බොරු වගේ කියන ඇත්ත ? | සිළුමිණ

බොරු වගේ කියන ඇත්ත ?

සාමාන්‍ය මිනිසාට අනාවරණය නොකළ තවත් අද්භූත ආකාරයේ කරුණක් අමෙරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයෙන් 1912 වසරේදී ආරංචි විය. එනම් යෝධ ඇටසැකිලි දහ අටක් සොයාගැනීම පිළිබඳ පුවත වේ. මින් පෙර අප, ‘නෙවාඩා ප්‍රාන්තයේ’දී හී මේ ආකාරයේ යෝධයන් පිළිබඳ විස්තර ගැන දැන ගතිමු.මේ සොයාගැනීමට අනුබද්ධව, මීට ශත වර්ෂයකට පෙර පාර්ශ්ව දෙකක් අතර මතවාදයමය ගැටුමක් විය. එනම් එක් පාර්ශ්වයක් මේ සොයාගැනීම් සනාථ කරන අතරේ අනෙක් පාර්ශ්වය විසින්, ඒ සාක්ෂි ඉතා ප්‍රවේශමෙන් මිනිස් සංහතියෙන් ඉවත් කිරීමේ උත්සාහය විය. මෙය විද්‍යාත්මක ලෝකය සහ පැරණි දේව වාදයෙන් ඔප වත් වූ ලෝකය අතර ඇතිවූ ගැටුමක් සේ සමහර නිදහස් මතධාරීන් විසින් පැහැදිලි කෙරේ.

මෙවැනි ලිපි ලියන විට ‘බොරු ලියනවා’ යන චෝදනාවද එයි. මාව පැත්තකට දමන්න. ඇත්තටම බොහෝ විද්‍යාඥයන් පවා මේ මාතෘකාව ගැන කතා නොකරන්නේ, ඔවුන් බොරු කාරයන් යයි හංවඩු ගැසෙන හෙයින් යයි තැනෙක ලියා තිබිණි. පිළිගත් සිද්ධාන්ත වලට අභියෝග කරන විද්‍යාඥයන් ලොව ඇත්තේ අතළොස්සක් හෙයිණි.

මේවා හුදෙක් අනුමාන මිසෙක 100% ක් ස්ථිර කරන ලද දේ නොවේ. මේ ආකාරයේ විස්තර සඳහාද පරීක්ෂණය -> නිරීක්ෂණය -> නිගමනය යන පිළිවෙත භාවිතා කෙරේ.

සාමාන්‍ය මිනිසාට අනාවරණය නොකළ තවත් අද්භූත ආකාරයේ කරුණක් අමෙරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයෙන් 1912 වසරේදී ආරංචි විය. එනම් යෝධ ඇටසැකිලි දහ අටක් සොයාගැනීම පිළිබඳ පුවත වේ. මින් පෙර අප, ‘නෙවාඩා ප්‍රාන්තයේ’දී හී මේ ආකාරයේ යෝධයන් පිළිබඳ විස්තර ගැන දැන ගතිමු.

මේ සොයාගැනීමට අනුබද්ධව, මීට ශත වර්ෂයකට පෙර පාර්ශ්ව දෙකක් අතර මතවාදයමය ගැටුමක් විය. එනම් එක් පාර්ශ්වයක් මේ සොයාගැනීම් සනාථ කරන අතරේ අනෙක් පාර්ශවය විසින්, ඒ සාක්ෂි ඉතා ප්‍රවේශමෙන් මිනිස් සංහතියෙන් ඉවත් කිරීමේ උත්සාහය විය. මෙය විද්‍යාත්මක ලෝකය සහ පැරණි දේව වාදයෙන් ඔප වත් වූ ලෝකය අතර ඇතිවූ ගැටුමක් සේ සමහර නිදහස් මතධාරීන් විසින් පැහැදිලි කෙරේ.

මෙවැනිම දෙයක් ‘මළ මුහුදු පත්‍රිකා’ [Dead sea scrolls] හිදීද සිදුවිය. එහෙත් ඒ සඳහා විද්‍යාත්මක සේ ඉතිහාසය හැදෑරීමේ ආශාවෙන් යුතු බොහෝ විද්වතුන් ලෙහෙසියෙන් එය කිරීමට ඉඩ නොදී විශාල මතවාදයක් පල්ලියට විරුද්ධව ඉදිරිපත් කිරීම හේතුවෙන් එය අවසානයේ ලෝකයාට අනාවරණය කරන්න සිදු වී ‘ජේසුතුමා’ සේ ප්‍රකට චරිතයක් නොවූ බව සාධක සහිතව ඔප්පු විය.

