සිතේ අඳුරට සුවය සදන සොඳුරු වදන් | සිළුමිණ

සිතේ අඳුරට සුවය සදන සොඳුරු වදන්

මිනිස් දිවිය කුමන ආකාරයෙන් සමුගන්නේද යන්න කාට නම් කිව හැකිද මේ යථාර්ථය මනාව තේරුම් කරගෙන, පුළුල් වූ දෘෂ්ටියක පිහිටා රුසියන් හෙවත් සෝවියට් සාහිත්‍යයේ ෆියදෝර් දොස්තව්ස්කි, ලියෝතෝල්ස්තෝයි, ඇන්ටන් චෙකෝෆ්් බඳු ගත් කරුවන් තමන් ලත්අනුභූති හෙවත් ධාරණ මත පිහිටා නිර්මාණ කරණයට පිවිසුණහ.

‘යොත් කෑල්ල’ නමැති කෙටිකතාවද එබඳු කේන්ද්‍රීය තැන්නක නිපන් නිර්මාණයකි.

දිනක් පුද්ගලයෙක් මහා මාර්ගයේ ගමන්කරන විට ‘යොත් කෑල්ල’ අහුලාගත්තේය. මොහු පසු පස පැමිණි අයෙක් මේ පුද්ගලයා අහුලා ගත්තේ යොත් කෑල්ල නොව මුදල් පසුම්බියක් බව කීවේය. යොත් කෑල්ල අහුලාගත් පුද්ගලයා පුන පුනා කිවේ මා අහුලාගත්තේ මුදල් පසුම්බියක් නොව යොත් කෑල්ලක් බවයි. එහෙත් ඔහු පසු පස ආ පුද්ගලයා එය පිළිගන්නේ නැත. ඔහු ප්‍රදේශයේ නගරාධිපතිට මෙය පැමිණිලි කෙළේය.

යොත් කෑල්ල අහුලාගත් පුද්ගලයා කැඳවා ඔහුගෙන් විමසන ලදි. ඒ අවස්ථාවෙත් යොත් කෑල්ල අහුලාගත් අය පැවැසුවේ මා අහුලාගත්තේ මුදල් පසුම්බියක් නොව යොත් කෑල්ලක් බවයි. ඔහු පසු පසින් පැමිණි පුද්ගලයාගේ අදහස වූයේ යොත් කෑල්ලක් නොව මුදල් පසුම්බියක් බවයි. මෙය පිළි නොගැනීමෙන් අතිශය සිත් වේදනාවට පත් යොත් කෑල්ල අහුලාගත් අය අතිශය මානසික පීඩනයට පාත්‍රවිය.

පීඩනයෙන් අතිශය පීඩනයට පත් පුද්ගලයා තමාගේ අවංකභාවය කෙරෙහි කිසිදු ප්‍රතිචාරයක්, සාධාරණයක් නොදැක්වීම හේතුකොටගෙන මානසික පිඩනය පරිපාකයට පත්වීමෙන් අනතුරුව දිවියෙන් සමුගන්නට සිදුවිය.

අතිශය පීඩනයට පත්විම හේතුකො‍ටගෙන පුද්ගලයාට දිවියෙන් සමුගන්නට සිදුවීම හේතු කොටගෙන මෙබඳු තත්ත්වයට පුද්ගලයා පාත්‍රවීම අතිශය ඛේදයකි.

සෝවි‍යට් දේශයේ මහා ගත්කරුවන් බවට පත් වී ඇති අය යථාර්ථය හේතු කොටගෙන මෙබඳු නිර්මාණ ලොවට දායාද කිරීම හේතුකොටගෙන කාලාත්‍රයේදීම මේ නිර්මාණ සහෘදයන් සමඟය.

මිනිසාගේ යථාර්ථය හෙළි කිරීමෙන් පසු මගේ චරිතය ඔබ කියාපාන්නේ ඇයිද යනුවෙන් කෙනෙක්දොස්තව්ස්කි ගේ නිවෙස අසලට පැමිණ ඔහුට බැණවැදුණේය. මේ සියල්ලටම ඉතා ඉවසීමෙන් යුතුව සිනාසී නිහඩව බලා සි‍ටියේය.

මේ තත්ත්වය ඉතා සාර්ථක වූ බවක් නිර්මාණ ක්ෂේත්‍රයෙන් ගම්‍යවෙයි. නිර්මාණ කරුවාගේ කාර්ය විය යුත්තේ සහෘදයන්ගේ ගත - සිත - මනස අවදි කිරීමය. සෝවියට් සාහිත්‍යයේ නවකතාකරුවන්, කෙටි කතා කරුවන් මේ යථාර්ථය මනාව අවබෝධකොටගෙන කාලත්‍රයටම ගැළපෙන නිර්මාණ බිහිකිරීමට අවධානය යොමු කෙරුණි.

මැක්සිම් ගෝර්කි තම‍ාගේ ‘අම්මා’ නමැති නවකතාව සමස්ත සමාජයේම අම්මාය. මෙය ගෝර්කිගේ අම්මා පමණක් නොව. සාර් රාජ්‍ය සමයේදී අධිරාජ්‍යවාදිත්වය හේතුවෙන් ජනකාය අතිශය පීඩනයට පාත්‍රවුහ. ‘පාන්’ කෑමට ඉල්ලුවිට සාර් රජු කීවේ ‘කේක්’ කාපල්ලා යනුවෙනි.

මේ යථාර්ථය මැනවින් අවබෝධකොටගත් මැක්සිම් ගෝර්කි සාර් ර‍ාජ්‍ය සමයෙන් අම්මාට පමණක් නොව සමස්ත සමාජයට අත් වූ පීඩනය, ඉරණම පාදක කොටගෙන ‘අම්මා’ නමැති නවකතාව සමාජයට බිහිකළාය. අදත් ගෝර්කිගෙ අම්මා සහෘදයන් සමඟය.

‘කරමසෝ සහෝදරයෝ’ නමැති නවකතාවක් අතිශය රසෝද්ගත භූමිකාවකට, ව්‍යුහයකට රැගෙන යන්නකි. නිර්මාණයක මුලික පරමාර්ථය විය යුත්තේ සහෘද මනස සැකැසීමය . සන්සුන් සමාජය නොසන්සුන් තත්ත්වයට රැගෙන යාමයි සාහිත්‍ය නිර්මාණයක මුලික පරමාර්ථය විය යුත්තේ

සෝවියට් සාහිත්‍යයේ වඩාත් ප්‍රවර්තිත තත්ත්වයට රැගෙන යාමට හේතුවුයේ අනුභූති මත රැඳී‍මත්, ඊ‍ට සමගාමීව නිර්මාණ කරුවන්ගේ විඥානය විවිධ පැතිකඩාශ්‍රිතව විහිදවා සහෘද මනස සනසා ලන්නට යත්න දැරීමයි. මේ තත්ත්වය අද්‍යතන අවදියේ නිර්මාණකරණයට පිවිසෙන අයට කදිම ආදර්ශයක් මෙන්ම ඒ දෙස විඥානය විහිදවීමට වගබලා ගතයුතුය.

කාලත්‍රයටම බල පාන ‘කරමසෝ සහෝදරයෝ’ ‘යුද්ධය හා සාමය’ ‘අම්මා’ බඳු සම්භාව්‍ය ගණයට ගැනෙන නිර්මාණ තවමත් සහෘදයෝ යන යන තැන සාක්කුවේ රුවාගෙන යන්නාහ.

තේජානි අබේවික්‍රම

Comments