය. මෙය අහම්බෙන් සිදුවූවක් බව ඉතිහාසඥයන්ගේ මතයවේ. එනමුත් බටහිර අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාව වූයේ මේ රටේ ඇති වටිනා භාණ්ඩ ලබා ගැනීම හා ස්වාභාව සෞන්දර්යයේ සුන්දරත්වය විඳ ගැනීම පමණක් නොවේ. ඊට වඩා වැඩි අරමුණක් ඔවුන් තුළ තිබුණි. ලංකාවට පැමිණ උපක්‍රමශීලීව, රජවරුන් සමඟ සුහදතා පැවැත්වූයේ බටහිර ජාතීන් තුළ පැවැති මෙම යටි අරමුණක් ඉෂ්ට කර ගැනීමට බව අප රටට නිදහස ලැබී හැට නව වසරක් ලබන මේ අවස්ථාවේ පෙන්වා දීම වැදගත්ය.
බටහිර අධිරාජ්‍යවාදය ව්‍යාප්ත කළ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි තුන් කොටසගේම අරමුණ වූයේ ඔවුන් යටත් කළ සෑම රටක් සේම ලංකාව ද තමන්ගේ යටත් විජිතයක් බවට පත් කර ගැනීමය. ඒ සඳහා ප්‍රථමයෙන්ම සිදු කළේ ඔවුන්ගේ ආගම මෙහි ව්‍යාප්ත කිරීමය. ඊට පෙර මෙරටට විදේශිකයන් පැමිණ ඇතත් ඔවුන්ට එවැනි ක්‍රියාමාර්ගවලට යොමු නොවූ අතර එවැනි අවශ්‍යතාවක් ද ඔවන් තුළ දක්නට නොවුණි.
ලොරැන්සෝද අල්මේදා ගේ නායකත්වයෙන් යුතුව පැමිණි පෘතුගීසින්ට රජතුමා හමුවීමට අවශ්‍ය විය. කෝට්ටේ රාජධානියට බොහෝ දුර බවක් පෙන්වන්නට ස්වදේශිකයන් උපක්‍රම යෙදුවත්, පෘතුගීසින්ට එය තේරුම් ගොස් තිබුණේ නතර කර තිබූ නැව්වලින් වරින් වර නිකුත් වූ වෙඩි හඬ කෝට්ටේ ට ද ශ්‍රවණය වීමෙනි. රජතුමා සමඟ සාකච්ඡා කළ පෘතුගීසින් එතුමාට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්නට පොරොන්දු විය. ඒ සඳහා කප්පම වශයෙන් කුරුඳු ලබාදිය යුතුවිය.
පෘතුගීසින් තම ආගම පතුරුවා හරිමින් දොන් ජුවන් ධර්මපාල කුමාරයාගේ රන් පිළිරුවක් පෘතුගාලයට ගෙන ගොස් එයට ඔටුණු පලඳවා ක්‍රිස්තියානි ආගමිකයකු සේ භෞතීස්ම කිරීමටපවා කටයුතු කළේය.
පෘතුගාලයේ දී ක්‍රිස්තියානි ආගමිකයකු ලෙස බෞතීස්ම වූ ධර්මපාල කුමාරයා 1551 දී රජ බවට පත් වූයේ ය. මෙනිසා පෘතුගීසින්ගේ උපක්‍රමය බොහෝ දුරට සාර්ථක විය.
මෙම කාලයේ දී කොචින් හි බිෂොප්තුමා විකාරකාරී ජනරාල්වරයකුගේ මාර්ගයෙන් ලංකාවේ කටයුතු පාලනය කළේ ය.
පෘතුගීසින්ගේ පාලනය දූෂණයෙන් අසාධාරණ කමින් පිරීගොස් තිබුණ අතර, 1597 දී ගිවිසගත් කරුණු ඔවුන් කඩ කරමින් ක්‍රියා කළහ. පෘතුගීසින් පත්කර සිටි දේශීය නිලධාරීන් ද ස්වදේශිකයන්ට දරුණු ලෙස වදහිංසා පැමිණවූහ. මේ නිසා ස්වදේශීය නිලධාරීන් වෙනුවට, පෘතුගීසි නිලධාරීන්ම ලබාදෙන ලෙස 1815 දී ස්වදේශිකයෝ ඉල්ලා සිටියහ.
ඕලන්ද සමය
පෘතුගීසින්ගේ ආරක්ෂක කොටුව ඕලන්ද හමුදා විසින් අල්ලා ගැනීමත් සමඟ ඕලන්ද පාලනය 1656 දී ආරම්භ වූයේ ය. මන්නාරම සහ තූත්තුකුඩිය ද 1658 දී යටත් කරගත් ඕලන්ද හමුදාව 1658 ජූනි 24 දා යාපනයේ ප්‍රතිකාල් කොටුව ද අත්පත් කර ගත්තේ ය. ඒ සිද්ධිය සමඟ පෘතුගීසින්ගේ පාලනය මෙරටින් තුරන් විය.
රාජසිංහ රජුට විරුද්ධව 1664 දී ස්වදේශීය ජනතාව කැරලි ගැසූහ. රජු හඟුරන්කෙතට පලා ගියේ ය.
කැරැල්ල මැඬ පැවැත්වීමට කැඳවූ ඕලන්ද හමුදාව එය අවසන් කළේ රටේ ප්‍රදේශ 15 ක් තමන් යටතට පත්කර ගනිමිනි (1665 දී). ඕලන්ද බලය වැඩිවෙත්ම රජු ප්‍රංශ ජාතිකයන් සමඟ ගිවිසුම් කොට ගෙන ක්‍රියා කිරීම නිසා ඔවුන් ත්‍රිකුණාමලය පාලනය ස්ථාපිත කර ගත්හ.
