පොල් මිල නැඟීම | Page 4 | සිළුමිණ

පොල් මිල නැඟීම

පොල් සෑදෙන්නේ ද ගසකිනි. ගසක් සෑදෙන්නට නම් පොහොර ජලය සැපයිය යුතු ය. ඒවා ලබා නොදුන්න ද ගස් ඒවා තනිවම සොයාගෙන වර්ධනය වෙයි. ඵල ලබාදීම සිදුවෙයි. පොල් ගස ද එලෙස ය. පොහොර ජලය ලබාදී වර්ධනය වීමට ඉඩ දී ගස් මුදුනේ ගෙඩි පීදෙන තෙක් පොල් වතු හිමිකරුවන්ට ද ඒ සම්බන්ධව කිරීමට ඉමහත් කාර්යයක් නොමැත‍. පොල්වතු හිමියන්ගෙන් ලබාගන්නා පොල්, වෙළෙන්දන් අපට ලබා දෙන්නේ ඔවුන්ගේ ලාභයක් ද එකතු කරගෙන ය. මේ අධික මිල හමුවේ අවසානයේ පාරිභෝගිකයන්ට සිදුවන්නේ පොල් හිසේ ගසා ගැනීමට ය.

රටේ ආහාර සංස්කෘතියට අත්‍යවශ්‍ය අංගයක් වූ පොල් අපට අත හැරිය නොහැකිය. එය රසකාරකයක්, කුළු බඩුවක් වූවා නම් මේ වනවිටත් ජනතාව එය පසෙකලා හමාර ය.

දඩබ්බරයකු මෙල්ල කිරීමට නොහැකි විට හිස මුලින් ම අල්ලා ගත යුතු ලෙසට මෙම පොල් මිල සම්බන්ධයෙන් ද අප මුලින් ම අල්ලා ගත යුතු වන්නේ පොල් වතු හිමිකාරයන්ය. ඔවුන් ගේ දහඩිය වැය නොවී වැඩෙන පොල් ගෙඩියට ඔවුන් ලබාදෙන වටිනාකම පසෙකලා බලධාරීන් කිසියම් පාලන මිලක් ලබා දුනහොත් වෙළෙන්දන් ද පාරිභෝගිකයන් මෙලෙස නොතළනු ඇත.

එරන්දි සෞභාග්‍යා

13 ශ්‍රේණිය,

දේවි බාලිකා විද්‍යාලය,

කොළඹ 08.

 

Comments