
සඳු ග්‍රහයා උත්පත්තියේ දී බලවත් වෙමින් උපදින්නා වූ ස්ත්‍රිය පැහැපත් ස්වේත වර්ණ සිරුරකින් යුත් මනා දේහ සම්පත්තියකින් පෙහොසත්ය. ලග්න භාවයේ සඳු උච්ච වෙමින් උත්පත්තිය ලබා ශුභ ග්‍රහ දෘෂ්ටියෙන් යුක්ත නම් ඇය රූපයෙන් අගතැන්පත් දුටුවන් වශී කරවන්නියකි. රූපයෙන් ලස්සන වන්නටත් අවලස්සන වන්නටත් පෙර ආත්ම භවයන්හි කළ කුසල් අකුසල බලපාන බව පිළිගන්නේද?
ඔබ යම් මොහොතක කිසියම් ගමනක් යන විට හෝ වෙනත් අවස්ථාවකදී හෝ යම් ස්ත්‍රියක දුටු විට එම කාන්තාව දෙස නැවත නැවත හැරී බලන්නට සිතුණු අවස්ථා අනන්තවත් ඇත. ඇගේ රුවට යම් ආකර්ෂණයක් ඇති වීම නිසයි එසේ දකින්නට අප පෙලඹෙනුයේ.තම ආදරවන්තිය සමඟ යම් උත්සවයකට ,විනෝද චාරිකාවකට නැතිනම් වෙනත් ගමනක් ගිය අවස්ථාවක ලස්සන යුවතියක් දෙස නිරායාසයෙන් දෙනෙත දිව යාම නිසා ආදරවන්තිය කොතෙකුත් අවලාද නඟා ඇතුවාට සැක නැත.බිරියට ,ආදරවන්තියට වඩා ඇය ලස්සනයි කියා සිතුණා නොවේද? නමුත් අනෙක් සියලු ස්ත්‍රීන්ට වඩා තම ආදරවන්තිය ලස්සනයි කියා එවැනි කතක් තම ආදරවන්තිය වන්න යැයි ප්‍රාර්ථනා කරන්නෝද නැතුවා නොවේ.මෙලොව උපදින අය රූපයෙන් ලස්සන වන්නටත් අවලක්ෂණ වන්නටත් පෙර ආත්ම භවයන්හි කුසල් අකුසල් බලපාන බව පිළිගන්නේද?
රූපයෙන් අගතැන්පත් නාරි ලාලිත්‍යයෙන් හෙබි ස්ත්‍රියක් බිහිවීමට මුල් වන්නා වූ ග්‍රහ යෙදුම් කිහිපයක් විමසා බලමු.
ස්ත්‍රී ජන්ම පත්‍රයෙහි ලග්නයත්, ලග්නාධිපති වූ ග්‍රහයාගේ තැන්පත් වීමත්, ග්‍රහයින් සමඟ යෝග වී සිටීමත්, ලග්නාධිපතිගේ ග්‍රහ බල තත්ත්වයත්, ලග්න භාවයට එල්ලවන්නා වූ අනෙකුත් ග්‍රහ දෘෂ්ටි පිළිබඳවත්, අවධානය යොමු කිරීමෙන් ශරීර ස්වභාවය පිළිබඳ නිගමනය කළ හැකිය.සිතට අධිපති වන සඳු ග්‍රහයා ජන්ම පත්‍රයේ තැන්පත් වී ඇති ආකාරය අනුව ද රූපය පිළිබඳ අවබෝධ කර ගත හැකි වේ.
සඳු ග්‍රහයා උත්පත්තියේ දී බලවත් වෙමින් උපදින්නා වූ ස්ත්‍රිය පැහැපත් ස්වේත වර්ණ සිරුරකින් යුත් මනා දේහ සම්පත්තියකින් හෙබි කාන්තාවකි.දුටු ගමන් නැවතත් බලන්නට ප්‍රියතාවයක් ඇතිවේ.
අඟහරු ග්‍රහයා බලවත්ව උත්පත්තිය ලබන්නා වූ තැනැත්තිය ශරීර ශක්තියෙන් යුක්තය. සුදු පැහැයටත් රත් පැහැයටත් හුරු වූ කාන්තිමත් සිරුරකට හිමිකම් කියයි.ලා රෝස පැහැයට හුරු නෙත් සඟලක් හිමි වේ.පිරිපුන් නාරි දේහයකින් යුක්ත ප්‍රිය මනාප ස්ත්‍රියකම වේ.
සෞම්‍ය ග්‍රහයකු සත්වැනි භාවයෙහි තැන්පත්වීම හෝ සත්වැනි භාවයට දෘෂ්ටි හෙළීම සහිතව ස්ත්‍රියක් උත්පත්තිය ලබයි නම් ඇය තම සැමියාට ප්‍රිය වාසනාව ගෙන දෙන යහපත් භාර්යාවක් වේ.