එහෙත් ඕලන්ද හමුදාව යළි එහි පාලනය ලබාගෙන ප්‍රංශ තානාපති සිරකර තැබුවේ ය. දිගින් දිගටම සටන් පැවැති නමුත් රාජසිංහ රජු 1684 දී හදිසියේම ඕලන්ද හමුදාවට පහර දී ප්‍රදේශ බොහොමයක් තම පාලනයට නතු කර ගත්තේ ය. පෘතුගීසින් පරාජය කොට ලන්දේසින් ළං කර ගැනීම ”ඉඟුරු දී මිරිස් ගැනීමක් වගේ යැයි” මේ වකවානුවේ ප්‍රකට විය.
ඒ කෙසේ වෙතත් රාජසිංහ රජුගේ පාලනය කාලයේ පෘතුගීසින්ට හා ලන්දේසින්ට දරුණු පරාජයන්ට මුහුණ පෑමටට සිදුවිය.
අනතුරුව විමලධර්මසූරිය රජ බවට පත්විය. (1687-1707) රාජසිංහ රජුගේ පුත්‍රයා වූ ඔහු ලන්දේසින් අල්ලා ගත් ප්‍රදේශ හා වරායන් ආපසු දෙන ලෙස ඉල්ලීමක් කළේ ය. ඉල්ලීම ඉටු කිරීම නිසා ලන්දේසි බලය බස්නාහිරටත් දකුණු පළාතේ කොටසකටත් සීමාවිය. මේ නිසා පුවක් වෙළෙඳාම ද ඕලන්ද කාරයන්ට අහිමි විය.
1707 ජූනි 04 දින විමලධර්මසූරිය රජුගේ අභාවයෙන් පසු ඔහුගේ පුත්‍ර නරේන්ද්‍රසිංහ රජ පැමිණියේ ය. සිංහල රාජවංශයේ අන්තිමයා වූ ඔහු ශාසනික දියුණුව පිණිස පැවිදි උපසම්පදාව යළි පිහිටුවීම පිණිස කටයුතු කළේ ය. ඉන් අනතුරු නායක්කාර් වංශික පාලකයන් අතට පාලනය බලය හිමිවුණි.
බ්‍රිතාන්‍ය ජාතිකයන් මුහුදුබඩ ප්‍රදේශ අත්කර ගැනීම
මේ කාලය තුළ බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාව සමඟ සම්බන්ධතා ගොඩනගා ගත්තේ ය.
ඒ වන විටත් මුහුදුබඩ ප්‍රදේශවල ආධිපත්‍යය බ්‍රිතාන්‍යය නතුව පැවතිනි. 1796 පෙබරවාරි 15 වැනිදා බ්‍රිතාන්‍යයන් විසින් කොළඹ කොටුව අත්පත් කර ගත්හ. ඒ අනුව මදුරාසියේ ස්ථාපිත බ්‍රිතාන්‍යයන්ගේ නැගෙනහිර ඉන්දියා වෙළෙඳ සමාගම මගින් ලංකාව ද පාලනය කරන්නට විය. 1798 දී බ්‍රිතාන්‍යයෙන් පත්කළ ප්‍රථම ආණ්ඩු කාරවරයා වන ෆෙඩි‍්‍රක් නෝත් ඔක්තෝබර් 12 වැනිදා වැඩ බාර ගත්තේ ය.
ෆෙඩි‍්‍රක් නෝත් ආණ්ඩුකාරවරයා විසින් බ්‍රිතාන්‍ය පාලන ක්‍රමය මෙහි ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේ ය. ඉන් පසුවත් මෙරට රජවරුන්, ජනතාව සමඟ එක්ව බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව සටන් කළහ. නමුත්, ඒවා අසාර්ථක විය. 1798 සිට 1815 දක්වා රජ ලෙස සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිරකරුවකු ලෙස ඉන්දියාවට යවනු ලැබීය. ඔහු 1832 ජනවාරි 3 වැනිදා සිර බාරයේ සිටියදීම මිය ගියේ ය.
බටහිර ජාතීන්ට ලංකාව යටත් කර ගැනීමට අවශ්‍ය වූයේ විදේශ රටවල් සමඟ එක්වී වෙළෙඳාම දියුණු කරගෙන තම රටවල ආර්ථික තත්ත්වය නගා සිටුවා ගැනීමය. වෙළෙඳාමෙන් පමණක් නොව වෙනත් විවිධ උපක්‍රම තුළින් තම රටවල ආර්ථිකය හා යුද ශක්තිය වර්ධනය කර ගත්තේය. නමුත් සෑම අතින්ම ශක්තිමත් ජාතියක් වූ බ්‍රිතාන්‍ය ජාතිකයන්, ඔවුන් අතරින් තම රට ඉර නොබසින රාජ්‍යය බවට පත් කර වූයේ ‘‘ලෝකයේම රාජ්‍යයන්’’ තමන් යටතට නතු කර ගැනීමෙනි.
වෙළෙඳ මිත්‍රයන්, දේශ ගවේෂකයන් ලෙස විවිධ රටවලට ගමන් කළ පිරිස් තම ආගමත්, සංස්කෘතියත් පෙරදිග රටවල ව්‍යාප්ත කොට, ලංකාව ඇතුළු පෙරදිග බොහෝ රටවල් තම යටත් විජිත බවට පත් කර ගත්තේය.