
හෙළයේ අපටම ආවේණික නාට්‍යය කලාවක් සොයා, බේරා නිරුපද්‍රිතව ඉහළින් ඔසවා තබන්නට සිය ජීවිතයේ බොහෝ කාලයක් කැප කළ පුරෝගාමි මහ ඇඳුරාණෝ එදිරිවීර සරත්චන්ද්‍රයෝ ය. එවන් මහ විසල් රුක් සෙවණක පෝෂණය වු මේ මහ රංගධරයා අද අපි පැහැසර හමුවට කැඳවන්නෙමු නාඩගම හා නුර්ති කලාවේ බොහෝ ගැඹුරට කිමිඳුණ අද අපට සිටින මහ වියතාණෝ ඔව්හු නම් නිශ්ශංඛ දිද්දෙණියෝ ය.
• උපන් දිනය ?
1945 ජනවාරි 27
• උපන් ගම ?
පනාවැන්න, කහවත්ත
• උප්පැන්නයේ නම ?
හෙන්රි නිශ්ශංඛ දිද්දෙණිය
• දෙමවුපියන් ?
ඩී. එච්. පීරිස් සිඤ්ඤො පියා. අයි ඩබ්ලිව්. ඇලිස්නෝනා මව.
• සහෝදර සහෝදරියන් ?
අයියලා තුනක් අක්කලා තුනක් හා එක නංගි කෙනෙකු මට සිටිනවා
• මුලින්ම අකුරු කළේ ?
පනාවැන්න ධම්මාරාම විද්‍යාලය පස්වැනි ශ්‍රේණිය දක්වා
• පසුව ?
පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහ විදුහල
• ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා යන්නේ?
නෑ ! මා ශිෂ්‍යත්වය පේල් ඇතුළත්වීමේ විභාගය සමත් වෙලයි මා එහි ගියේ නමුත් වසරක කාලයක් පමණයි එහි සිටියේ.
• ඒ මොකද ?
පන්ති නායකයා වශයෙන් සිටි සිසුවා මට අරියාදු කරන්න ගත්තා.
• මොකද හේතුව ?
මා සිතන්නේ ඒ වෙන විටත් මට ගීත ගායනය කරන්න පුළුවන් මා පාසලේ කැපි පෙනෙන සිසුවකු බවට පත්වෙමින් සිටියා.
• ඉන් පසු පාසල් යන්නේ?
නැවත පනාවැන්න ගමේ පාසලටම ආවා පැල්මඩුල්ල ශ්‍රී සුධර්මෝදය පිරිවෙනේන් මා අධ්‍යාපනය ලබා සා:පෙ: විභාගය ඉහළින්ම සමත් වුණා.
• උසස් පෙළ හදාරන්නේ ?
ඒ සඳහා මා නැවත ගන්කන්ද මධ්‍ය මහ විදුහලට ඇතුළු වෙනවා.
• එහිදි ඔබ විශ්ව විද්‍යාල වරම් ලබනවා ?
ඔව් ! ඒ 1967 වසරෙයි.
• ඔබේ පාසල් අවධියේ ඔබ කුමන චරිතයක් ද කියා මා ඇසුවොත්?
අපේ ගම හරිම සුන්දර ගමක් ඉස්කෝලේ ගිහින් ආපු ගමන් කරන්නේ කැලෑ වදින එක තමයි
• ගම සුන්දරයි කිව්වේ ?
ඇළේ, දොළේ, කුඹුරේ, බඩවැටියේ තමයි අපේ ළමා කාලය ගෙවුණේ දොළේ ගලාගෙන යන වතුර තමයි අපි දෝතට අරගෙන බොන්නේ.
• ගමේ ආගමික වටපිටාව ?
හරිම ඉහළයි අපේ පන්සලේ වාර්ෂික මිහිඳු පෙරහර පවත්වනවා. මුළු ගමම ප්‍රබෝධවත්ව එකා වගේ ගමේ පිරිස තමයි නැටුම් ගැයුම් ඉදිරිපත් කරන්නේත්
• පෙරහරේ තිබුණ විශේෂාංග පිළිබඳ මතක් කළොත් ?
විශේෂයෙන් කිව යුතුයි මහ බඹා ගැන මහ බඹාට මුහුණ දෙකයිනේ මා පුංචි අවධියේ සිතුවේ මහ බඹා ඇත්ත මිනිසෙක් කියා. (සිනා.)
• සුන්දර ළමා කාලයක් ?
අතිශයින්ම ! ගොයම් කපන කාලයටත් ඒ වගේමයි මගේ අම්මාට ඉතාමත් මිහිරි ලෙස ගොයම් කවි ගායනා කිරීමේ හැකියාව තිබුණා
• ඔබේ කලා ජීවිතයට මේ සියල්ල බලපෑවා කියලා කිව්වොත්?
