
බටහිරින් යටත්විජිතවලට හඳුන්වාදෙන ලද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ෆෙඩරල් දේශපාලන ව්‍යුහයන් ඔවුන්ගේම ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන යුගයක හුදෙක් මහජන නියෝජිතයින් වැඩිකරවන උපාය මාර්ගයන්ට ඉඩදියයුතු නැත. ඒ වෙනුවට දැනට ශීඝ්‍රයෙන් ජනතාව හුරුවෙමින් සිටින සංඛ්‍යක තාක්ෂණය තවදුරටත් පොදු ජනතාවට පහසුකමි සපයන දිළිඳු ජනයා ඉලක්ක කර ගනිමින් සුභසාධන සහ සහන සේවාවන් ජංගම දුරකථන ඔස්සේ සපයාදීමට සහ පරිපාලනය කාර්යක්ෂම කිරීමට යොදා ගතයුතුවේ.මේ යුග පෙරළිය ආසියාවට ආවේණික සහභාගී ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කරවීමට අත්හදා බැලීමක් විය හැක.
පටු අදහස් නම් පවුරින් කොටුවී කැබලිවලට වෙන්වී යන පණ්ඩිත් අමරදේවයන් සහ පිරිස ගයන ඒ අපූරු ගීය මහගම සේකරයන් රවීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රේෂ්ඨ කවියාගේ ගීතාංජලී කාව්‍ය සංග්‍රහයේ පැදි පෙලක් ඇසුරින් නිර්මාණය කරන ලද ගීය අවසන් වන්නේ .. එවන් නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන යන අපේක්ෂාව පෙරදැරි කරගනිමිණි. ඒහෙත් ඒකී අපේක්ෂාව වෙත ලගාවීම කෙසේ වෙතත් නිදහසින් පසු ශ්‍රී ලාංකේය ජාතිය කැබැලි කරවන පටු අදහස් දශක හතකට පසුවද රජ කරන වග අත්දකින්නෙමු. තාගේර් කිවිදාණන් සිය අදහස ප්‍රකාශ කරනුයේ යටත් විජිතවාදී මානසිකයට සිරවී සිටි ආසියාවේ සියලුම දේශප්‍රේමීන් අමතාය. නිදහස් වී නිවහල් නොවීමට අපට තවමත් නොහැකිව ඇත්තේ ඇයිද යන්න පිළිබඳ අදහස් කිහිපයක් පාඨකයින් වෙත යොමු කිරීමට පණ්ඩිත් අමරදේවයන් සහ පිරිස ගයන ඒ අපූරු ගීය ප්‍රස්තුතයක් කර ගනිමි.
දශක හතක් අත්විඳින ලද නිදහස ශ්‍රී ලාංකිකයන් වන අප පසුගිය දා සැමරුවෙමු. නොයෙක් තැන්වල පවත්වනු ලබන නිදහස් දින පණිවිඩවලදී සඳහන් වන කරුණක් වනුයේ ලේ කඳුලක් වත් නොසෙල්වා බ්‍රිතාන්‍ය අධිරාජවාදීන්ගෙන් ලද නිදහසට ඉහළ අගයක් පිරිනැමීමයි. මේ ප්‍රකාශනය තුළම අපගේ ජාතිය නිවහල් නොවීමට අවශ්‍ය විඥාණය අන්තර්ගත වන බව මේ ලියුම්කරු විස්වාශ කරයි. හැබෑවටම අපගේ මුතුන් මිත්තන් රටේ නිදහස දිනා ගැනීමට ලේ හළා දිවිපුදා නැත්ද,පර සතුරන් ගෙන් දැය රැකගනුවස් වසර දෙදහසකදී ඒඩිතර දේශ හිතෛෂින් කර ඇති ජීවිත පරිත්‍යාග ලේ හැළීම් අපට අවතක්සේරු කළ හැකිද? ඒය කෙසේ වෙතත් 1948 නිදහස ලබා ගැනීමට කළ ජීවිත පරිත්‍යාග ඉක්මවමින් ලැබූ නිදහස භුක්තිවිඳීමට ශ්‍රී ලාංකේය ජාතිය 2009 දක්වා පුද කළ ජීවිත ප්‍රමාණය කොපමණක්ද? මෙකී ඓතිහාසික කරුණු සාධක පිළිබද නිවැරදි තක්සේරුවක් කරමින්, සහ අපටම ආවේණික දීර්ඝ ඉතිහාසය මත පැවැතුණු අඛණ්ඩ ශිෂ්ඨාචාරයට දායක වු බලවේගෙද තර්කානුකූලව හඳුනාගනිමින් වර්තමාන තාක්ෂණික සහ සංඛ්‍යක යුගයේ ශක්ති ප්‍රබවයන් මත ගොඩනැගෙන ප්‍රජාතාන්ත්‍රික පාලන ව්‍යුහයක් ශ්‍රී ලංකා දේශපාලනයට හඳුන්වා දියයුතු බව පෙන්වා දීමට මෙම ලිපිය පාදක කරගනිමි.
