
Cocks Crow in the Morn
- Anonymous
Cocks crow in the morn
To tell us to rise.
And he who lies late
Will never be wise.
For early to bed
And early to rise
Makes a man healthy,
Wealthy and wise.
උදයේ කුකුල්ලු හඬලති
උදයේ කුකුල්ලු හඬලති
අපට අවදිවන්න කියන්න
පමාවන තෙක් නිදාගන්නා
කවදාවත් බුද්ධිමත් නොවනු ඇත
මක්නිසාදයත් කලින් නිදියෑම
කලින් ඇහැරීම
කරයි මිනිසෙක් නිරෝගී
ධනවත් හා බුද්ධිමත්
කවිය කවුරු විසින් ලියන ලද්දක් යැයි නොදන්නා විට anonymous(නිර්නාමික) යන වචනය කවිය සඳහා සාමාන්‍යයෙන් යෙදේ. මෙය සමහර අවස්ථාවල anon වශයෙන් ද යෙදේ. කාර්යක්ෂම වීම හා නිරෝගී වීම සම්බන්ධයෙන් බොහෝ විට ළමයින්ට උපදෙස් දීම සඳහා මේ කවිය උපයෝගී කර ගැනීම දැකිය හැක.
***
The Eagle
- Alfred, Lord Tennyson
He clasps the crag with crooked hands;
Close to the sun in lonely lands,
Ring'd with the azure world, he stands.
The wrinkled sea beneath him crawls;
He watches from his mountain walls,
And like a thunderbolt he falls.
උකුස්සා
ඇල්ෆ්රාඩ් ටෙලිසන් සාමි
වක් ගැසුණු අත් වලින් ඔහු ගල අල්ලා සිටියි
හිරුට ළංව පාළු දනව්වල
නිල් ලෝකයකින් වට වී, ඔහු සිටගනියි.
රැලි වැටුණු මුහුද ඔහු යටින් ඇදෙයි
කඳු වලල්ලේ සිට ඔහු බලා සිටියි
හෙණයක් සේ ඔහු පාත් වෙයි.
ඇල්ෆ්‍රඩ් ටෙනිසන් (1809-1892) බ්‍රිතාන්‍යෙය් වික්ටෝරියා රැජිනගේ පාලන සමය තුළ විසූ ජනප්‍රියම කවියා ලෙස සැලකිය හැකිය.
***
Scorched Sentinels
- UdhayaniNavaratnam
We are mere headless bodies
Mute, unfeeling, empty
War exhibits to be gawked at
Assume all those who pass by
We have borne witness
To the unfolding of history
We have withstood
Tsunamis of RPG and AK47 fire
We are mere headless bodies
Our torsos blackened
and bullet-riddled
But roots dig deep into the earth
Holding tight to our terrifying truths
We await a historian, as in ages past
To chisel on stone our saga of suffering
We hold our breath until that moment
Headless, silent, resolute.
Translated and adapted by Malathi de Alwis, in collaboration with the poet.
පිළිස්සුණු මුරකරුවන්
උදයානි නවරත්නම්
අපි ඔළු නැති කඳන් පමණක් වෙමු
නිහඬ, නොහැඟන, හිස්
විවර වූ මුවින් බලා සිටීමට ප්‍රදර්ශන භාණ්ඩ යැයි
අසලින් යන සැවොම සිතන
අපි සාක්ෂිකරුවෝ වෙමු
ඉතිහාසයේ දිගහැරීමට
අපි නොවැටී මුහුණදී සිටියෙමු
RPG සහ AK47ගිනි සුනාමියන්ට
අපි ඔළු නැති කඳන් පමණක් වෙමු
උඩුකය කළු වුණු, බුලට් සිදුරෙන් පිරුණු
නමුත් අපේ මුල් පොළොව යටටම කා වැදී ඇත
අපේ භයංකාර සත්‍ය තදින් ග්‍රහණය කරමින්
අපි සිටින්නෙමු පෙර සේ ඉතිහාසඥයකු එන තුරු
ගලේ නෙලන්නට අපේ වේදනාවේ කතාව
එතෙක් අපි හුස්ම නොහෙළා බලා සිටින්නෙමු
හිස් සුන්ව, නිහඬ ව, අධිෂ්ඨානයෙන් යුතුව
***
(ඉංග්‍රීසි පරිවර්තනය සහ අනුවර්තනය - මාලතී ද අල්විස්, උදයානි නවරත්නම් සමඟ)
ව්‍යාරකරණ ඉඟිය
මෙම කවිවල ඇති ප්‍රධාන ක්‍රියා පදය සරල වර්තමාන කාලයට අයත්වේ. (Scorched Sentinels නම් වූ කවියේ දෙවෙනි කවි පෙළේ වර්තමාන ස්ථීර කාලය ද - Present Perfect Tense - දැකිය හැකිය. )
සරල වර්තමාන කාලය උපයෝගී වන්නේ පුරුද්දක් වශයෙන් හෝ සාමාන්‍යයක් වශයෙන් කරන දෙයක් සඳහාය.
උදාහරණ:- I get up at six o’clock.
මම උදේ හයට නැගිටින්නෙමි.
සාමාන්‍ය ක්‍රියාපදයට සමානව මෙය වර නැඟෙන අතර ප්‍රථම පුරුෂ ඒක වචනයේ දී ක්‍රියා පදයට “s” අකුරක් යෙදේ. (Be ක්‍රියා පදය මේ කාල ස්වරූපයේ වර නැඟෙන්නේ වෙනස් ආකාරයකටය.)