ඔබ අතිශයින්ම නිවැරැදියි ! අප කුඩා කාලයේ සතයටත් විශාල අගයක් තිබුණා අද රුපියල් දහයක් බිම වැටිල තිබුණත් කවුද ඇහිදින්නේ.
• මේ කාලයේ ගෙදර පරිසරය ?
හරිම සොඳුරුයි.ගමේ පෙරහරේ තිබුණ විශේෂාංග ගෙදර ඇවිත් අපි රඟ දක්වනවා
• නිරායාශයෙන්ම කලාවට පැමිණිමේ වටපිටාව කුඩා කාලෙය්ම ඔබට ලැබුණා ?
ඔව් ! මගේ වැඩිමල් සහෝදරයන් දෙදෙනෙක් ගමේ ටිටර්වල රඟපෑවා
• ඔබට වයස පහළොවේදි පමණ නාට්‍යයකට සම්බන්ධ වීමේ අවස්ථාව ලැබෙනවා.
ඔව් ! මා ඔබට කලින් කිව්ව වගේ මට ගීත ගායනය කිරීමේ හැකියාව තිබු නිසා මට ඒ අවස්ථාව ලැබුණා.
• කවුද මේ නාට්‍යය කළේ ?
පසු කාලයේ ප්‍රවීණ කලාකරුවන් වු සුගතපාල සෙනරත් යාපා හා රාජා සුමනපාල ඔවුන් දෙදෙනාම ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ සිසුන්.
• නාට්‍යයේ නම ?
‘ඈ කාගේ කවුද’
• රඟ පෑ චරිතය ?
ගැමි තරුණයකුගේ චරිතයක් මා එහි ගීතයක් ගයමින් රඟපෑවා
• ඔබේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය විශ්ව විද්‍යාලයි කිව්වොත්
ඔව් ! ඔබ හරි....
• ඔබට මහාචාර්ය සරත්චන්ද්‍රයන් ගේ හමුවීම දැන ගන්න කැමතියි?
මා විශ්ව විද්‍යාලයට ඇතුළත් වී වසරකින් ඒ කියන්නේ 1968 විශ්ව විද්‍යාලයේ නෝටිස් එකක් දාලා තිබුණා. සරත්චන්ද්‍රයන්ගේ නාට්‍යකට නළු නිළියන් ගන්නවා කියා.
• ඉතිං ?
මා පාසල් කාලයේ රාජා සුමනපාල හා සුගතපාල සෙනරත් යාපාගේ ‘අංගුලිමාල’ ‘නරි උගුල’ ‘පිංබත්’ කියන නාට්‍යවල රඟපාලා තිබුණානේ.
• ඒ නිසා ඔබත් ඉදිරිපත් වුණා ?
ඔව් ! මට ගීත ගායනා කරන්නත් පුළුවන්නේ අනෙක මා උඩරට හා පහත රට නැටුම් විභාග සමත් වී තිබුණා.
• සම්මුඛ පරික්ෂණයේදී සරත්චන්ද්‍ර මහත්තයා මොනවද ඔබෙන් ඇසුවේ ?
එතුමා නළු නිළියන් තෝරා ගන්නේ රංගනය පමණක්ම බලලා නොවෙයි ගායනයත් බලනවා මට ගීතයක් ගයන්න කියලා.
• මොකක්ද ඔබ ගායනය කළ ගීතය ?
අමරෙද්වයන් ගායනය කළ සන්නාලියනේ සන්නාලියනේ කියන ගීතය.
• මේ සම්මුඛ පරීක්ෂණයට සිසු සිසුවියන් බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙන්න ඇති ?
අපෝ ඔව් ! විශාල පිරිසක් ඉදිරිපත් වුණා ඔය අතරේ රසවත් සිදුවීම් ද වුණා.
• මොනවද ඒ රසවත් සිදුවීම් ?
මා ඉතින් ගමකින් විශ්ව විද්‍යාලයට ආපු මනුෂ්සයනේ ෙකාළඹ ඉංග්‍රීසි පන්නයට හැදුණ පිරිසක් විශ්ව විද්‍යාලයට ඇවිත් හිටියා.
• ඉතිං ?
එක ගෑනු ළමයෙක් සි.ටි. ප්‍රනාන්දු ගායනය කරන මා බාල කාලේ අම්මාගේ උකුලේ .... කියන ගීතය ඉංග්‍රිසි ඌරුවට ගායනය කළා
• ඊට පස්සේ ?
සරත්චන්ද්‍ර මහත්තයා ශබ්ද නැතිව අහගෙන ඉදලා සින්දුව ඉවර වුණාට පසුව ඒ ගෑනු ළමයට කිව්වා ළමයෝ සිංහල සින්දුවකුත් කියන්නකෝ කියලා (.....සිනා).
• දැන් ඔබ සරත්චන්ද්‍ර මහත්තයගේ සම්මුඛ පරික්ෂණයෙන් සමත් වෙනවා. ඔබ සම්බන්ධ වෙන්නේ එතුමගේ කුමන නිෂ්පාදනයටද?