ශතක ඒකහමාරකට ආසන්න කාලයක් අප එක් සේසත්වූ ප්‍රභල බ්‍රිතාන්‍ය අධිරාජයේ බෙදුණු යටත් වාසීන් ලෙස ජීවත් වෙමින් බෙදා පාලනය කරවීමේ න්‍යාය මැනවින් අන්තර්ග්‍රහණය කර ඇත්තෙමු. බෙදා පාලනය කරවීමේ න්‍යාය බ්‍රිතාන්‍යයට පාරාවළල්ලක් වන අයුරු තව ටික කාලයකින් දැක ගතහැකි වනු බවට මෙම ලියුමිකරු විශ්වාස කරයි. මෙහි පළමු වෙඩිමුරය පත්තු කිරීමට නියමිතව ඇත්තේ බෙදා පාලනයට තදින්ම ගොදුරු වූ උතුරු අයර්ලන්තයෙනි. සිය නිදහස දිනා ගනුවස් අයර්ලන්ත ජාතිය ශ්‍රී ලාංකිකයන් මෙන් අතිමහත් ජීවිත පරිත්‍යාගයන් කර ඇත. ඉතිහාසයේ සරදමකට මෙන් වර්තමාන බ්‍රිතාන්‍යයේ වෙස්ටිමිනිස්ටර් නියෝජිත ප්‍රජාතන්ත්‍රී රජය පවත්වාගෙන යන්නේ උතුරු අයර්ලන්ත නියෝජිතයින් සුළුතරයකිනි. යල් පැන ගිය පෙඩරල් ක්‍රමවේදයට බලය විමධ්‍යගත කර ඇති උතුරු අයර්ලන්තයේ දැනට වසරකට ආසන්න කාලයක් පුරා ආණ්ඩු කරවීමට රජයක් නොමැත.
නාවික ශක්තියෙන් ප්‍රභල බටහිර අධිරාජ්‍යයන්ගේ ග්‍රහණයට ලක්වීමට පෙර ලාංකීයයන් දකුණු ඉන්දීය ආක්‍රමණයන්ට වරින් වර මුහුණ දෙමින් සියලුම ආක්‍රමිකයන් සාර්ථකව පරාජය කරමින් දේශය ඒක් සේසත්ව රැක ගැනීමට පැරැණි රජ දරුවන් නිවැරැදි නායකත්වයක් ලබාදුන්හ. එපමණක් නොව දකුණු ඉන්දීය ආක්‍රමිකයින්ගේ කුළී හේවායන් කිසිවෙක් පාලකයාගේ පරාජයෙන් පසු සමූළඝාතනයන්ට ලක් කිරීම හෝ වර්ගවාදී සංහාරයකට ලක් නොකොට අභය දානය දුන්හ. ඔවුන් සියලු දෙනාගේ ජීවත්වීමේ නිදහස තහවුරු කළහ. ඔවුන්ට නිදහසේ ජීවත්විය හැකි මානව අභය භූමින් වෙන්කර දුන්හ. මෙවන් ප්‍රෞඩ ඉතිහාසයකට සහ වසර 2500 ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයකට උරුමකමි ඇති ශ්‍රී ලාංකිකයන් මානව හිමිකමි උල්ලංගනය කරවීම සමිබන්ධයෙන් දඟගෙයි ලෑමට සැරසෙන අයට පිළිතුරු දීමට නොහැකි නිවහල් චින්තනයකින් පෝෂණයවූ දේශපාලන නායකත්වයක් අහිමි වීමට ප්‍රධාන කාරනය වී ඇත්තේ බටහිර මානසිකත්වයට සහ යල්පිණූ මතවාද මත සිරවුනු බෙදාපාලන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී මොඩලය බදාගැනීමය.
