කට්ට කළු­වරේ... | Page 3 | සිළුමිණ

කට්ට කළු­වරේ...

ඔබට සුව කරන්න නොහැකි මරණීය ආකාරයේ රෝගයක් තිබේද ? එය ස්වභාවය බව සිතන්න. එය කළ නොහැකි බව ඔබ සමහරවිට කියනු ඇත. කළ හැකි නොහැකි බවට වඩා, එම දිනයට අනාගතයේ අප සියල්ලන්ම මුහුණ දිය යුතු බව දනිමු. එය දැනගත් පසු අඬමින් ඉන්නවාද, නැතහොත් නිර්භයව එයට මුහුණ දෙනවාද යන්න, ඔබේ තීරණය වේ. තීරණය කුමක් වුවද වෙන්නට ඇති දේ ඔබට සිදු වෙනු ඇත. අලියෙක්ට වත් නැතිවුණු දේ නැවත අදින්න නොහැකිය.

මිනිසෙක් අවුරුදු සීයක් ජීවත් වුනොත් එය දින වලින් කීයක් වේදැයි ඔබ මොහොතක්වත් සිතා තිබේද? ඔව්, එය දින 36,500 ක් පමණි. පැයවලින් නම් එය 876000 කි. එතනින් පැය 7ක් ඔබ දිනකට නිදා ගන්නේ නම්,...මේ ආකාරයට, ඔබ ඇත්තටම වැඩකට ඇති වැඩ කරන වෙලාව සොයා ගැනීම කළ හැකිය. එනම් අපට ජීවත් වන්න ඇත්තේ ඉතා කුඩා කාලයකි.

එය එසේ නම් ජීවිතයේ අප කරන කියන දේ වඩාත්ම කාර්යක්ෂම ආකාරයෙන් කල යුතු ආකාරයන් ගැන සිතිය යුතුය. ජීවිතය සාර්ථක කරගත් ප්‍රසිද්ධ පුද්ගලයන්, ලෝ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ අදහස් කීපයක් ලියමි.

‘මාර්ක් ට්වේන්’ මෙහෙම කියනවා :- අමාරුම ප්‍රශ්නේ මුලින්ම විසඳන්න.

‘ටෝනි රොබින්’ මෙහෙම කියනවා :- දිනය ගත කරන ආකාරය ගැන උදෙන්ම හිතන්න.

‘ඩේවිඩ් කාප්’ මෙහෙම කියනවා :- ඊ මේල් බලන්න එපා. වැඩ කරන්න පටන් ගන්න.

‘ස්ටීව් ජොබ්ස්’, [මගේ වීරයා] මෙහෙම කියනවා :- අද දින ජීවිතයේ අවසාන දිනය කියා හිතාගෙන වැඩ කරන්න.

ඔය කව්රු මොනවා කිව්වත්, ඒ කියන දේ අපට ඕනා විදියට හැඩ ගහගන්න වේවි. ඊළඟට බලමු ඉක්මනට වැඩ කරන්නේ කොහොමද කියා. උදෙන් නැගිටින්න. රාත්‍රියේ මද්දහන පහුවන තුරු නොසිට උදෙන් නැගිටීම වඩා කාර්යක්ෂම වේ. තවද රාත්‍රියේ නිදා ගත යුතු වන්නේ, සම්පූර්ණ අන්ධකාරයේ විය යුතුය. ‘රාත්‍රී ලාම්පු’ නිවා දමන්න. මක්නිසාද යත්, පූර්ණ අන්ධකාරයේ ‘මෙලටනින්’ [Melatonine] යන, අපේ ශරීරයට අවශ්‍ය වන හෝමෝනය නිපදවෙන හෙයිණි.

නින්දට පෙර වතුර වීදුරුවක් පානය කිරීම යෝග්‍ය යයි කියත්. ඔබගේ එලාම් ඔරලෝසුව ඈතින් තියන්න. එවිට එය දුරෙන් ඇති නිසා, තව පොඩ්ඩක් නිදා ගන්නට ‘ස්නූස්’ බොත්තම, උදේට ඔබන්න හිතෙන්නේ නැත.

මොබයිල් ෆෝන් එක ඕෆ් කරන්න. ඒ ඇයි කියා ඔබ දනී. ලෝකේ අමතක කර මළාක් මෙන් නිදා ගන්න.පළවන මිනිත්තු පහළොවේ, ඔබ කරන වැඩ ගැන ප්‍රශ්ණ කරන්න එපා. කරගෙන යන්න. තත්පර 30 කට වඩා නිකන් ඉන්න එපා. සාමාන්‍ය මිනිසෙක්ට දිනකට සිතිවිළි 70,000 ක් පමණ එනවා. ඒ කියන්නේ විනාඩියකට සිතිවිළි 49ක් පමණ. ඒ නිසා එක සිතිවිල්ලක සිත තියා ගන්න.

වැඩ කරන තැන ආලෝකය වැඩියෙන් තියා ගන්න. ආලෝකය මනින්නේ ‘ලක්ස්’ වලින්. ඒ ඔය, ඇඟේ ගාන ලක්ස් කියන සබන් වර්ගය හෙම නොවේ... ඕනෑම දෙයක් විද්‍යාවේ මනිනවා නේ... අන්න එහෙම ආලෝකයේ තීව්‍රතාවය මනින්නේ ‘ලක්ස්’වලින්. උදාහරණයක් කිව්වොත්, කෙළින්ම හිරු එළිය වැටෙන්නේ නැති, මද්දහනේ ලක්ස් 10,000 ක් විතර තියෙනවා. ලක්ස් 2000 ක් පමණ ආලෝකයක් වැඩ කරන තැන තියා ගත්තොත් 8%කින් කාර්යක්ෂමතාවය වැඩි කර ගන්න පුළුවන් කියා සොයා තියෙනවා.