සාධක මත පෙන්වන දේ විශ්වාස නොකිරීම වෙන කතාවකි. ඉතිහාසය සහ පුරා විද්‍යාව සමහරවිට එක්ව යන්නේ නැත. එහෙත් ඉතිහාසයට විශ්වාසය සම්බන්ධ කිරීම පහසු වේ. උදාහරණයක් සේ ලංකාවේ බුදුරජාණන් වහන්සේ ඉපදීම, රාවණා රජුගේ ප්‍රවාද ගත හැකිය.

අවාසනාවට මේ ඉහත කී දැවන්ත යෝධ ඇටසැකිලි සොයාගනු ලැබුවේ, විද්‍යුත් සංනිවේදන ක්‍රම, අහස් ප්‍රවාහන වැනි තාක්ෂණික උපක්‍රම නැති ශත වර්ෂයකට පමණ කලකට පෙරය. එසේ හෙයින් ඒ මිල කල නොහැකි සාධක බොහොමයක් අද දින ලෝකයාගෙන් ඉවත්ව ගොස් ඇත.

1912 දී ‘බෙලොයිට් විශ්වවිද්‍යාලයට’, [Beloit College] අනුබද්ධිත පුරා විදයාඥයන් කණ්ඩායමක් මගින්, ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ ‘ඩේලවන් වැව’ [Delavan lake] අසල කැනීමකදී, සිතා ගත නොහැකි, යතාර්ථයෙන් ඈත්වන ආකාරයේ, අද්භූත සොයා ගැනීමක් විය.

කණ්ඩායමේ සිටියවුන් ගේ කට ඇරුණු ආකාරයේ සොයාගැනීමක් වූ එය නම්, ක්‍රිස්තු පූර්ව 1000 වර්ෂයේ පමණ ජීවත් වුණා යයි සලකන ලද, උසට නෙරා ගිය කඳු ගැටයක තිබි මිනිසුන් ගේ හැඩයෙන් යුතු කැඩුණු බිඳුණු ඇට සැකිලි දහ අටක් විය.

එය මෙතරම් පුදුමයක් වුණු හේතුව එය නොවීය. එම ඇටසැකිලි වල විශාල බව මෙන්ම ඒ හිස්, වර්තමාන මිනිස් හිසක දිග පළල පරිමාණයෙන් බොහෝ වෙනස්ව පැවතීම එම පුදුමය විය.

මිනිස් ඉතිහාසය පිළිබඳ මෙතෙක් සොයාගත් ලියැවී තිබුණු සියලු තොරතුරු වලට මේ සොයා ගැනීම අභියෝගයක් විය. මේ පුවත ක්ෂණිකව 1912 වසරේ මැයි 12 දින ‘නිව්යෝර්ක් ටයිම්ස්’ [New York Times] ප්‍රසිද්ධ පුවත් පතේ, පහත සේ පළවිය.

"The discovery of some human skeletons during the excavation of a hill at Lake Delevan indicates that a hitherto unknown breed of men once inhabited southern Wisconsin. [...]. The heads, presumably male men, are much larger than those of today's Americans.

The skull seems to stretch backward immediately above the eye sockets and the nasal bones protrude far above the cheekbones. The jaws are long and pointed [12th May 1912- New York Times].

මේ සත්වයන් ගේ හිස ඇහි බෑමෙන් පසුව ඉහළට ඇති කොටස පසුපසට නෙරා තිබිණ.

නාස් ඇටය කම්මුල් ඇට වලට වඩා බොහෝ ඉදිරියට නෙරා තිබිණි.

මොවුන් කවරෙක් වන්නට ඇද්ද අපේ ලෝකයේ සිටි යෝධ මිනිස් වර්ගයක්ද ? එසේ නැති නම් වෙනත් පිට සක්වළකින් පැමිණි පිට සක්වළ වාසීන්ද ? මේ සියලු ප්‍රශ්න වලට වඩා සිතට කරදරයක් වන ප්‍රශ්නය වන්නේ කුමක් නිසා මේ මිල කළ නොහැකි සොයාගැනීම් කාලයේ වැලි තලාවෙන් ඕනා කමෙන්ම ඉවත් කලේ ඇයිද යන්නය.

එයට දිය හැකි සමීප පිළිතුර වන්නේ; කිසියම් හේතුවක් නිසා මේ සත්වයන් පිට සක්වළ වාසීන් නම්, ඒබ්‍රහමික ආගම් අනුව ලෝකයේ මැවීම් වාදයට මේ සොයා ගැනීම් තර්ජනයක් හෙයිණි. ඒ ආගම් අනුව ලෝකය සහ ස්වර්ගය හැර වෙනත් තැනක් නැත. එසේම සමහර පිළිගත් විද්‍යා ආයතනද, ආගමික සංවිධාන වලට වඩා දෙවැනි නොවන බව ඉතිහාසයෙන් ඔප්පු වී ඇත.