ඉපැරණි ලාංකේ රාජ්‍ය පාලකයින් සිය පාලන ක්‍රම වේදයන් පවත්වාගෙන යාමට පාදක කරගත් සමිප්‍රදායන් මොනවාද? එහි මූලාරමිභය ක්‍රිස්තු පූර්ව තුන්වන සිය වස දක්වා ඇදී යනබවට සාධක තිබේ. පළමු ගෞරවය ලැබිය යුත්තේ එවකට ඉන්දියාව පාලනය කළ ශ්‍රේෂ්ඨ ධර්මාශෝක අධිරාජ්‍යාටය. (ක්‍රි පූ 272-231). බුදු දහම වැළදගත් චණ්ඩාශෝක දේවානමිප්‍රිය ධර්මාශෝක බවට පරිවර්තනය වීය. ඉන් ඉක්බිති බුදු දහම ලොව පුරා පැතිරවීමට කටයුතු කළේය. බුදු දහමේ හරය අවබෝධකරගනිමින් රාජ්‍ය පාලනය කරගෙන යාමට සුදුසු පරිචයන් සහ සාරධර්ම හඳුන්වාදෙමින් ඒකී අගයන් ඉන්දියාව පුරාම පතුරුවන වස් අශෝක ස්ථමිභවල ගලින් කොටවා ප්‍රදර්ශය කරවීය. ඉන් නොනැවතුනු අධිරාජ්‍යා සිය ධර්ම අවබෝධය සංක්ෂිපතව සමාජ සුභ සිද්ධිය ඉලක්ක කරගනිමින් මානව දයාව කරුණාව සහ සදාචාරය සමාජ ගත කළ හැකි පාලන ක්‍රමවේදය බුදු දහම සමගම ලොව පුරා ප්‍රචලිත කළේය. ඉන්දියාව පුරා සිටුවනලද අශෝක ස්ථමිභයන්හි අන්තර්ගතය පරිශීලනයේදී මානව දයාව පමණක් නොව සත්ව කරුණාව ගැනද සැලැකිලිමත්ව වනජීවීන්ට සහ සතුන්ටද ජීවත්වීමේ නිදහස තහවුරුවන පාලනයක් ධර්මාශෝක අධිරාජ්‍යා නියම කළේය. මුළු ආසියාවටත් මධ්‍යධරණී දේශයටත් බුදු දහම ප්‍රචාරය කරවීමට කටයුතු කරමින් අසල්වැසි ලංකාද්වීපයට ධර්ම ප්‍රචාරය කරවීම පිණිස ධර්මාශෝක අධිරාජ්‍යා තෝරා ගත්තේ සිය පුතුනුව සහ දියණිය වු මිහිඳු මහ රහතන් වහන්සේ සහ සංඝමිත්තා තෙරණියයි. ඒබැවින් මානව හිමිකමි සාරධර්ම සහ ලිඛිත ප්‍රඥප්තීන් මූලාශ්‍රය ක්‍රි.පූ. තුන්වන ශතවර්ෂය යන්න පැහැදිලි කරගත යුතුව ඇත. ඒසේම බුදු දහමේ හර පද්ධතිය මත ක්‍රියාත්මකවූ රාජ්‍ය පාලන ක්‍රමවේදයක් ඉපැරැණි ලාංකේය රාජ්‍ය පාලකයින් අනුගමනය කරවීමට පොලඹවා ඇතැයි යන නිගමනයට එළඹිය හැකිය.
එම පාලන ක්‍රමය මත සමිමතව පිහිටාගත් රාජ්‍ය පාලන තන්ත්‍රය බටහිර යුරෝපයේ ක්‍රියාත්මකවූ කෘර පාලකයින්ගේ ක්‍රියාවලියන්ගෙන් වෙනස් මගක් ගත්තේය. බටහිර යුරෝපයේ අාක්‍රමණික ඒකාධිපතියන් පළමු සහ දෙවන ලෝක සංග්‍රාමයන් දෙකේදීම සිය සතුරු හමුදාවන් සහ රටවැසියන් යටත් කරගෙන යුධ සිරකරුවන් ලෙසටත්, වහල් සේවකයින් ලෙසට ගැනීමට හෝ ගෑස් කාමර තුළ සමූලඝාතනය කරවීමට ලාංකික රජ දරුවන් කටයුතු නොකළ බව ලොවට හඩ ගා කිවයුතු කාලය එළැඹ ඇත. දකුණු ඉන්දියාවේ සිට පැමිණි සතුරු හමුදා සෙබළුන් බව දැනගෙනත් ආක්‍රමික පාලකයාගේ පරාජයෙන් පසු සිය කුළී හේවායන් සමූලඝාතනයට ලක් නොකිරීමට වගබලාගනිමින් දිවයිනේම ජීවත්වීමේ අයිතිය තහවුරු කළහ.