දැන් ඔය පණ ඇද ඇද දුවන ආණ්ඩුවේ කන්තෝරුවක ඇත්තේ ලක්ස් 300 ක විතර ආලෝකයක්. අතින් සල්ලි දාලා, අළුත් LED බල්බ් එකක් සවි කරන්න.

සංගීතයක් පසුබිමේ ඇහෙනවා නම් එය ඔබේ සිත සතුටෙන් තියාවි. හැබැයි, ඒ නිසා කරන වැඩේ පාළු වෙනවා නම්, එය ඉඳ හිට නවත්වන්න. වේගයෙන් සිතන්න. ඔබේ ‘ඉවට’ සවන් දෙන්න. එය ඔබේ මොළෙන් එන විධානවලට වඩා වේගවත්. අතීතය දෙස සැහැල්ලුවෙන් සිතන්න.

ඔබට සුව කරන්න නොහැකි මරණීය ආකාරයේ රෝගයක් තිබේද ? එය ස්වභාවය බව සිතන්න. එය කල නොහැකි බව ඔබ සමහරවිට කියනු ඇත. කළ හැකි නොහැකි බවට වඩා, එම දිනයට අනාගතයේ අප සියල්ලන්ම මුහුණ දිය යුතු බව දනිමු.

එය දැනගත් පසු අඬමින් ඉන්නවාද, නැතහොත් නිර්භයව එයට මුහුණ දෙනවාද යන්න, ඔබේ තීරණය වේ. තීරණය කුමක් වුවද වෙන්නට ඇති දේ ඔබට සිදු වෙනු ඇත.

අලියෙක්ට වත් නැතිවුණු දේ නැවත අඳින්න බැහැ. සියලු දේ සම්පූර්ණ කරන්න බැරි නිසා, ඒ ගැන එතරම් මහන්සි වෙන්න එපා. අඩුවෙන් දේවල් පාවිච්චි කරන්න. උදාහරණයක් සේ, එක පැත්තක ලියා ඇති කොලයක අනෙක් පැත්ත පාවිච්චි කරන්න. අවශ්‍යම දේවල් ළඟ තියා ගන්න. සැහැල්ලු ඇඳුම් අඳින්න. දැන් අජාන් බ්‍රහම් තෙරුන් වහන්සේ මෙහෙම කියනවා... මෙය බුදු බණේ ඇති දෙයක් ගැන කියන දෙයක් නොවේ.

... "ඔබ යම් දෙයක් විනාඩියක් ඔසවා ගෙන සිටින්නේ නම්, එහි ඇති අපහසුවක් නැත”....” එහෙත් එය පැයක් ඔසවා ගෙන සිටී නම්, ඔබේ අත රිදෙනු ඇත”...”එය දවසක් ඔසවා ගෙන සිටින්නේ නම්, ඔබට ආරෝග්‍යශාලාවකට යන්නට වනු ඇත.”...ඒ කියන්නේ, යමක් කරන විට, ඊට අදාළ පීඩනය උපරිමව ගන්න, හැබැයි ඒ පීඩනය දරණ වෙලාව අවමයක් කරන්න කියන එකයි.

යම් ස්ථානයකට යන විට, වාහනයක යනවාට වඩා හැකිතාක් ඇවිදිමින් යන්න. එවිට විශේෂයෙන් කළ යුතු ව්‍යායාම් වලින් ඉවත් විය හැකියි. ‘ස්ටෙප් කවුන්ටරයක්’ හෙවත්, පියවර වල ගණන් කරන යන්ත්‍රයක් භාවිතා කරන එක, දිනය අවසානයේ කොතරම් පියවර ගියාද කියා බලන්න පුළුවන් එක ක්‍රමයක්.

මේ කාලයේ ස්මාර්ට් ෆෝන් එකේ ‘ඇප්ස්’ ඒ සඳහා තියෙනවා.

උදේට ලොකුවට කන්න. දවල්ට අඩුවෙන්. රාත්‍රියට හැකි තාක් අඩුවෙන්. කාලය ඉතිරි කරගන්න ‘මල්ටි-ටාස්කින්’ හෙවත්, එක වැඩක් කරන අතරේ තව දේවල් කරන්න. උදාහරණයක් කිව්වොත්, කොම්පියුටරේ ක්‍රියාත්මක කරන්න බොත්තම ඔබලා එය ආරම්භ ෙන්නව කාලයක් යන අතරේ, ඔහේ ඒ දිහා බලා ඉන්නේ නැතිව, තේ බොන්න වතුර කේතලේ රත් කරන්න.මේ ටික තේරුම් ගන්නට බොහෝ කාලයක් ගිය බව මා ඔබට කියමි.

එය වූයේ මෙසේය.දිනෙක ජපානයේ දුම්රියක ගමන් කලෙමි. මා ගමන් කල පෙට්ටියේ සෑහෙන ප්‍රමාණයක් මිනිසුන් සහ ගැහැණුන් සිටියෝය.

සියලුම දෙනා පාහේ එක්කෝ පත්තරයක්, පොතක් කියවති. එසේ නැත්නම් කොම්පියුටරයක් දෙස බලා සිටිති.වයසක කෙනෙක් කිසියම් ආකාරයක බීරළු වැනි මැස්මක් කරනවාද දුටිමි. මේ කෝච්චි පෙට්ටියේ දෙදෙනෙක් පමණක් කිසි දෙයක් කළේ නැති නිකමුන් දෙදෙනෙක් විය.එකෙක් බෝලයක් සෙල්ලම් කරමින් ගිය අවුරුදු හතරක පමණ පොඩි එකෙකි. අනෙකා ඌට විහිළු කරමින් ගිය මා විය. 

Comments