ඉහත ආරංචිය ‘නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත් පතේ පළ වන්නට පෙරද, 1856 නොවැම්බර් මාසයේ 21 දින, එම පුවත් පතේම මෙසේ පළ විය.

"A couple of days ago, some workers discovered in the basement of Sheriff Wickan's Vineyard in East Wheeling, Ohio, a human skeleton. Somewhat ruined, it was not difficult to identify him from the position of the bones, which seem not to have the length of the normal human body in its original position.

What impressed the sheriff and the workers were the size of the skeleton, equal to about eleven feet (three meters and thirty)! His jaw and teeth are almost as big as a horse's. "

සමීප තේරුම:- ඔහියෝ ප්‍රාන්තයේ, ‘නැඟෙනහිර වීලින් ප්‍රදේශයේ’ ඇති, ‘ෂෙරීෆ් වික්මන් මහතාගේ’ මිදි වත්තේදී මිනිස් ඇටසැකිල්ලක් සොයා ගන්නා ලදී. තරමක් කැඩී තිබුනද, මේ ඇටසැකිල්ල සාමාන්‍ය මිනිසෙක්ගේ ඇටසැකිල්ලකට වඩා වෙනස් විය.

ෂෙරීෆ් වික්මන් මහතා සහ ඔහුගේ සේවකයන් මේ දැක පුදුමයට පත්වුණේ, එහි ඇති විශාලත්වය හේතුවෙනි. එය අඩි 11ක් දිග විය. මේ ඇට සැකිල්ලේ හිස අශ්වයෙක් ගේ හිස තරම් විය.

තවත් අවුරුදු 12කට පසුව 1868 නත්තල් දිනයේ එම පුවත් පතේම, මෙහා සමාන තවත් පුවතක් පළවී තිබිණ. ජල විදුලි බල ආයතනයක් වූ ‘සෑන්ක් රැපිඩ් ආයතනය’, [Sank Rapd Power company] විදුලිය ලබා ගැනීම සඳහා, මිසිසිපි ගංගාව හරහා බැම්මක් ඉදි කිරීමට කැනීම් කරන අවස්ථාවකදී යෝධ ඇටසැකිල්ලක් සොයා ගන්නා ලදී.

ඇටසැකිල්ලේ ඇට කළු ගලෙන් තැනූ අඩි හයක් පමණ දිග, අඩි තුනක් පළල, මීටරයක් පමණ ගැඹුරු සොහොනක දමා තිබිණ. පොසිලකරණය මෙන් වී තිබුණු මේ ඇටසැකිල්ලේ හිසේ වට ප්‍රමාණය සෙන්ටි මීටර් 78ක් විය. එහෙත් එහි නළල හිසේ ප්‍රමාණයට වඩා ඉතා කුඩා මෙන්ම, එය පිටිපසට ඇදී තිබිණ.

මේ ආකාරයේ ප්‍රවෘත්ති පළවූයේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ පමණක් නොවීය. 1880 වසරේ අගෝස්තු 10 දින, ‘හැරිස්බර්ග් ටෙලිග්‍රාප්’ [Harrisburg Telegraph] යන පුවත් පතේ ඇට්ලී යන විනිශ්චකාර තුමා විසින් දැනුම් දෙන ලද පුවතක් පළවිය. එය මෙසේ විය.

... “මැකීන් මහතා [chief prosecutor McKean], බර්ඩ් මහතා, විනිසකරු බ්‍රයන් මහතා වැනි සම්භාව්‍ය අමුත්තන් සමඟ අප නීස් මහතා ගේ ඉඩමට පැමිණියෙමු. වසර දෙකකට පමණ පෙර එහිදී සොයාගත් ඇට සැකිලි දෙකක් අප දුටුවෙමු. ඒවා මීටර් 3 කුත් සෙන්ටි මීටර් 30ක් දික් විය” ...

මෙසේම මේ ආකාරයේ පුවත් 1893 වසරේ ‘සන් පුවත් පතේ’ද [Sun] , 1913 vasare ‘නිව් මැගසින් පුවත් පතේද [New Magazine], 1932 වසරේ ‘පොපුලර් සයන්ස් සඟරාවේද [Popular Science] , 1942 වසරේ දී ‘ඇන්ටෝනියෝ එක්ස්ප්රස්’ [Antonio Express] පළ විය.

