ගමන් මග | Page 4 | සිළුමිණ

ගමන් මග

මොන්ටිසෝරියෙන් ඉගෙනුම පටන් ගන්නවා
හය වසරක් ගෙවුණු තැනදි පාසල් යනවා
අම්මා කියා ලියන විටම පංති දමනවා
පහ වසරේ ශිෂ්‍යත්වේ පස්සෙන් එනවා

ශිෂ්‍යත්වේ ඉවර වෙලා හුස්ම ගන්නවා
ලොකු පාසලකට දාන්න අම්මා දුවනවා
ටියුෂන්, රිවිෂන් කියමින් පංති යවනවා
සාපෙළ අැවිඳින් මනසට තව වද දෙනවා

සාපෙ ඉවර වෙලා නිවාඩුවක් ගන්නවා
ගෙදර ඉන්න නොදී පුහුණුවලට යවනවා
බේසම්වල කකුල් දමා නිදිත් මරනවා
සාපෙළ සිහිනයත් සැබෑ කර ගන්නවා.

එච්.එම්. සඳුනි ආශිර්වාදනී.
10 ශ්‍රේණිය,
මින‍්නේරිය ජාතික පාසල,
පොළොන්නරුව.

Comments