විසිඑක්වෙනි ශතවර්ෂය ආසියාවේ යුගය බවට හඳුන්වාදී ඇති බැවින් ආසියාවේ ශිෂ්ටාචාරයට ආසියා මහද්වීපය තුළින්ම මතුව ආ චින්තන දහරාවේ දායකත්වය පිළිබද අධ්‍යනයක් කළයුතු බව මෙම ලියුමිකරු අදහස් කරයි.
බෙදා පාලනය කරවීමේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී වෙස්ටිමිනිස්ටර් මොඩලය සංස්ථාගත කරවමින් ඒකීය රාජ්‍යක් වු භාරතය රටවල් තුනකට වෙන්කරවීමට අඩිතාලම යෙදූහ. මැතිවරණ කොට්ඨාෂ වෙන්දේසි කලහෙ. වික්ටෝරියානු සමිප්‍රදායන් සිප වැළඳගත් අයවළුන් ඩුප්ලිකේට් මහරාජාවරුන් හැටියට පත්කලහ. ඉන්දියාවේ පැවැති උග්‍ර කුලභේදය තවදුරටත් ව්‍යාප්ත කරවමින් කුලවන්තයන් සහ කුලහීනයින් විවිධ වරප්‍රසාදවලට අයිතිවාසිකම් උරුමකරවන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කලහ. වර්තමානයේ මෙම තත්වය ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදය උඩු යටිකුරු කරවීමට සමත්ව ඇති අතර මෙකී බෙදීම් හේතු කොටගෙන සිදුවන ජීවිත හානිය අතිවිශාලය.
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක පරිපාලන දිස්ත්‍රික්කවල බෙදා වෙන්කර ඇති ක්‍රමවේදය ආරම්භය ගැන අවධානය යොමුකෙළ යුතුව ඇත. බ්‍රිතාන්‍යය යටත් විජිත පාලකයින් ඒක් ඒක් දිස්ත්‍රික්ක වෙන්කර ඇත්තේ දිවයිනේ පැවැති වැවිලි ආර්ථිකයෙන් රජයට ලැබිය යුතු ආදායම් ඵකතු කරගැනීම පහසු වෙන ආකාරයටය. මෙම දිස්ත්‍රික් වෙන්කර ගැනීමේ පදනම පිළිබඳව ජනවහරේ ඇති මතය නම් රජයේ ඒජන්තයාගේනිලනිවාසයේ සිට දිවා ආලෝකය පවතින විටදී අසුපිටින් දිනකට ඵක් දිසාවකට ගමන් කළ හැකි උපරිම දුර මායිමක් වී ඇති බවයි. ඒකී දිස්ත්‍රික්කයක් පාලනය කිරීමට දේශීය ආදායම් නිලධාරියෙක් පත්කරනු ලැබීය [DISTRICT REVENUE OFFICER (DRO)].
මෙම නිගමනය නිවැරදි යැයි අනුමාන කළ හැක්කේ වැවිලි ආර්ථිකය ස්ථාපනය වී තිබූ කඳුරට දිසා මායිම් කුඩා වී තිබීම සහ වියළි කලාපයේදිස්ත්‍රික්ක භූමි ප්‍රමාණයෙන් විශාලත්වයෙන් වැඩිවී තිබීම වර්තමානයේදීද ඒ ලෙසින්ම පවතින නිසාය. නමුත් 1987 දේශපාලන බලය විමධ්‍යගත කරන පළාත් ඒකක නිර්ණය කර ඇත්තේ යටත් විජිත පාලකයින් සිය පරිපාලනය කාර්යක්ෂමව පවත්වාගෙන යාමේ අරමුණින් ආදායම් එකතු කරවනු වස් ඇටවූ ඒකකයින් කිහිපයක් ඵකතු කර ගනිමිනි. අවාසනාවකට එවකට රජයට ආදායම් ගොනුකරවනු වස් පත්කරගෙන සිටි DRO මහතැන්ලා වෙනුවට වර්තමානයේ ආදායම් පිළිබඳව කිසිම වගකීමකින් තොර වියදම් කිරීම් කාර්යයට පමණක් ඡන්දයෙන් මහ ඇමති කෙනකු සහ ඇමැති මණ්ඩලයක් නඩත්තුකරවීමට ශ්‍රී ලාංකිකයින්ට සිදුව ඇත. ඵබැවින් ශ්‍රී ලංකාව ණය බරින් ගොඩවීමට පළමුව සිදුකලයුතුව ඇත්තේ මෙම නාස්තිකාර සමාන්තර පරිපාලන ව්‍යුහය ඉවත් කිරීමය.