මෙහි ඇති දැවැන්ත පාද සටහන බලන්න. මෙය සොයා ගෙන ඇත්තේ ටෙක්සාස් හී ‘ග්ලෙන් රෝස්’ යන ස්ථානයේ ‘පලුක්සි ගඟ’ අසබදවය.

එය හුදෙක් ස්වභාවයෙන් තැනුනේ නැතිනම්, පුදුමාකාර විශාල මිනිසෙක්ගේ පාදයක සටහනකි. එය අඟල් 14ක් දිගය. අඟල් 7ක් පළලය. විද්‍යාඥයන් Paleontologists කියන්නේ එය ගැහැණියකගේ පාදයක් කියාය. අය අඩුම තරමින් අඩි 10ක් උස රාත්තල් 1000 ක් බරැති ගැහැණියක් විය යුතුය. සාමාන්‍ය ඇමරිකානු ගැහැණියකගේ පාදයේ ප්‍රමාණය අඟල් 8.5 කි.

-අනුග්‍රහය:- Mt. Blanco Museum, Crosbyton TX.

අන්තර්ජාලය ලොවට එන්නට පෙර, ‘ජේම්ස් වියෙරා’ [James Viera] යන ස්වාධීන පරීක්ෂකයා අවුරුදු 20ක් පමණ ඉතා මහන්සි වී මේ ආකාරයේ බොහෝ ඇට කැබලි සහ සාක්ෂි සොයා ගත් බව කියැවේ. එසේ සොයාගත් මීටර් 2ක් සහ සෙන්ටි මීටර් 80 ක් උස ඇට සැකිල්ලක්, ‘ස්මිත්සෝනියන් ආයතනයෙන්’ පවුම් 500කට මිළදී ගත්තේය. එහෙත් එතනින් එහාට එයට කුමක් සිදු වීදැයි අද වනතුරු කිසි කෙනෙක් දන්නේ නැත.

මේ ක්‍රියාව පුරා විද්‍යා ලෝකයේ බොහෝ ගැටලු ඇති කරවන්නක් විය. ‘ජේම්ස් වියේරා’ පවසන අයුරෙන් නම්, එයට හේතුව වූයේ ලෝකයේ මුල් බැසගත් මානව ශිෂ්ටාචාරය සම්බන්ද සිද්ධාන්තය වන, ‘සරල ජීවින්ගෙන්, ඉහළ ජීවීන්ට වෙනස් වීම’ හෙවත් ‘ඩාවින්ගේ පරිණාමවාදය’ ට එයින් මරු පහරක් වැදීමය.

එනම් ඩාවින්ගේ පිළිගත් පරිණාම වාදය නම්වූ මාවතට මේ ඇටසැකිලි වලින් ලැබෙන සාක්ෂි කිසි සේත්ම ගැලපී නොයාමය. විද්‍යාවේ වුවද අඳුරු කාල පරිච්ෙඡ්ද ඇත්තේ, විද්‍යාඥයන් නොවන පුද්ගලයන් මගින් එහි විශ්වාසය හා පදනම් වූ ආගමික මතිමතාන්තර මෙන් සංකල්ප ඇති කලාක් මෙනි. මේවා සමාන වන්නේ කිතුණු පල්ලියේ ඉගැන්වීම් වලට විරුද්ධව ගිය විද්‍යාඥයෙක් වූ ‘බෘනෝ’ පුලුස්සා ඝාතනය කිරීම වැනි සිදුවීම් වලටය.

පරිණාම වාදයෙන් ගතහැකි එක් උදාහරණයක් වන්නේ, ඩාවින් කියන ආකාරයට යම් යම් ඉන්ද්‍රීන් ගේ ක්ෂය වීමය. උදාහරණයක් සේ අපගේ ‘උණ්ඩුක පුච්චය’ ගත හැක. එහෙත් මේ අදහස සැමටම එකඟ විය නොහැකි අදහසක් වන්නේ, එයින් මිනිස් සිරුරේ සමහර අවස්ථාවන් පැහැදිළි කල නොහැකිය යන්න සමහර විද්‍යාඥයන් පවසන බැවිණි.

තවත් අදහසක් වන්නේ, මේ ඇටසැකිලි හිමිකරුවන් පිට සක්වළ වාසීන් යන්නය. ඒ අදහස ඒබ්‍රහමික ආගම් වලට මරු පහරක් වීම, මේ විස්තර සැඟවීමට තවත් හේතුවක් විය.

මිනිසුන්ගේ තර්කය සහ විචාරාත්මක බුද්ධිය, අන්ධ විශ්වාසය අභිබවා යන කිසියම් දිනෙක මේ ඇටසැකිලි වල යතාර්ථය දැන ගැනීමට හැකි වේවායි පතමු.

 

Comments