කන්ද උඩින් හිරු නැඟ එන හිමිදිරියේ
කුසුම් පිපී දසත සුවඳ හමනා හිමිදිරියේ
නිල්ල ගැසෙන ගොයම වැනෙන හිමිදිරියේ
පුංචි ළමයි සිප්හල වෙත යති හිමිදිරියේ
උදැල්ල ගෙන ගොවි මාමා කුඹුරට යන්නේ
කුරුල්ලො කෑම සොයා ඉගිළී යන්නේ
සිසිල් සුළඟ ගත දැවටී සිසිලස දෙන්නේ
උදෑසනේ අසිරිය මම මෙසේ කියන්නේ
අර් . ඒ. අකලංකා අංශුමාලි රූපසිංහ
7ශ්‍රේණිය,
කල්තොට දකුණු ඉවුර විද්‍යාලය,
වැලිපතයාය බළංගොඩ.