තත්වය ඵසේ තිබියදී පළාත්පාලන කටයුතු භාර අමාත්‍යවරයා පසුගිය 2017 අගෝස්තු මස වර්තමානයේ දිවයිනේ පවතින පළාත්පාලන ඒකක සහ නියෝජිතයින් දෙගුණ කරවීමට මහින්ද රාජපක්ෂ පාලන සමයේ ගෙනන ලද යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. රටේ දේශපාලන කර්මාන්තය සහ අාර්ථිකය පුළුල් කරවමින් ඉන් දේශපාලන පක්ෂ තර්කරන වරප්‍රසාදලාභී මහජන නියෝජිතයින් පත්කර ගැනීමට පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන් සිය දුවාදරුවන්ට රැකියා සැපයීමේ මෙම මහඟු අවස්ථාවට ඡන්දය දී අනුමත කළහ.
පෙබරවාරි මස 10 දින පැවැති පළාත්පාලන මැතිවරණ ප්‍රථිපල දැන් නිකුත්ව ඇත. අන්තෝ ජටා බහිජටා සකු කියමනට ජීවය දෙමින් යහපාලන රජය තවත් බෙදාපාලන ප්‍රථිපල අත්විඳින උගුලකට හසුව ඇත. ඉංග්‍රීසීන් පුරුදුකළ හැටියට ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුනානම් ශ්‍රී ලංකාවට 1996 ලෝක කුසලාණය දිනාගත නොහැක. බටහිර මානව හිමිකමි අණුකරනය කරමින් සටන් කළානම් ශ්‍රී ලාංකේය රණවිරුවනට ත්‍රස්තවාදය පරාජය කිරීමට 2009 නොහැකි වනු ඇත.
සිව්වන කාර්මික විප්ලවයකට මුලපුරණ සංඛ්‍යක තාක්ෂණය ඉතාමත් වේගයෙන් ලොව පුරාම ප්‍රචලිත වන අන්තර්ජාලීය සංනිවේදන ක්‍රියාවලිය ජංගම දුරකථන උපකරණ ඔස්සේ සමාජගත වෙද්දී යල්පැනගිය පරිපාලන ව්‍යුහයක් පවත්වාගෙන යාමට ගෙනෙන සියලුම යෝජනා ප්‍රතික්ෂේප කළ යුතුවේ.
බටහිරින් යටත්විජිතවලට හඳුන්වාදෙන ලද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ෆෙඩරල් දේශපාලන ව්‍යුහයන් ඔවුන්ගේම ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන යුගයක හුදෙක් මහජන නියෝජිතයින් වැඩිකරවන උපාය මාර්ගයන්ට ඉඩදියයුතු නැත. ඒ වෙනුවට දැනට ශීඝ්‍රයෙන් ජනතාව හුරුවෙමින් සිටින සංඛ්‍යක තාක්ෂණය තවදුරටත් පොදු ජනතාවට පහසුකමි සපයන දිළිඳු ජනයා ඉලක්ක කර ගනිමින් සුභසාධන සහ සහන සේවාවන් ජංගම දුරකථන ඔස්සේ සපයාදීමට සහ පරිපාලනය කාර්යක්ෂම කිරීමට යොදා ගතයුතුවේ.මේ යුග පෙරළිය ආසියාවට ආවේණික සහභාගී ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කරවීමට අත්හදා බැලීමක් විය හැක. මන්ද වර්තමාන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමවේදය ජනතා සුභසිද්ධිය සඳහා කටයුතු නොකරන බවට පැහැදිලි සාක්ෂී ඇත. බියෙන් තොරව හිස කෙළීන් තබාගෙන සිටීමට හැකි කොහිදෝ ඒවන් නිදහසේ ස්වර්ග රාජ්‍යට මාගේ දේශය අවදි කරනු මැන පියානෙණී, යන සේකරයන්ගේ වචන කිහිපය සටහන් කරමින් ලිපිය හමාර කරමි.