බලයේ තටු­ව­ලින් ඉගි­ළෙන අනුවණකම් | සිළුමිණ

බලයේ තටු­ව­ලින් ඉගි­ළෙන අනුවණකම්

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සුද්දො අපට හඳුන්වල දුන්නේ ජනතා නියොජිතයින් පත් කරන්න මිසක් ජනතා පාලකයින් පත් කරන්න නොවෙයි. මොකද අපිට එකතුවෙලා තීරණ ගන්න බැරි නිසා අපි වෙනුවෙන් තීරණ ගන්න කෙනෙක් තමයි අපි තෝරල යවන්නේ. මේ අය නායකයෝ මිසක් පොරවල් නොවෙයි කියන එ්ක අමකත කරන්න එපා. පාලකයො ඉන්නේ වහල් සහ වැඩවසම් යුගවල. අපි මේ දෙක පටලවගෙන. ඒ නිසා බ්‍රිතාන්‍ය අගමැති බයිසිකලයෙන් පාර්ලි­ෙම්න්තු යනවා ඉතාලියේ ඇමතිවරු සිල්ලර කඩෙත් පෝලිමේ ඉඳල බඩු ගන්නවා.

පුංචි රාහුල හාමුදුරුවො කියන්නේ බුදන් වහන්සේගේ ගිහි කල පුතා. උන්වහන්සේගේ සාසනයේ පැවිදි වුණත් හැමදාම උදේට මිදුල ඇමදල ඉවර වෙලා වැලි අහුරක් අරගෙන උඩදාල හිතනවලු මේ වැලි කැට ගානට මට අවවාද ලැබෙන්න කියල. එතරම් විනිත භාවයක් උන් වහන්සේට තිබුනා. තමන්ගේ පියා තනපු ශාසනයේ මහණවෙලා වැලි කැට ගානට අවවාද හොයන්න තරම් උන්වහන්සේ නිරහංකාර වුණ. එසේම ශ්‍රේෂ්ඨ දාර්ශණිකයෙක් වුණුසොක්‍රටීස් කිව්වේ. මම දන්නා එකම දෙය මම කිසිවක් නොදන්නබව කියල. ඒකට හෙතුව තමයි තමන් යම් කිසිවක් දන්නවා කියන පුර්ණ නිගමණයට පැමිණීයහොත් අපිට දෙයක් දැන ගැනිමට තිබෙන අවස්ථාව නැති වෙනවා කියන එකයි.

දන්නවා කියන මිනිසුන්ට කියන්නේ පන්ඩිතයො කියල පන්ඩිතයන්ට එදණ්ඩේ යන්න බැහැයි කියල කතාවක් තියෙන්නේ මේනිසා වෙන්න ඇති.

පණ්ඩිතයෙක් වුණු ගමන් අපි කොටු වෙනවා දැනුම කියන සංකල්පය ඇතුලේ. එතකොට තමයි පොරවල් බිහි වෙන්නේ. පොරක් වෙන්න තමන් කියන දේ අහන කරන පිරිසක් ඕන වෙනවා. දැනුම ඇතුලේ පොරක් වෙන්න ටිකක් අමාරුයි.

මොකද ඒකට ගොඩක් හදාරන්න කියවන්න ඕන වෙනවා. හැබැයි දේශපාලනේ හරි වෙනත් තනතුරක හරි පොරක් වෙන එක හරි ලේසියි. බලය ලැබුණූ ගමන් මිනිස්සු බලය තියෙන අය කියන දේ අහන්න ගන්නවා. එතකොට ඒ අය පොරවල් වෙනවා. හැබැයි ගොඩක් ගන්න තිරණ වැරදියි. මේ නිසා තමයි කියන්නේ බලය තියෙන කොට ඔළුව නෑ ඔළුව තියෙන කොට බලය නෑ කියල. ලංකාවේ මැතිවරණවලින් පස්සේ සිද්ධ වන්නේ ගොන් කං වලට තටු ලබා දීම. ඒ කියන්නේ නායකයින් සංවාදයෙන් දැනුමෙන් ඈත්විම. ලංකාව වගේ රටක බලය ප්‍රශ්න කරනවට වඩා මිනිස්සු පුරුදවෙලා තියෙන්නේ බලය තියෙන අය දේවත්වයෙන් පුදන්න.

මේ නිසා ප්‍රාදේශීය සභාවේ සිට ඉහලට යනකම් ජනතා නියොජිතයින් වගේම රජයේ බොහො ආයතනවලත් ඉන්න අය දෙවිවරු වගේ අය වෙනවා. දෙවියන් ප්‍රශ්න කළහොත් දේව උදහසට ලක්වෙනවා වගේ මේ අය ප්‍රශ්න කළහොත් උදහසට ලක්වෙනවා. මොකද සංවාදය වගේ දෙවල් මේ අය කරන්නේ වේදිකාවල විතරයි.

සාමාන්‍ය ජීවිතේදි සංවාද කරන දේශපාලකයො අපිට හමු නොවන්නේ මේ නිසා. සංවාද නැති නිසා නිවරදි මතවාදයක් වෙනුවට එතැනට එන්නේ අත්තනොමතිකත්වය. බොහො නායකයින් ඉන්නේ පොර මානසිකත්වයක. මේකට ජනතා නියොජිතයො වගේම ජනතාවත් වග කියන්න වෙනවා. දැන් දිනපු අය එක්ක පොටො ගහන සෙට් එක තමයි මේ නියොජිතයින් වැඩියෙන්ම අන්දවන්නේ.

නිදහස බලන්න මහනුවර පැත්තෙ මිනිස්සු වගයක් 1948 කන්දකට නැග්ගලු නිදහස පෙනෙයි කියල හිතාගෙන. එදා ඉඳල සෑම වසරකම හාර පන්දහසක් මේ කනද නගිනවලු.

මොකටද කියල කවුරුවත් දන්නේ නෑ. ඒ වගේම ජන්ද පෙටිට් උස්සනකොට රතිඤ්ඥා පත්තු කරන මිනිස්සුත් තාම ලංකාවේ ඉන්නවා. ජන්ද පෙට්ටි ගෙනියනවා බලන්න පාරට එන මිනිස්සුත් ඉන්නවා. ඉතින් ජනතා නියෝජිතයෙක් කියන්නේ දෙවියෙක් කියන එක මිනිස්සුවත් නියොජිතයොවත් අතහරින්නේ නැති රටක ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියල දෙන්න පුළුවන් විදියක් ගැන නම් හිතාගන්නවත් බෑ.

බිරියගේ රත්තරන් බඩු ජන්දෙට උගස් තියපු ඕනතරම් නියොජිතයො ඉන්නවා. කන්න තිබුණූ සල්ලි වලින් රතිඤ්ඤා පත්තු කරපු ආධාර කරුවො ඉන්නවා. පැරදුනු අයගේ ගෙවල්වල මලගෙදරවල්වල වගේ නිදි මරපු අයත් දිනපු අයගේ ගෙවල්වල මගුල් ගෙවල්වලවගේ නිදිමරපු අයත් ඉන්න රටක මහජන නියොජිතයන්ට හරි දේ ඉගැන්වීම ලෙහෙසි නෑ.

ඒබ්‍රහම් ලින්කන් කියල තිබුනා මිනිස්සු වහල් බවින් මිදුනත් ඔවුන් වහල් බැමි වලට ආදරය කරන බව. අපිත් ඒ වගේ කියල අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නෑ. පහු ගිය දවස්වල විවිධ මට්ටමේ නායකයින් එනකොට පත්තු කරපු රතිඤ්ඤා වලින් ඒ බව ඔප්පු කරන්න ඇති. කැනඩාව වැනි රටක රතිඤ්ඤා පත්තුකළොත් පොලිසියෙන් අරන් යනවා. ඒ තරම් පරිසරයට හානි කරන අතර මිනිසුන්ටත් හානි කරන් නිසා. හැමෝම කැමතියි සාමකාමීව ඉන්න. ඒත් රත්ඤ්ඤා නිසා පරිසරයේ මෙන්ම මිනිස් මනසේ සාමකාමී බව කොතරම් අහිමි වෙනවාද කියන එකවත් අපිට තේරෙන්නේ නෑ. පරිසරයේ සිටින ඉතාමත් සංවේදී සතුන් කොපමණ මේ නිසා මිය යනවද, අපහසුතාවයට පත් වෙනවද කියල හිතන්න තරම් අපිට පොරත්වය ඉඩදේනේ නෑ.

ප්‍රජාතන්ත්‍රවාදි පොරවල් පත් කරගත් අපිට දැන් කරන්න තියෙන්නේ මේ පොරවල් පස්සේ ය. රැකියාව උසස්වීම මාරු වීම නිවාස ණය සමෘද්ධීය වගා ණය වගේ දේවල්වලටත් ගමේ සමිතියෙන් ලියුම ගේන්න කීව්වම පිහිට වෙන්නේ මේ දෙවියන් නිසා, දෙවියන් කෝප නොවන විදියට හැසිරෙන්න වෙනවා. මේක තමයි ලංකාවේ යථාර්ථය.

නියොජිත ප්‍රජාතන්ත්‍රවාදය සුද්දො අපට හඳුන්වල දුන්නේ ජනතා නියොජිතයින් පත් කරන්න මිසක් ජනතා පාලකයින් පත් කරන්න නොවෙයි.

මොකද අපිට එකතුවෙලා තීරණ ගන්න බැරි නිසා අපි වෙනුවෙන් තීරණ ගන්න කෙනෙක් තමයි අපි තෝරල යවන්නේ. මේ අය නායකයෝ මිසක් පොරවල් නොවෙයි කියන එ්ක අමකත කරන්න එපා. පාලකයො ඉන්නේ වහල් සහ වැඩවසම් යුගවල.

අපි මේ දෙක පටලවගෙන. ඒ නිසා බිතාන්‍ය අගමැති බයිසිකලයෙන් පාර්ලිමේන්තු යනවා. ඉතාලියේ ඇමතිවරු සිල්ලරකඩෙත් පෝලිමේ ඉඳල බඩු ගන්නවා. ඇමෙරිකාවේ ජනාධිපති පල්ලියේ පස්සේ පේලියේ හිටගන්නවා, රැසියාවේ ජනාධිපති ෂෙඩ් එකෙන් තනිවම තෙල් ගහ ගන්නවා. අපේ රට ගැන කියන්න ඕන නෑ ඔබ දන්නවා.

ප්‍රශ්න කිරිම අපේ රටට වැදගත් වෙන්නේ මේ නිසා. තොරතුරු පනතක් ගොනාවත් තොරතුරු ගන්න මිනසුන්ට ඕනකමක් නැත්තේ තවමත් මේ වැඩවසම් මානසිකත්වය නිසා. නියොජිතයො ගැන කතා කරන්න නියොජිතොයො එනකම් ඉන්නේ තට්ටු මාරුව කියන්නෙ මේකට. ලංකාවේ හැමදාම උනේ තට්ටු මාරුව. කට්ටියකට ඉන්ටවල් ඉවරවෙන කොට කට්ටියකට ඉන්ටවල් ලැබෙනවා. අපිට ඉන්ටවල් එකක් ගන්න අපි 1815 ඉඳල බලන් ඉනනවා.

 

Comments