‘පේමතෝ ජායති ශෝකෝ’ නිර්මාණයට
• එතකොට ඔබ සිංහබාහුට සම්බන්ධ වෙන්නේ?
එතකොට සිංහබාහු හි සිංහයාට රඟපෑවේ චාලි ජයවර්ධන
• නෑ! මා ඇසුවේ ඔබ සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා?
චාලි සිවිල් විභාගය පාස් වෙලා පත්වීමක් අරගෙන අම්පාරට ගියා ඒ හිඩැසයි මා පිරෙව්වේ
• මොකක්ද අවුරුද්ද ?
ඒ 1970 ! එදා සිට 1996 වෙනකල් මා අඛණ්ඩව සිංහබාහු නාට්‍ය අවුරුදු විසිහයක් රඟපෑවා. ඒ කියන්නේ 1996 සරත්චන්ද්‍ර මහත්තයා මියයන තුරු
• ඔබ මනමේ කුමාරයා වෙනවා ?
ඔව් ! මනමේ කුමාරයා පමණක් නොවෙයි ඇයි වැදි රජු විජය නන්දසිරි මනමේ කුමාරය වුණාම වැදි රජු වුණේ මායි
• නුර්තිය හා නාඩගම පිළිබඳ ඔබ ගැඹුරට හදරනවා ?
ඔව් මා ලංකාවේ නොයෙක් ප්‍රදේශවල ගිහින් ඒ පිළිබඳව හැදෑරුවා.
• සංගීතය ?
පසු කාලයේ මා සංගිත විශාරද උපාධිය සමත් වෙනවා.
• මේ තරම් දැනුම සොයා ගියත් ඇයි ඔබේම නිර්මාණයක් කරන්න නොසිතුවේ ?
ඇයි නැත්තේ මා 1995 සිට 1998 දක්වා සරසවිපායේ අධ්‍යක්ෂවරයා සිටියදි නුර්ති - නාඩගමක් කළා!
• මොකක්ද ඒ ?
‘ගි රඟමඩල’ කියලා එහි අනුලා බුලත්සිංහල මැණිකේ අත්තනායක සේනානායක වෙරලියද්ද ඇතුළු ශිල්පීන් රඟපෑවා
• එපමණද ?
ඇයි ස්වර්ණමාලි නාටකය මා බන්දුල ජයවර්ධන සමඟ සම අධ්‍යක්ෂණය කළා එහිදි දුලීකා මාරපන එම වසරේ හොඳම නිළිය වුණා.
• ඔබ ලැබු ඇඟයීම් ?
1994 ප්‍රථම බුත්කා සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වුණා. ඊට අමතරව මේ මාසයේ දෙවෙනිදා සබරගමුව විශ්ව විද්‍යාලයේ විශේෂ සම්මානයක් ලැබුවා,
• ඔබ එතෙක් මෙතෙක් රඟ පෑ නිර්මාණ ?
නාට්‍ය නම් පණහක් පමණ චිත්‍රපට හයක් හතක් ටෙලි නාට්‍යය නම් ගණනාවක්ම.
• අද නාට්‍යය ගැන යමක් කියන්න ?
සතර අභිනය එක් වු තැනයි නාට්‍යයක් බිහිවන්නේ
• මොකක්ද මේ සතර අභිනය ?
වාචික,සාත්වික, ආංගික සහ ආභාර්ය අද බොහෝ විට උසස් නිර්මාණ බිහිවෙනවා කියන්න බෑ
• ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු ටිකක් දැනගන්න කැමතියි ?
මා විවාහ වී ඉන්නේ විනිතා නන්දනී සමඟයි අපට දුවයි පුතයි සිටිනවා
• ප්‍රේම සබඳතාවක් ?
නෑ ! යෝජනාවක් කිව්වොත් නිවැරැදියි
• ඒ කියන්නේ ?
ලුෂන් බුලත්සිංහලත් නව නන්දන විජේසිංහත් තමයි මේ කපුකම කළේ.
• ඒ දෙන්නා ඔබේ බිරියගේ ඥාතීන්ද?
නව නන්දන නෑයෙක්
• දරුවන්?
පුතා මනුජ ඔහුට අතිඳු ඉදුවර කියලා පුතෙක් සිටිනවා දුව පබසරා ඇයට ඉමෙත් කවීෂ කියා පුතෙක් සිටිනවා.
• නිවාඩු පාඩු වේලාවට රූපවාහිනි නාට්‍යය එහෙම බලනවා ඇති.
අද ටෙලි නාට්‍යය අවගමනය වෙලා ඇතැම් ටෙලිනාට්‍යය කරන්නේ පිටපතක්වත් නැතිව ශිල්පීන්ට ගෙවන්නේ දවස් පඩි ඉතිං කොහොමද හොඳ නිර්මාණ බිහිවෙන්නේ.