බ්‍රහස්පති ග්‍රහයාත් සිකුරු ගුහයාත් බුධ ග්‍රහයාත් පාප දෘෂ්ටි වලින් තොර වෙමින් ජන්ම ලග්නයට කේන්ද්‍ර ගත වෙමින් තැන්පත් වුවොත් පුර පක්ෂයේ සඳ ද කේන්ද්‍රගත වෙමින් තැන්පත්ව සිටී නම් සැප විඳීමටම උපන් මාල යෝගය සහිතව උත්පත්තිය ලද රුවැත්තියක් වන්නේය.
වෘෂභ ලග්නයෙන් උපතලබා සිකුරු ස්වක්ෂේත්‍ර බලයෙන් යුක්තව ලග්න ගතව තැන්පත් වී සියලු සුබ ග්‍රහ දෘෂ්ටිවලින් යුතු නම් ඇය මධ්‍යම ශරීරයකට උරුමකම් කියන යහපත් වූ වටකුරු මුහුණකින් යුතු තැනැත්තියකි.ලග්න භාවයේ සඳු උච්ච වෙමින් උත්පත්තිය ලබා ශුභ ග්‍රහ දෘෂ්ටියෙන් යුක්ත නම් රූපයෙන් අගතැන්පත් දුටුවන් වශී කරවන්නියකි.
නව වැන්න අධිපති ග්‍රහයා උච්ච භාවයෙන් හෝ ස්වක්ෂේත්‍ර බලයෙන් සිටී නම් එසේ බලවත් නව වැන්නාධිපති ග්‍රහයා නව වැන්නේ හෝ කේන්ද්‍ර ගත වෙමින් හෝ තැන්පත්ව සිටිත් දී ලග්නාධිපති ග්‍රහයා බලපත්ව උත්පත්තිය ලද ස්ත්‍රිය පියකරු රූපශ්‍රීයෙන් පිරි කතකි.ඇය භාර්යාව කර ගන්නා පුරුෂයාට නිධානයක් ලැබුණා හා සමානය,ලග්නාධිපති වූ ග්‍රහයා නව වැන්නාධිපති ග්‍රහයා හා යෝග වී උපත ලැබුවේ ද ඉහත ග්‍රහ යෙදුම හා සමාන ස්ත්‍රියක් ම ජන්මය ලබයි.
වෘෂ්චික ලග්නයට අධිපති වූ අඟහරු ලග්න ගතව තැන්පත්ව උත්පත්තිය ලැබුවේ නම් රහස් කටයුතු වලට දක්ෂ ය. සත්වැන්න සිකුරු තැන්පත්ව ස්වක්ෂේත්‍ර බලයෙන් සිටීම හෝ ධනු රාශිය වූ දෙවැනි භාවයෙහි සඳු ග්‍රහයා හෝ බ්‍රහස්පති ග්‍රහයා තැන්පත් වෙමින් උත්පත්තිය ලබන ස්ත්‍රිය අන් අය වසඟයට පත් කරවන නාරි දේහයකින් යුතුය.
මීන ලග්නය හිමිව උපන් ස්ත්‍රියගේ දෙවැන්න පාප ග්‍රහ බලයෙන් තොර ව සඳු හෝ බ්‍රහස්පති ග්‍රහයා තැන්පත් නම් රූප ශ්‍රීයෙන් ප්‍රියමනාප ගතියෙන් යුතු වෙයි.කටක ලග්නය ලබා තමාට ස්වක්ෂේත්‍ර බලයෙන් යුතු වූ සඳු ග්‍රහයා ලග්න ගතව තැන්වත්වී ද ඇයට චන්ද්‍රයා මෙන් දීප්තිමත් සමක් හිමිය.පියකරු මුහුණක් ඇති වන්නේය.මිථුන ලග්නයෙන් සඳු ස්වක්ෂේත්‍ර බලයෙන් නැතහෝත් බ්‍රහස්පති උච්ච බලයෙන් සිට පාප ග්‍රහ දෘෂ්ටි තොරවී ද එසේ උපන්නිය අන් අයට ප්‍රිය මනාප යුවතියකි.
මකර ලග්නයෙන් අඟහරු ග්‍රහයා උච්චව ලග්න භාවයෙහි තැන්පත්ව උත්පත්තිය ලබන තැනැත්තිය නිර්භය ගතියෙන් යුතු රූපයෙන් හෙබි තැනැත්තියකි.අඟහරු හා රවි ලග්න ගතව බලවත්ව තැන්පත්ව සෙනසුරු ග්‍රහයා ස්වක්ෂේත්‍රව සිටී ද එසේ උපන් යුවතිය පෙර ආත්ම භවයේ දී කළ කුසල කර්ම බලයෙන් තම රූපය වෙනස් නොවී වයසට ගියත් තරුණ පෙනුමෙන් වයස නොපෙනෙන යුවතියක ලෙස සිටී.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී